මහියංගනය හා මහවැලි සී කලාපයේ
වකුගඩු රෝගීන් මියයැම ඉහළට

ගිරාඳුරුකෝට්‌ටේ - එස්‌. රුවන් බණ්‌ඩාර

මහියංගනය හා යාබද මහවැලි සී කලාපයේ මේ වන විට වකුගඩු ආසාදනයෙන් සතියකට මිය යන පුද්ගලයන්ගේ ගණන 3- 5 අතර බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි.

බටහිර ප්‍රතිකාර මගින් දැනට මෙම රෝගීන් සඳහා ක්‍රියාත්මක කරන ලේ පිරිසිදු කිරීමේ කාර්යය ද රෝහල් මගින් සිදු කළත් ඒ සඳහා විශාල මුදලක්‌ වැය වෙයි. මේ තත්ත්වය යටතේ කොළඹ වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්‌ථානය මගින් ආරම්භ කොට ඇති වකුගඩු ප්‍රදාන වැඩසටහන මේ වනවිට ප්‍රදේශයේ ජනතාව අතර ප්‍රචලිත කිරීම ගිරාඳුරුකෝට්‌ටේ වෙළෙඳ සංගමය මගින් ක්‍රියාත්මක කර ඇති බව එහි සභාපති සේන රණසිංහ මහතා "දිවයින" ට පැවැසීය. මේ යටතේ 5000 ක්‌ දෙනා මේ සඳහා බඳවා ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.