දම්රෝ සන්නාම තානාපතිනිය ලෙස
යශෝධා විමලධර්ම පත්වෙයි

ප්‍රවීණ සිනමා හා ටෙලිනාට්‍ය නිළි යශෝධා විමලධර්ම කලා ශිල්පිනිය මෙරට අංක එකේ ගෘහ භාණ්‌ඩ නාමය වන දම්රෝහි සන්නාම තානාපතිනිය ලෙස පසුගියදා පත්කරනු ලැබුවාය.

දම්රෝ කෙරෙහි පවතින ඉහළ පාරිභෝගික විශ්වාසය යශෝධා විමලධර්ම කලාකාරිනියගේ සම්බන්ධවීමත් සමග තවදුරටත් වර්ධනය වේ යෑයි දම්රෝ සමාගම විශ්වාසය පළ කරයි.

දම්රෝ නාමය ඉතා විශ්වාසදායක සන්නාම නාමයක්‌ ලෙස පාරිභෝගිකයන්ගේ සිත් තුළට කාවැදී පවතිනවා. ඒ අප මේ දක්‌වා සිදු කරන ලද ඉතා විශ්වාසනීය ව්‍යාපාරයේ ප්‍රතිඵලයක්‌. මේ වන තුරු දම්රෝ නාමය යටතේ පාරිභෝගිකයන්ට ලබාදෙනු ලැබුවේ ගෘහ භාණ්‌ඩ සහ රෙදි සෝදන යන්ත්‍ර පමණි. නමුත් ඉදිරියේදී රූපවාහානි යන්ත්‍ර්‍ර, ශීතකරණ, වායු සමීකරණ යන්ත්‍ර ඇතුළු සියලුම ගෘහ හා විදුලි උපකරණ දම්රෝ නාමය යටතේ පාරිභෝගිකයන්ට ලබාදීමට දම්රෝ සමාගම කටයුතු කර ඇත. දම්රෝ සන්නාමය කෙරෙහි ඇති ඉහළ පාරිභෝගික විශ්වාසය නිසා මෙම ගෘහ විදුලි උපකරණ සඳහාත් ඉහළ ඉල්ලුමක්‌ ලැබෙයි කියා දම්රෝ සමාගම විශ්වාස කරයි.

යශෝධා විමලධර්ම කලා ශිල්පිනිය දීර්ගකාලීන අත්දැකීම් ඇති කලා ශිල්පිනියක්‌. ඇයටත් කලා ක්‍ෂේත්‍රයේ අවුරුදු 30කට ආසන්න පළ පුරුදුදක්‌ තිබේ. දම්රෝ නිවැරැදිම තෝරා ගැනීම සිදු කළා යෑයි විශ්වාස කරන බවත් ඉතා උසස්‌ තත්ත්වයේ දම්රෝ සන්නාමය සහිත භාණ්‌ඩ තවදුරටත් ප්‍රචලිත කිරීමට යශෝධා විමලධර්ම කලා ශිල්පිනියගේ ඉහළ දායකත්වය ඉවහල් වේ යෑයි දම්රෝ සමාගම විශ්වාස කරන බව පසුගියදා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිවේදනය කළේය.

දම්රෝ ප්‍රදර්ශනගාර 156ක්‌ දිවයින පුරා විහිඳී ඇති අතර ඉන්දියාවේ ප්‍රදර්ශනාගාර 62ක්‌ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර සියල්ලම පාහේ ආවරණය වන පරිදි දම්රෝ ප්‍රදර්ශනාගාර විහිඳී ඇති අතර කුරුණෑගල හා නුගේගොඩ නගරවල වර්ග අඩි 50,000ට වැඩි නවතම මෙගා ප්‍රදර්ශනාගාර ආරම්භ කර ඇත. මේ වසර අවසාන වන විට ගාල්ල, කටුබැද්ද සහ නුවර යන නගරවල මෙම මෙගා ප්‍රදර්ශනාගාර විවෘත කිරීමට දම්රෝ සැලසුම් කර ඇත. ඉදිරියේදී මෙවැනි මෙගා ප්‍රදර්ශනාගාර 30කට වඩා වැඩි ප්‍රමාණයක්‌ දිවයිනේ සියලු ප්‍රධාන නගර ආවරණය කරමින් ආරම්භ කිරීමට සමාගම බලාපොරොත්තු වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.