2017 පෙබරවාරි 17 සිකුරාදා

 

   
   Divaina Editor
   Webmaster
   

ශේ්‍රෂ්ඨාධිකරණයට ඇපෑලක්‌ ගොනු කරනවාද නැද්ද
සයිටම් ගැන වෛද්‍ය සභාවේ තීරණය අද

මෙම තීරණාත්මක සාකච්ඡාව අද සවස පැවැත්වේ. ඇපෑලක්‌ ඉදිරිපත් කළ යුතුය යන්න තම පෞද්ගලික මතය යෑයි මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෙµdන්සේකා මහතා පැවසීය.

රතන හිමි මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්‌විය යුතුයි
- ඇමැති පාඨලී කියයි

අතුරලියේ රතන හිමියන්ට ස්‌වාධීන මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමට අයිතියක්‌ නැති බවත්, එහෙයින් උන්වහන්සේ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්‌විය යුතු බවත්....


සයිටම් ගැන තනි
තීරණයක්‌ දීමට බැහ

- ජනපති ශිෂ්‍ය සංගම් නියෝජිතයන්ට දන්වයි

උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලින් වැළකෙන ලෙස ජනාධිපති වරයා ඉල්ලීම් කළ ද සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන තෙක්‌ උද්ඝෝෂණ නතර නොකරන බව ශිෂ්‍ය බලමණ්‌ඩලයේ කැඳවුම්කරු  පැවසීය.

තමිල්නාඩු මහඇමැති ධුරය පලනිසාමිට

ශෂිකලා විසින් අන්නා ඩී. එම්. කේ. පක්‍ෂයේ නව නායකයා ලෙස පලනිසාමි පත්කර තිබුණි. මෙතෙක්‌ පක්‍ෂ නායකයාව සිටි පන්නීර් සෙල්වම් එම ධුරයෙන් නෙරපීමට ශෂිකලා ක්‍රියා කළේ ඇය සිරගත කිරීමට පෙරය.

තාජුඩීන් ඝාතනය;
පො.ප. සුමිත්ට මාස 10 කට පසු දැඩි කොන්දේසි ඇප

ඇප ලබාගැනීමෙන් පසුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණ කටයුතු වලට කුමන ආකාරයකින් හෝ බාධා නොකරන ලෙසත් එලෙස බාධා කළ බවට......

බිලියන ගණනක අක්‍රමිකතාවක්‌ සිදුවූවැයි හිටපු ඇමැති දිනේෂ් හා ජල මණ්‌ඩල නිලධාරීන් පිරිසක්‌ ගැන විමර්ශන

හිටපු ඇමැතිවරයා ගෙන් සහ ජල සම්පාදන අමාත්‍යංශයේ හිටපු උසස්‌ නිලධාරීන් පිරිසකගෙන් ළඟදීම ප්‍රශ්න කිරීමට නියමිත බව ජනාධිපති කොමිසමේ ආරංචිමාර්ග පැවසීය.

2016 වසරේදී මාරක රිය අනතුරු තිස්‌නවදහසක්‌
වෛද්‍ය සිසිර කෝදාගොඩ

එම වසරේ මාරක රිය අනතුරිවලින් පුද්ගලයන් 2961 දෙනකු මරුමුවට පත් වී ඇති බවත්, යතුරුපැදි හේතුවෙන් සිදු වූ මාරක රිය අනතුරු ප්‍රමාණය 1172 ක්‌ බවත්, එයින් 1219 දෙනකු මියගොස්‌ ඇති බව.......

'ඇමැතිධුර
අවභාවිත කරනවා'

රාජිත, කිරිඇල්ල, එස්‌. බී. ගැන වෛද්‍ය සංගමය
ජගත් පාර්ලිමේන්තු
සංගමයට දන්වයි


නිල වගකීම ඉෂ්ට නොකර රෝගී ජනතාවගේ ජීවිත අවදානමකට ලක්‌ කිරීමට රාජිත සේනාරත්න, ලක්‍ෂ්මන් කිරිඇල්ල හා එස්‌. බී. දිසානායක යන ඇමැතිවරුන් සිය බලතල අවභාවිත කරමින් කටයුතු කරන බව.......

සඳහිරු සෑයේ රන් බුදුරුව ගැන ප්‍රකාශයක්‌ ගැනීමට ගෝඨාභය අද එෆ්සීඅයිඩීයට

රන්මුවා බුදු පිළිම වහන්සේ නමක්‌ සහ රනින් නිමවන ලද බෝ ගසක්‌ ද ධාතූන් වහන්සේලාට අමතරව එහි නිධන් කළ යුතු බවට හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට උපදෙස්‌ දී තිබිණි.


ජී.එස්‌.පී. සහනය මැයි තෙක්‌ කල් දමයි

යාපනයේදී උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේශ්වරන් මහතා හමු වූ යුරෝපා සංගමයේ තානාපති මන් මාර්තිව් මහතා විසින් මේ බව පවසා තිබේ.

"බිග් මැච්" සමයේ සිසු ගැටුම් ගැන නීතිය තදින්

පාසල් ශිෂ්‍යයන් ක්‍රිකට්‌ තරග ප්‍රචාරණ කටයුතුවලට යෑයි කියමින් මුදල් එකතු කරනවා. ඒ වගේම ඔවුන් බීමත්ව හැසිරෙනවා. මේ වගේ අශිලාචාර විදිහට හැසිරෙන ශිෂ්‍යයන්ට එරෙහිව.....

මගේ ජීවන ගමන
වෙනස්‌ කළේ
'මොබිටෙල්'

මොබිටෙල් කියන්නේ මට මගේ බිරිඳට මගේ දරුවො තුන් දෙනාට නැවත වතාවක්‌ ජීවිතය දුන්න ආයතනය. ඒ උපකාරය ගැන කියන්න මගේ ළග වචන නෑ මහත්තයා.


වකුගඩු රෝගීන් මියයැම ඉහළට

මහියංගනය හා යාබද මහවැලි සී කලාපයේ මේ වන විට වකුගඩු ආසාදනයෙන් සතියකට මිය යන පුද්ගලයන්ගේ ගණන 3- 5 අතර බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි.

  • අද ඇහෙන්නේ ගීත නොවේ මහ විලාප
    - වික්‌ටර් රත්නායක

    මෙවර අප හමුවන්නෙ ඔහුගේ දිවියට වසර හැත්තෑපහක්‌ පිරීම නිමිත්තෙන් පවත්වනු ලබන වජ්‍රප්‍රභා ප්‍රංසගය පිළිබඳව කතාබහ කරන්නටයි. බණ්‌ඩාරනායක සම්න්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන මේ ප්‍රසංගය රටවටා යන්නක්‌ නොවෙයි. එක ප්‍රසංගයකින් නිමවන එකකි.

  • රට යන අත
    ශ්‍රී ලාංකීය සංහිඳියා වැඩපිළිවෙලට ඔස්‌ටේ්‍රලියාවෙන් පැසසුම්

    ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයන්ට මුහුණ දුන් අවස්‌ථාවන්හි පවා ඔස්‌ටේ්‍රලියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා විශේෂ ස්‌තුතිය පළ කළේය. දෙවන ලෝක යුධ සමයේදීත්, පශ්චාත් යුධ සමයේත් දෙරට අතර පැවති සම්බන්ධතා සිහිපත් කළ වික්‍රමසිංහ මහතා කොළඹ ක්‍රමය වැඩ සැලැස්‌ම ක්‍රියාවට නැංවීමත් සමගම දෙරටේ සම්බන්ධතාවන් නව මානයකට එසැවුණු බව පෙන්වා දුන්නේය.

  • ඔස්‌ටේ්‍රලියාව සහ ශ්‍රී ලංකාව
    විස්‌සේ සටන අරඹයි

    වසරකට පසුව ජාත්‍යන්තර තරගයකට පිවිසෙන ලසිත් මාලිංග කෙරෙහි මෙම තරගයේදී වැඩි අවධානයක්‌ යොමුව තිබේ. ඔහු මෙම තරගයට පෙර ඔස්‌ටේ්‍රලියානු අගමැති කණ්‌ඩායම සමග පැවැති පුහුණු තරගයේදී යවන ලද පළමු පන්දු ඕවරයේදීම කඩුල්ලක්‌ ලබා ගනිමින් සුපුරුදු කඩුලු දඩයම ආරම්භ කිරීමට සමත් විය.


 






 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.