මහ කන්දක්‌ මෙන් අසීරුවෙන් තරණය කළ
මගේ ජීවන ගමන වෙනස්‌ කළේ
'මොබිටෙල්'
- මොබිටෙල් කෑෂ් බොනැන්සා මොන්ටෙරෝ ජයග්‍රාහක විජිත් රුද්‍රිගු

* අවුරුදු 30ක්‌ පුෂ් සයිකලයක්‌ පැදපු මට
  'මොබිටෙල්' නිසා මොන්ටෙරෝ එකක්‌ ලැබුණා
* බිරිඳ ඉන්නේ රට; කතා කරලා කිව්වා,
   අපි දුක්‌ විඳපු කාලය ඉවරයි කියලා



වරෙක ඔහුගේ හඬ හැඟුම්බරය. තවත් වරෙක උතුරා යන ප්‍රිතියක්‌ ඒ කටහඬෙහි විය. ඔහු නමින් විජිත් රුද්‍රිගුය. පදිංචිය පයාගල ගබඩාගොඩ වත්තේය. වෘත්තීයෙන් පුද්ගලික ආයතනයක ආරක්‍ෂක නිලධාරීයෙකු වන විජිත් හට "විජිතයක්‌ දිග්විජය කළ" මිනිසෙකු ලබන තරමේ සුභාරංචියක්‌ ලැබෙන්නේ ඔහු වාද්දුව සම්පත් බැංකු ශාඛාවේ දෛනික ආරක්‍ෂක රාජකාරියේ යෙදී සිටින අතරතුරය.

මෙය මුල මැද අග නිවැරදිව පවසා සිටිය යුතු වාසනාවන්ත කථාවක්‌ බැවින් ඔහුගේ කටහඬට පළමු තැන දිය යුතුය. ඊට පෙර නිමේෂයක්‌ තුළ ඔහු කෝටිපතියෙක්‌ බවට පත් කළ කථාවේ " නිමිත්ත" ප්‍රකාශ කළ යුතුය. විජිත් ඇතුළු සිව්දෙනෙකු ගෙන් යුත් පවුලක ජීවිත ප්‍රාර්ථනාවන් එක්‌ නිමේෂයක්‌ තුළ සැබෑවන්නේ මොබිටෙල් කෑෂ් බොනැන්සා මොන්ටේරෝ වාසි දිනම් ඇදීම තුළින්ය. නොසිතූ නොපැතූ මොහොතක උදා වූ අමිල නිධානයක්‌ බඳු මොබිටෙල් කෑෂ් බොනැන්සා මොන්ටේරෝ ජයග්‍රහණය පිළිබඳවත් එම ජයග්‍රාහී මොහොත විජිත් ඇතුළු පවුලේ සැම විසින් විඳදරාගත් ආකාරයත් පිළිබඳ ලියා තැබීම පිණිස ඉකුත් දිනක අප විජිත්ගේ කැදැල්ලට ගොඩ වූ අතර එහි උතුරා යන තරමේ සතුටක්‌ පිරි තිබෙන අයුරු අපට දැකගත හැකි විය.

"එදා දවල් 1.30 විතර ඇති මගේ ජංගම දුරකථනයට ඇමතුමක්‌ ආව. කවුද කෙනෙක්‌ කථා කරල ඇහුවා මගේ විස්‌තර දැනගන්න පුළුවන් ද කියලා. මම මගේ තොරතුරු ඒ මහත්තයට කිව්වා. ඊට පස්‌සේ එයා ඒවා තහවුරු කර ගත්තා. ඊටත් පස්‌සේ තමයි මට කිව්වේ " මේ කථා කරන්නේ මොබිටෙල් ප්‍රධාන කාර්යාලයෙන් මොබිටෙල් කෑෂ් බොනැන්සා තරගයෙන් ඔබ ජයග්‍රාහකයෙක්‌ බවට පත්වෙලා කියලා. එහෙම කියල ඒ මහත්තය මට වෙනත් දුරකථන අංකයක්‌ දීල කිව්ව ඒ අංකයට කථා කරල වැඩි විස්‌තර දැන ගන්න කියලා."

එම දුරකථන ඇමතුම විජිත් රුද්‍රිගුගේ ජීවිත ඉරණම වෙනස්‌ කළ දුරකථන ඇමතුම වී ඇත. මොබිටෙල් ආයතනය විසින් ඔහුට ලබා දුන් දුරකථන අංකයට පෙරළා ඇමතුමක්‌ ගන්නා විජිත් හට මොබිටෙල් ආයතනය විසින් නැවත ප්‍රකාශ කර ඇත්තේ තමන් මොබිටෙල් කෑෂ් බොනැන්සා ජයග්‍රාහකයෙකු වී ඇති බවත් ඒ පිළිබඳ වැඩි විස්‌තර දැන ගැනීම පිණිස ප්‍රධාන කාර්යාලයට පැමිණෙන ලෙසත්ය.

මම මොබිටෙල් ආයතනයට ඇමතුම ගත්තට පස්‌සෙ ඇත්තටම මම තහවුරු කර ගත්ත මම ජයග්‍රාහකයෙක්‌ වෙලා ඉවරයි කියල. ඒ මොහොත මට වචනවලට නගන්න බැහැ. මහත්තයා කොටින්ම හුස්‌ම වැටුණේ නෑ. කථා කරගන්න බැරිව ගියා. මට දැනෙන්න ගත්තා මහා කන්දක්‌වගේ අසීරුවෙන් තරණය කළ ජීවිත ගමන තැනිතලාවකට ලංවුණා කියලා. ඔව්. මොබිටෙල් කියන්නේ මට මගේ බිරිඳට මගේ දරුවො තුන් දෙනාට නැවත වතාවක්‌ ජීවිතය දුන්න ආයතනය. ඒ උපකාරය ගැන කියන්න මගේ ළග වචන නෑ මහත්තයා.

"ඒ ආරංචියෙන් පස්‌සෙ මම මුලින්ම මගේ බිරිඳට දුරකථනයෙන් කථා කරල කිව්ව අපි දුක්‌ විඳපු කාලය ඉවරයි. අපි දිහා දෙයියෝ බැලුව මම මොබිටෙල් කෑෂ් බොනැස්‌සා ජයග්‍රාහකයෙක්‌ වෙලා කියලා. මගේ බිරිඳ මේ පාර මැද පෙරදිග ගෘහ සේවයට ගියේ තුන් වැනි වතාවට. එයාට තුන්වැනි වතාවටත් මේ දරුවො තුන් දෙනාව මගේ ළඟදාල මැද පෙරදිග යන්න සිද්ධ වෙන්නේ අපේ දුප්පත්කම හින්ද ගෙදර තිබුණ නැති බැරිකම් හින්ද මේ පාර බිරිඳ සෞදි අරාබියෙ ගෘහ සේවයට ගියේ හීන කන්දරාවක්‌ සැබෑ කරගන්න නෙවෙයි. අඩක්‌ වැඩ නිම කරල තියෙන ගේ කෑල්ල හදාගන්න. පොඩියට හරි කුස්‌සියක්‌ හදාගන්න, ඔන්න ඕව තමයි අපිට තිබුණ හීන. මොබිටෙල් ආයතනය හරහා එක නිමේෂයකින් ඒ හීන හැබෑවීම මේ දරුවන්ගේ වාසනාව දරුවන්ගේ අම්ම පුරුදු උණුසුමත් අරන් හෙට අනිද්දා දරුවො ළඟට එනව මහත්තය"

විජිත් එදින සවස රාජකාරිය හමාර කොට නිවසට පැමිණ ඇත්තේ රටක්‌ රාඡ්ජයක්‌ දිනු මිනිසෙක්‌ ලෙසය. දහවලක දුටු සිහිනයක්‌ සේ තමන්ට අසන්න ලැබුණ පුවත පිළිබඳව යළි යළිත් මෙනෙහි කරමින් ගත කල එම රැය විජිත් හට නෙතට නිදිමත ගෙන නොදුන් රාත්‍රියක්‌ වී ඇත. පසුදාට පහන් වන්නේ එවැනි වටපිටාවක්‌ තුළය.

පහුවෙනිද මම තනියම මොබිටෙල් ප්‍රධාන කාර්යාලයට යනවා. කොල්ලුපිටියෙන් බැහැල ත්‍රිවිල් එකක තමයි ඉතිරි ටික ගියේ. එතනදී ඒ නිලධාරීන් මාව ගොඩක්‌ හොඳින් පිළිගත්තා. ඊට පස්‌සෙ මගේ විස්‌තර ඇහුව රස්‌සාව මොකක්‌ද පවුලේ කී දෙනෙක්‌ ඉන්නවද ආදිය විස්‌තර අහලා අන්තිමට මගේ අනන්‍යතාවය නැවතත් තහවුරු කර ගත්තා. ඊට පස්‌සෙ තමයි ඒ මහත්වරු මට කිව්වෙ මොබිටෙල් කෑෂ් බොනැන්සා තරගයේ ජුලි මාසෙ මොන්ටේරෝ මෝටර් රථය දිනාගෙන තියෙන්නෙ මම කියලා. මාව ගැහෙන්න ගත්ත මට මොකුත් කථා කරගන්න බැරි වුණා.

එම පුවත විජිත් රුද්‍රිගුගේ ජීවිතයේ අසන්නට ලැබුණ වාසනාවන්තම පුවත වී ඇත. ඔහුගේ කථාවට මදක්‌ බාධා කරමින් මා විසින් ඔබ මොබිටෙල් සිම්පතක්‌ පාවිච්චි කරන්නේ විශේෂිත වූ කරුණක්‌ නිසා දැයි ඔහුගෙන් විමසීය.

"මම මොබිටෙල් පාවිච්චි කරන්නෙ දැනට අවුරුදු 10 කට එපිට කාලයක ඉඳලා. විශේෂයෙන් මැද පෙරදිග ඉන්න මගේ බිරිඳගෙ දුක සැප විමසන්න මම දවසකට තුන් පාරක්‌ එයාට කථා කරනවා. හැම දවසකම වගේ රී ලෝඩ් දානව. අන්තිමට මට ඒ හරහා වාසනාව උදාවෙනවා."

ජීවිතයකට කොතැන කුමන මොහොතක වාසනාව උදෑවේ දැයි කලින් කිව නොහැකිය. එය බලාපොරොත්තු නොවුන මොහොතක අනෙපේක්‍ෂිතව උදාවන්නක්‌ වන අතර ඒ සඳහා ඕනෑම කෙනෙකු තුළ වාසනාගුණයක්‌ද පැවතිය යුතුය. විජිත් රුද්‍රිගු හට උදා වූ මොබිටෙල් වාසනාව මේ වන විටත් ඔහු විසින් නිසියාකාරව යොදාගෙන ඇති ආකාරය ඔහුගේ නිවස වෙත ගිය අපට ඇස්‌ පනා පිට දැකගත හැකි විය. නිවස තුළ පමණක්‌ නොව වටපිටාවේ පවා පැවතියේ ඔවුන්ගේ නිවස වෙත නුදුරේ දිනක සිට සිරිලිය පැමිණි ඇති බවක්‌ය. ඔහු විසින් ජයග්‍රහණය කළ සුපිරි මොන්ටේරෝ ජීප් රථය පෙනෙන්නට නොමැති බැවින් ඔහුගෙන් ඒ පිළිබඳ විමසීමක්‌ කිරීමට සිත්විය.

" මම අවුරුදු 30 ක්‌ පුස්‌ බයිසිකලයක්‌ පැද්ද මිනිහෙක්‌ විදිහට මටත් ලොකු ආසාවක්‌ තියෙනවා මොන්ටෙරෝ ජීප් රථයක්‌ පැදගෙන යන්න. ඒත් ඊට ඉස්‌සර විසඳගන්න ඕන හින්ද ඒක මුදල් බවට පත් කර ගත්තා. හැබැයි එක සතයක්‌වත් මම නාස්‌ති කළේ නැහැ.

මුලින්ම දරුවො තුන් දෙනා වෙනුවෙන් මුදලක්‌ වෙන්කළා. ඊට පස්‌සෙ අපිට සරිලන මට්‌ටමින් ගේ දොර හදාගත්තා. මොකක්‌ හරි බිස්‌නස්‌ එකක්‌ කරන්න කියල හිතාගෙන මේ වෙද්දි මම වෑන් එකකුත් අරගෙන තියෙනවා. ඊට අමතරව කොන්ත්‍රාත් කාලයට කලින් මගේ බිරිඳව ගෙන්ව ගන්න ඕන හින්ද ඒ සඳහා මේ වෙද්දි කටයුතු කරමින් ඉන්නවා. එයා ලංකාවට ආවට පස්‌සෙ අපේ ජීවිත ආයෙමත් සම්පූර්ණ වෙනවා. ඊට පස්‌සෙ අපි හොඳ දෙයක්‌ තෝරගෙන ව්‍යාපාරයක්‌ කරගෙන සතුටින් ජීවත් වෙනවා. ඒ සතුට අපිට ළඟා කරල දුන්න මොබිටෙල් ආයතනයට අපි සදාකල් ණයගැතියි කියල නැවත වතාවක්‌ කියනවා. මම මොබිටෙල් කෑෂ් බොනැන්සා ජයග්‍රාහකයා වුණා කියල මගේ ගමේ අය ප්‍රදේශයේ අය මොබිටෙල් පාවිච්චිය වැඩි කරල තියෙනවා. ඒ කියන්නෙ පාරිභෝගිකයන් අතර දැන් ලොකු විශ්වාසයක්‌ තියෙනවා තමන්ටත් කොයි වෙලාවක හරි මොබිටෙල් වෙතින් වාසනාව උදා වෙයි කියලා.

මොබිටෙල් කෑෂ් බොනැන්සා මොන්ටේරෝ මෝටර් රථයේ ඉකුත් ජුලි මස ජයග්‍රාහකයා බවට පත් වෙමින් තමන් ලත් ජයග්‍රහණය පිළිබඳ පිළිවෙළට කරුණු පවසමින් සිටි විජිත් රුද්‍රිගු අතට තම ජයග්‍රාහී මෝටර් රථය පත් වූ ආකාරය පිළිබඳ අප විසින් අවසන් වශයෙන් විමසා සිටි අතර ඒ සඳහා ඔහු සතුව තෘප්තිමත් පිළිතුරක්‌ද විය.

මට මෝටර් රථය ප්‍රදානය කළේ කුලියාපිටියේදී. එදා අපි තිස්‌දෙනෙක්‌ විතර පයාගලින් පිටත් වෙලා කුලියාපිටියට යනවා. දිනය හරියටම කිව්වොත් ගිය අවුරුද්දෙ සැප්තැම්බර් 03 වැනිදා. මට මෝටර් රථය ප්‍රදානය කළේ මොබිටෙල් ආයතනයේ නලින් පෙරේරා මහත්තයා. සංගීත ප්‍රසංගය පැවැත්වෙන අතරතුර තමයි මට තෑග්ග දෙන්නෙ. එදා මට කථා කරගන්න බැරුව යනවා. මහා සෙනඟක්‌ මැද්දෙ මාව වේදිකාවට ගත්තට පස්‌සෙ මාව ගැහෙන්න ගත්තා. ඒක පුදුම සිදුවීමක්‌ මෙතනදී මතක්‌ කළ යුතු තවත් දෙයක්‌ තියෙනවා. ඒ තමයි එදා අපි කුලියාපිටියට ගිය වෙලාවේ මොබිටෙල් ආයතනයේ නිලධාරීන් පිරිස දැක්‌ වූ කාරුණික බාවය. ඇත්තටම ඒක පුදුම සහගතයි. මගෙත් එක්‌ක ගිය හැමෝටම හොඳින් සැලකුව ඉන්න හිටින්න තැන් දීල කෑම බීම දිල අපි හැමෝටම ඉඳගන්න ආසන පවා වෙන් කරල තිබුණා. මොබිටෙල් ආයතනයේ ඉහළම නිලධාරීන්ගේ ඉඳල සියලුම දෙනා දැක්‌ වූ ආගන්තුක සත්කාරය අති විශිෂ්ටයි. ඒක මේ වෙලාවෙ මතක්‌ කරන්නම ඕන කාරණයක්‌.

මේ වන විට 47 හැවිරිදි විජිත් රුද්‍රිගුට ජීවිතය පිළිබඳ මහ බරක්‌ දැනෙන්නෙ නැත. එයට හේතුව වී ඇත්තේ මොබිටෙල් ආයතනය විසින් ඔහු ඇතුළු පවුලේ අනෙකුත් සාමාජික යන්ගේත් ජීවිත දිශාන්තිය වෙනස්‌ කිරීම හේතුවෙන්ය. වසර 15 ක්‌ පුරා පෞද්ගලික ආරක්‍ෂක අංශයක සේවය කරමින් ජීවිතය රක්‍ෂා කළ කළුතර පයාගල පදිංචි විජිත් රුද්‍රිගු අප ඔහුගෙන් සමුගන්න මොහොතකට පෙර ප්‍රකාශකර සිටියේ "මගේ ජීවිතය වුණේ මොබිටෙල් " යනුවෙන්ය.

සටහන-රුවන් ජයවර්ධන
ඡායාරූප - නිශාන් එස්‌. ප්‍රියන්ත

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.