ඒසර් මාර්කටින් ඉන්ටර්නැෂනල් වෙතින්
නවතම ව්‍යායාම උපකරණ පෙළක්‌


ව්‍යායාම උපකරණ අලෙවි ක්‌ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක්‌ වන ඒසර් මාර්කටින් ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම (Eser Marketing International (Pvt) Ltd) සෞඛ්‍ය සම්පන්න දිවියක්‌ පවත්වා ගැනීම සඳහා උපකාරී වන නවීනතම ව්‍යායාම උපකරණ පෙළක්‌ වෙළෙඳ පොළට හඳුන්වා දී ඇත. යුරෝපයේ ප්‍රමුඛතම ව්‍යායාම උපකරණ වෙළෙඳ නාමය වන BH Fitness නිෂ්පාදනයන් වන Treadmill, Cr†s Trainer , Exercise Bike, Benches සහ Home Gym යන ව්‍යායාම උපකරණ මෙම නිෂ්පාදන පෙළට ඇතුළත් වේ. ශරීරයේ හැඩය සහ නිරෝගී බව රැකගැනීමට ඉවහල් වන ආකාරයෙන් නිෂ්පාදිත, පාරිභෝගික අවශ්‍යතාව අනුව තෝරාගත හැකි මාදිලි රැසකින් මෙම ව්‍යායාම උපකරණ වෙළෙඳ පොළට හඳුන්වා දී ඇති බව සමාගම පවසයි.

''වර්තමානයේ බොහෝ දෙනා ගත කරන්නේ කාර්යබහුල ජීවන රටාවක්‌ බැවින් ඔවුන්ගේ ශරීරයට අවශ්‍ය ව්‍යායාම නිසි පරිදි ස්‌වභාවිකව ලැබෙන්නේ නැහැ. එය සෞඛ්‍ය තත්ත්වය පිරිහීම, ශරීරයේ හැඩය අවලස්‌සනවීම ඇතුළු හානිදායක තත්ත්වයන් රැසකට හේතු වෙනවා. කාර්යබහුල ජීවිතයක්‌ ගත කරන අයට වුවද ශරීරයට අවශ්‍ය ව්‍යායාමයන් නිවසේදීම ලබාගත හැකි පරිදි නිපදවා ඇති මෙම නවතම ව්‍යායාම උපකරණ පෙළ අද වනවිට බොහෝ අය මුහුණ දෙන එම ගැටලුවලට කදිම විසඳුමක්‌ ලෙස හඳුන්වා දිය හැකියි'' යනුවෙන් ඒසර් මාර්කටින් ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගමේ අධ්‍යක්‌ෂ ශ්‍රී කාන්ත ද සිල්වා මහතා පැවැසීය. ඇතැම් ආයතන හඳුන්වා දෙන ප්‍රමිතියෙන් අඩු, අනුකාරක නිෂ්පාදන (Copy Products) මිලදී ගැනීම නිසා විශාල ලෙස මුදල් සහ කාලය අපතේ යාම, විවිධ අතුරු ආබාධ ඇතිවීම සහ උපකරණ ඉක්‌මනින් ක්‍රියා විරහිතවීම වැනි අහිතකර ප්‍රතිඵලවලට පාරිභෝගිකයන්ට මුහුණ දීමට සිදුවන බවත් ඒසර් මාර්කටින් ඉන්ටර්නැෂනල් හඳුන්වා දෙන, ලොවම පිළිගත්, ඉහළම ප්‍රමිතියෙන් යුතු BH වෙළෙඳ නාමය යටතේ එන මෙම ව්‍යායාම උපකරණ මිලදී ගැනීමෙන් එබඳු කිසිදු අපහසුතාවකට මුහුණ දීමට සිදු නොවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.