රුසියාවේ ජාත්‍යන්තර ක්‍රීඩාවට
රටවල් 19 කින් රතු එළියක්‌

වාර්තාව සැපයූ රිචඩ් මැක්‌ලෙගන්

පසුගිය වසර පහ ඇතුළත රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහසකට අධික සංඛ්‍යාවක්‌ තහනම් උත්තේජක භාවිතා කර ඇති බවට වාඩා ආයතනයේ තහනම් උත්තේජක පිළිබඳ මහාචාර්යවරයකු වන රිචඩ් මැක්‌ලෙගන් සැපයූ වාර්තාවකින් පවසා තිබේ.

ඒ අනුව රටවල් 19 ක ජාතික මත්ද්‍රව්‍ය නිවාරණය කමිටු නායකයන් පවසන්නේ රුසියාවේ ජාත්‍යන්තර ක්‍රීඩාව තහනම් කළ යුතු බවයි.

2012 ලන්ඩන් ඔලිම්පික්‌ උළෙලට සහභාගි වූ රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනකුගෙන් 10 දෙනකු තහනම් උත්තේජක සංඝඨක ගත් බවටද අනාවරණය වූ බව සඳහන් වේ. ලන්ඩන් ඔලිම්පික්‌ උළෙලේදී රුසියාව විසින් පදක්‌කම් 72 ක්‌ දිනා ගත් අතර ඊට රන් පදක්‌කම් 22 ක්‌ද ඇතුළත්ව තිබුණි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.