ශේ්‍රෂ්ඨාධිකරණයට ඇපෑලක්‌ ගොනු කරනවාද නැද්ද
සයිටම් ගැන වෛද්‍ය සභාවේ තීරණය අද

නිලන්ත මදුරාවල

"සයිටම්" උපාධිධාරිනියකට අදාළව අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශේ්‍රෂ්ඨාධිකරණයට ඇපෑලක්‌ ගොනු කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අද (17 දා) තීරණය කරයි.

මෙම තීරණාත්මක සාකච්ඡාව අද සවස පැවැත්වේ. ඇපෑලක්‌ ඉදිරිපත් කළ යුතුය යන්න තම පෞද්ගලික මතය යෑයි මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෙµdන්සේකා මහතා පැවසීය.

නිල වශයෙන් වෛද්‍ය සභා සාමාජික සංඛ්‍යාව විසි පස්‌ දෙනකු විය යුතු නමුත් මේ වනවිට සාමාජික සංඛ්‍යාව විසිඑක්‌ දෙනෙක්‌ වෙති.

"සයිටම්" පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරිනියක ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෛද්‍ය වෘත්තිකයකු ලෙස ලියාපදිංචි කිරීමේ අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කළේ පසුගිය ජනවාරි මස 31 වැනිදාය.

"සයිටම්" ගැටලුව රටේ නිදහස්‌ අධ්‍යාපනයට හා රාජ්‍ය වෛද්‍ය අධ්‍යාපනයට එල්ල කරන බලපෑම සම්බන්ධයෙන් ආණ්‌ඩුව මුනිවත රකින්නේ නම් සෙසු වෘත්තීය සමිති සමඟ ඒකාබද්ධව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය පීඨ හතක ආචාර්ය සංගම් සභාපතිවරු පවසති.

"සයිටම්" ගැටලුවට අදාළව කොළඹ, කැලණිය, පේරාදෙණිය, රුහුණ, යාපනය, ශ්‍රී ජයවර්ධනපුර හා රජරට යන වෛද්‍ය පීඨයන්හි ආචාර්ය සංගම් සභාපතිවරුන්ගේ අත්සනින් යුතු නිවේදනයක්‌ නිකුත් කරමින් මේ බව ප්‍රකාශයට පත් කර ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.