ජිමීට කොදෙව් ක්‍රිකට්‌ ලොකු පුටුවක්‌

බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රිකට්‌ නායකයකු වන 49 හැවිරිදි ජිමී ඇඩම්ස්‌ එරට ක්‍රිකට්‌ අධ්‍යක්‍ෂවරයා ලෙස පත්කර තිබේ. අදාළ පත්වීම වසර තුනක කාලයක්‌ බවට කොදෙව් ක්‍රිකට්‌ ආයතනය නිවේදනය කර සිටියි.

එංගලන්තයේ කෙන්ට්‌ ප්‍රාන්තයේ පුහුණුකරුවා ලෙසද සේවය කළ ජිමී ඇඩම්ස්‌ ටෙස්‌ට්‌ තරග 54 කදී ශතක හයක්‌ සහ අර්ධ ශතක 14 ක්‌ සමග මුලු ලකුණු 3012 ක්‌ ලබා තිබේ. පන්දු යෑවීමෙන් කඩුලු 27 ක්‌ දවාගෙන ඇත. මීට අමතරව ඔහු එක්‌දින තරග 127 කදී ලකුණු 2204 ක්‌ සහ කඩුලු 43ක්‌ ලබා තිබේ.

''කෙලින්ම මට මේ තනතුර ලබාදුන්න එක ගැන මම පුදුම වුණා. මම බලාපොරොත්තුවෙනවා කොදෙව් ක්‍රිකට්‌ ඉදිරියට ගෙනියන්න කැමැති හැමෝමත් එක්‌ක එකට එකතුවෙලා වැඩ කරන්න.'' යනුවෙන් ජිමී ඇඩම්ස්‌ සිය පත්වීම පිළිබඳව පවසා තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.