සිංගර් "නව දිවි තිළිණ" ජයග්‍රාහී
යුවළ 10 ක්‌ සිංගප්පූරු සවාරියේ
මහා දිනුම් ඇදීමේ ජයග්‍රාහී යුවළට රුපියල් මිලියනයක අමතර ත්‍යාග මුදලක්‌



මෙරට පාරිභෝගික භාණ්‌ඩ අලෙවියේ ප්‍රමුඛයා වන සිංගර් විසින් මෙහෙයවූ "නව දිවි තිළිණ 2016" ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහී යුවළ 10 ක්‌ සිංගප්පූරුවේ දින 3 ක සවාරියක නිරත වෙයි. සිංගප්පූරුවට යාමට සහ ඒමට ගුවන් ටිකට්‌ පත් සහ ආහාර පාන මෙන්ම ඉඳුම් හිටුම් ද සහිතව මෙම සිංගප්පූරු සවාරිය පිරිනැමුණු අතර මහා දිනුම් ඇදීමේ ජයග්‍රාහක වාසනාවන්ත යුවළට ප්‍රධාන ත්‍යාගය ලෙස රුපියල් මිලියනයක මුදලක්‌ ද මෙහිදී පිරිනැමිණ.

මෙම ප්‍රවර්ධන වැඩසටහන 2016 මැයි සහ ජුලි මාසවල විවාපත් යුවළ සඳහා පමණක්‌ වෙන් වූ අතර සිය මංගල ආරාධනා පත්‍රය යොමු කිරීමෙන් මෙම තරගයට සහභාගි වීමේ අවස්‌ථාව පිරිනමන ලදී. 2016 වසරේ ජුලි 31 වනදා දක්‌වා දිවයින පුරා පිහිටි සිංගර් ප්ලස්‌ ප්‍රදර්ශනාගාර වලදී සිය මංගල ආරාධනා පත් මෙම තරගය වෙත යොමු කිරීමට අවස්‌ථාව සලසා දී තිබුණි. එලෙස ලැබුණු ආරාධනා පත් අවසාන මහා දිනුම් ඇදීම වෙත යොමු කෙරිණ. මේ යටතේ දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ලැබුණු මංගල ආරාධනා පත් රැසක්‌ අතරින් කුසපත් ඇදීමෙන් ජයග්‍රාහකයින් තෝරා ගැණින.

සිංගප්පූරු සවාරියට අමතරව රුපියල් මිලියනයක ප්‍රධාන ත්‍යාගය හිමිකරගැනීම සඳහා 2016 මැයි 1 වනදා සිට රුපියල් 3000 කට වඩා වැඩි වටිනාකමකින් යුත් සිංගර් නිෂ්පාදන මිලදී ගත් රිසිට්‌ පතක්‌ මංගල ආරාධනා පත්‍රය සමග අමුණා යොමු කරන ලෙස දැනුවත් කෙරිණ. මීට අමතරව සිය විවාහය සඳහා සූදානම් වන යුවළ වෙනුවෙන් සිංගර් විසින් විශේෂ ප්‍රවර්ධන වැඩපිළිවෙලක්‌ ක්‍රියාත්මක කළ අතර එහිදී විශේෂ වට්‌ටම්, පොළී රහිත පහසු ගෙවීමේ පහසුකම්, ක්‍රෙඩිට්‌ කාඩ් සඳහා විශේෂ වරප්‍රසාද රැසක්‌ද පිරිනමන ලදී.

මෙම ප්‍රවර්ධන වැඩසටහනේදී රුපියල් මිලියනයේ ප්‍රධාන ත්‍යාගය සහ සිංගප්පූරුවට යාමට සහ ඒමට ගුවන් ටිකට්‌පත් සමග සිංගප්පූරු සවාරියක්‌ දිනාගනු ලැබුවේ සනුජ සහ දේශා කුමාරසිංහ විසිනි. සිය ජයග්‍රහණය පිළිබඳව අදහස්‌ දක්‌වමින් එම යුවළ සඳහන් කළේ සිංගප්පූරු සවාරියේදී අනිකුත් ජයග්‍රාහකයින් සමග තමන් රිසි සේ විනෝද වූ බවයි. සවාරියට එක්‌වූ ජයග්‍රාහකයින් අතුරින් බොහෝ දෙනෙක්‌ ජීවිතයේ මුල් වරට සිංගප්පූරු සවාරියක්‌ සඳහා එක්‌වූ අය වීම විශේෂත්වයක්‌ බවද ඔවුහු සඳහන් කළහ. නවාතැන් ආහාර පාන සහ ආරක්‌ෂාව මෙන්ම සවාරියේ විනෝදය සඳහා සිංගර් සමාගම ඉතා උසස්‌ අන්දමින් සියලු විධි විධාන යොදා තිබූ බවත්, ඒ පිළිබදව සිංගර් සමාගම වෙත සිය කෘතවේදීත්වය පිරිනමන බවත් ජයග්‍රාහකයෝ සඳහන් කළහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.