සක්‌වළ ජීවින් සිටින බව ස්‌ථිරයි
අනාගතයේදී පිටසක්‌වලින් පෘථිවියට ආක්‍රමණයක්‌


පෘථිවිය හැරුන විට ජීවීන් සිටින සෙසු ග්‍රහලෝක පිළිබඳව තොරතුරු පිළිබඳව ගවේශනය සඳහා 2017 වසරේ නිශ්චිත පිළිතුරු ලබා ගැනීමට අවස්‌ථාව සැලසී ඇති බව ලන්ඩනයේ ඉම්පීරියල් කොලීජියේ භෞතික විද්‍යාඥ ආචාර්ය සයිමන් ෆොස්‌ටර් සඳහන් කර සිටීග ප්‍රොක්‌සිමා බී පෘථිවියට ආලෝකවර්ෂ 4ග2 ක්‌ දුරස්‌ථව පිහිටා තිබෙන අතර මෙම ග්‍රහවස්‌තුව පිළිබඳව 2016 අගෝස්‌තු මාසයේදී තොරතුරු ලැබුණ අතර විද්‍යාඥයන්ගේ උපකල්පනයට අනුව ප්‍රොක්‌සීමා බී ග්‍රහලෝකය පෘථිවියට සමාන බැවින් දුරේක්‌ෂ පද්ධතියක්‌ ආධාරයෙන් මෙහි වෙසෙන ජීවින් පිළිබඳව අධ්‍යනයන් මෙම වසරේ සිදු කිරීමට අපේක්‌ෂා කරයිග

ඒ අතරම ,කැසිනි, මෙහෙයුම යටතේ ද පිටසක්‌වල ජීවින් පිළිබඳව අධ්‍යනයන් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ආචාර්ය ෆොස්‌ටර් සඳහන් කර සිටීග 1997 වසරේ පෘථිවියෙන් පිටත් වූ ,කැසිනි, යානය 2004 වසරේදී සෙනසුරු ග්‍රහයා වෙත ළඟාවූ අතර එහිදී චන්ද්‍රයන් සහ වලාකුළු මුල්කර ගෙන සමීප අධ්‍යනයන් සිදු කරන ලදීග සෙනසුරු ග්‍රහයාගේ එක්‌ චන්ද්‍රයෙකු වන ,එක්‌ස්‌සෙලාඩස්‌, අයිස්‌ චන්ද්‍රයෙක්‌ වීම නිසා ජීවින් වාසයට ඉඩ ඇතැයි විද්‍යාඥයන්ගේ උපකල්පනය වී ඇතග එමෙන්ම එක්‌සෙලාඩස්‌ සහ යුරෝපා වැනි චන්ද්‍රයන් මත අඩුම වශයෙන් ක්‌ෂුද්‍ර ජීවීන් හෝ වාසය කරන්නට ඉඩ ඇති බවත් ලන්ඩනයේ ඉම්පීරියල් කොලීජීයේ භෞතික විද්‍යාඥ ආචාර්ය සයිමන් ෆොස්‌ටර් විසින් පෙන්වා දෙන අතර 2017 වසරේ පිටසක්‌වල ජීවින්ගේ හඳුනාගැනීම් වඩාත් ඉක්‌මන් වෙන වසරක්‌ විය හැකි බවටත් ඔහු අනාවැකි පළ කර ඇතග

පිටසක්‌වළ ජීවීන් යෑයි කී විට අපේ සිතට නැගෙන්නේ කොළ පැහැති පුංචි මිනිස්‌සු කොට්‌ඨාශයක්‌ග එහෙත් පාරභෞමික බුද්ධිමත් ජීවීන් සෙවීම වෙනුවෙන් පත් කරන ලද කමිටුවේ ප්‍රධානීන් සඳහන් කරන අන්දමට පිටසක්‌වළ ජීවීන් සෞරග්‍රහ මණ්‌ඩලයේදී ක්‌ෂුද්‍ර ජීවියෙක්‌ වුණත් එතැනින් ඔබ්බට බුද්ධිමත් ජීවියෙක්‌ බවයිග

දැනට ලැබී තිබෙන තොරතුරු අනුව සෞරග්‍රහ මණ්‌ඩලයේ සෙසු ග්‍රහලෝකයන්හි මිනිසාට ජීවත්වීමට සුදුසු වාතාවරණයක්‌ නොමැතග සූර්යාට ආසන්න ග්‍රහලෝක අධික උෂ්ණත්වයෙන්දල දුර්වල ග්‍රහලෝක අධික සීතලෙන් ද යුක්‌ත අතර වායුගෝලයේ සංයුතියෙහි ඇති හයිඩ්‍රජන් සල්µයිඩ් ඇමෝනියා මීතේන් මිනිසාගේ පැවැත්මට අහිතකර වේග තාරකා ජීව විද්‍යාව සහ විශ්වයේ ජීවීන් සිටින්නේ ද යන සංකල්පය වෙනුවෙන් හේතු සාධක සෙවීම වෙනුවෙන් විද්‍යාත්මක අධ්‍යනයන් වෙනුවෙන් කටයුතු කිරීමට පත් කරන ලද්දේ සෙටී SETI  ආයතනයේ විද්‍යාඥයන් වන ආචාර්ය සෙක්‌ ෂෝස්‌ටැක්‌ සහ ආචාර්ය ඩෑන් වර්ට්‌තීමර් යන දෙදෙනායග ඔවුන්ගේ අධ්‍යයන වාර්තාවන් කොන්ග්‍රස්‌ කමිටුව වෙත ඉදිරිපත් කර ඇති අතර මුදල් ආයෝජන ලැබූ විටෙක මෙම අධ්‍යනයන් ඉදිරියට ගෙන යා හැකි බව ඔවුන්ගේ අදහසයිග

ගෙවුන වසර විස්‌සක කාලයේදී තාරකා විද්‍යාඥයන් විසින් බහිර් ග්‍රහයන් සොයා ගෙන ඇති අතර ඒ වෙනුවෙන් ඔවුන්ට සුවිශේෂී දායකත්වයක්‌ ලැබී ඇත්තේ කෙප්ලර් දුරේක්‌ෂය මගින් ලබා ගත් දත්ත මගිනුයිග කෙප්ලර් දුරේක්‌ෂය මගින් ලබා ගත් තොරතුරු අනුව ක්‌ෂීර පථයේ තිබෙන පොළවට සමාන ග්‍රහලෝක සංඛ්‍යාව බිලියන 10 - 80 ක්‌ පමණ වෙනවාග මෙම ග්‍රහලෝක මිනිසාගේ වාසයට සුදුසු වේදැයි අනාවණය කර ගැනීමට යෝග්‍ය වන්නේ ද යන්න අනාවරණය කර ගැනීම කෙප්ලර් දුරේක්‌ෂයේ අරමුණ බව ආචාර්ය ෂෝස්‌ටැක්‌ පෙන්වා දී ඇතග

එහිදී මුලින්ම සොයා බලන්නේ මෙම ග්‍රහලෝකවල ජලය තිබෙනවා ද යන්නයිග ඇතැම් ග්‍රහාලෝක මිනිසාගේ පැවැත්මට නොගැලපෙන පරිදි සීතලෙන්දල එසේ නැත්නම් උෂ්ණත්වයෙන් ද ඉහළයග තවත් අවස්‌ථාවන්හි බ්‍රහස්‌පති ග්‍රහලෝකයේ මෙන් මතුපිට ඝනත්වය නිසාම ජීවීන්ගේ පැවැත්ම අපහසුයිග කෙප්ලර් දුරේක්‌ෂයෙන් ලබා ගත් තොරතුරු අනුව සෑම තරු පහකින් එකකම පෘථිවි ප්‍රමාණයේ ග්‍රහයෙක්‌ ඒ තරුව වටා භ්‍රමනය වෙමින් පවතින බවයිග

ඒ වගේම මෙම ග්‍රහලෝකයන්හි සිටින බුද්ධිමත් ජීවීන් ද සිටින අතර ඇතැම් ජීවීන් ගැන බොහෝ තොරතුරු තවමත් අනාවරණය වී නොමැති බවත් මෙම විද්‍යාඥයන්ගේ අදහසයිග නාසා ආයතනය මගින් නිකුත් කරන ලද පුරා විද්‍යාවල මානව විද්‍යාවල  හා අන්තරීක්‌ෂ සන්නිවේදනය කෘතිය සංස්‌කරනයේ යෙදුන සෙටී SETI ආයතනයේ අන්තරීක්‌ෂ පණිවිඩ සංයුතියේ අධ්‍යක්‌ෂ ඩග්ලස්‌ වාකොව් සඳහන් කරන්නේ සක්‌වළ ජීවීන් කාලයකට පෙරාතුව මෙහි පැමිණෙන්නට ඇති බවයිග

භෞතික විද්‍යාඥ ස්‌ටෙපන් හොප්කින් සඳහන් කරන අන්දමට අනාගතයේදී පිටසක්‌වළ ජීවීන් පෘථිවිය ආක්‍රමණයට බොහෝ දුරට ඉඩ ප්‍රස්‌ථාවන් පවතීග පිටසක්‌වල ජීවීන් විසින් නිකුත් කරනු ලබන මලානික ගුවන් විදුලිs සංඥාවන් අපේ අජටාකාශයට දැනටමත් පැමිණෙන බව මහාචාර්ය හොප්කින් සඳහන් කරයිග මේ පිළිබඳ අධ්‍යනයන් සඳහා දුරේක්‌ෂයක ආධාරයෙන් පෘථිවියට ආසන්න තාරකා ලෝක දස ලක්‌ෂයක්‌ පරීක්‌ෂා කළ අතර ඒ සඳහා රුසියාවේ යුර් මිලර් ආයතනය මගින් ඩොලර් කෝටි 10 ක්‌ ආයෝජනය කරන ලදීග

ඔහුගේ අදහසට එකඟතාවය පළ කරමින් බොහෝ විද්‍යාඥයන් විසින් ග්‍රහලෝකයන්හි ජීවීන්ගේ පැවැත්මට ඇති ඉඩ කඩල පණිවිඩ යෑවිය යුතු හා පණිවිඩ හඳුනාගත හැකි ක්‍රමවේද පිළිබඳව ලිපි එක්‌රැස්‌ කරමින් ඌනපූරණයන් ගොඩනගා ඇතග

එංගලන්තයේ බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ ආචාර්ය එඩ්මන්ඩ්සන් පෘථිsවියේ ගලේ නෙළා ඇති ඇතැම් සිතුවම් සක්‌වළ ජීවීන්ට සම්බන්ධව ඇති බවත් එහෙත් එම සලකුණු සහ ඒවායේ අර්ථ සහ මෙම සිතුවම් නෙළන්නට හේතුව ගැන තවමත් නිශ්චිත තොරතුරු නොමැති බවත් ඔහු පෙන්වා දී ඇතග සංකේත පිළිබඳව සිතන විට මේවා පිටසක්‌වළ ජීවීන්ගේ නිර්මාණ විය හැකි බව එඩ්මන්ඩ්සන්ගේ අදහසයිග

ඇලන් දුරේක්‌ෂය උපයෝගී කර ගනිමින් සක්‌වළ වාසය කරන බුද්ධිමත් පිළිබඳව සංඥාවන් අපට නුදුරු කාලයේදී හඳුනා ගත හැකි බව සෙටී තාරකා විද්‍යාඥයන්ගේ අදහසයිග ආචාර්ය ඩෑන් වෙතිමර් පෙන්වා දෙන්නේ සක්‌වළ ජීවීන් සිටින බව ස්‌ථිරයිගගග තවමත් අපට ඔවුන්ගෙන් ලැබුණ සන්නිවේදනයන් නොමැති වීම පුදුමයට කරුණක්‌ බවයිග නාසා ආයතනයේ තවත් තාරකා විද්‍යාඥයන් දෙපලක්‌ වන ජෙµaරි මර්සි සහ ඩැනියෙල් ගෝල් සින් සඳහන් කරන්නේ ආලෝක වර්ෂ දහස්‌ ගණනක්‌ දුරින් පිහිටි ග්‍රහ මණ්‌ඩල තුනක බුද්ධිමත් ජීවීන් සිටි බවට සාක්‌ෂි ඇති බවයිග ඇමරිකානු ජාතික ඩැරල් ලී විසින් පිටසක්‌වලින් පැමිණෙන යානා හා ජීවීන්ගේ හඬ ග්‍රහනය වෙනුවෙන් ඊeaඑs 84 Fඑ නම් අති ප්‍රබල රේඩියෝ පීරිසි ඇන්ටනාවක්‌ නිපදවා ඇතග එහිදී තරංග වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන හඬ පැමිණෙන දිසාව මෙම පරිගණකයේ සටහන් වෙන නිසා පිටසක්‌වලයන්ගෙන් ලැබෙන පණිවිඩ මෙහි සටහන් වෙනු ඇතග

පුන්‍යා චාන්දනී ද සිල්වා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.