සඳහිරු සෑයේ රන් බුදුරුව ගැන
ප්‍රකාශයක්‌ ගැනීමට ගෝඨාභය අද එෆ්සීඅයිඩීයට


ලසිත දුමින්ද

අනුරාධපුර ප්‍රදේශයේ ආරම්භ කළ සඳහිරු සෑයේ රන් බුදු පිළිම වහන්සේ නමක්‌ තැන්පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ලබා ගැනීම සඳහා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (17 වැනිදා) මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වෙත කැඳවීමට නියමිතය.

චෛත්‍යය ඉදිකිරීම් සහ එහි තැන්පත් කිරීම් සම්බන්ධව සොයා බැලීමට පත් කළ මහානායක හිමිවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක්‌ විසින් රන්මුවා බුදු පිළිම වහන්සේ නමක්‌ සහ රනින් නිමවන ලද බෝ ගසක්‌ ද ධාතූන් වහන්සේලාට අමතරව එහි නිධන් කළ යුතු බවට හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට උපදෙස්‌ දී තිබිණි.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ මත එම රන්මුවා බුදු පිළිම වහන්සේ නිර්මාණය කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාරදී ඇත.

නාවික හමුදාව විසින් රේගු අධ්‍යක්‍ෂ ජනරාල් වෙත කළ ලිත ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කළ රන් සංචිත මගින් එයට අවශ්‍ය රන් ලබා ගෙන තිබේ.

මෙසේ රේගුවෙන් රන් ලබා ගැනීම පිළිබඳව ප්‍රකාශයක්‌ ලබා ගැනීමට අද දින හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට කැඳවා ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.