වහල් ජාතියකට ගිවිසුම අත්සන් තැබු
මේසයේම වීරයන් උට්‌ඨානය කරවු හැටි

සමන්ති වීරසේකර

මේසයේ හා පුටුවේ අයිතිය තිබෙන්නේ අස්‌ගිරි පාර්ශවයටයි



ශ්‍රී ලංකාව ස්‌වෛරී රාජ්‍යයක්‌ වන්නේ 1948 දී නිදහස ලැබීමෙන් පසුවය. එතැන් සිට අපගේ අභිමතය පරිදි රටේ ඕනෑම තීරණයක්‌ ගැනීමේ හැකියාව හිමි වන්නේය. ඒ අනුව වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මාර්තු පළමුවැනිදා ඉතිහාසයේ මහා පෙරැළියක්‌ සිදු කරන්නේය. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ගිවිසුමක්‌ අවලංගු කොට ඊට ප්‍රකාරව නව ගිවිසුමක්‌ ප්‍රකාශයට පත් කරමිනි.

පළමු නිදහස්‌ අරගලය හෙවත් ඌව වෙල්ලස්‌ස සටනට උරදුන් හෙළයින් දේශෙද්‍රdaහීන් ලෙස නම් කෙරුණේ වසර 1815 මාර්තු දෙවැනි දින කන්ද උඩරට මඟුල් මඩුවේදීය. එදා මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ මඟුල් මඩුවේදී ගිවිසුම් අත්සන් කිරීම සඳහා යොදා ගනු ලැබූ ඇත්දළ සහ කළුවර ලීයෙන් නිමැවුණු කැටයම් සහිත මේසය සහ පුටුව මෙදා දේශප්‍රේමීන් ලෙස නම්කිරීමේ විශේෂිත ගැසට්‌ පත්‍රය සකසා ලේඛන අත්සන් කොට ප්‍රකාශ කිරීමේ අවස්‌ථාව සඳහා ද යොදා ගන්නා ලෙස යෝජනා කළේ කතරගම දේවාලයේ බස්‌නායක නිළමේ ගැමුණු වලිසුන්දර මහතාය. මේ සමඟම ඉතිහාසයත් වර්තමානයත් යා කෙරුණු පාලමක්‌ තැනීය. දේශෙද්‍රdaහීන් දේශප්‍රේමීන් ලෙස නම් කිරීම කාලෝචිත මෙන්ම සිංහලයේ, ජාතිකානුරාගය අපේ රට අපේ කම හිස්‌මුදුනේ ලා කැපවන යහපාලන රාජ්‍යයක දී එවැන්නක්‌ සිදු නොකළහොත් ආදි මුතුන්මිත්තන් වූ ඒ වීරයන් සේම ඔවුන්ගේ පරම්පරාවල ලේ ඥාතීන් අපට සාප කරනු ඇත.

වසර 1815 දී මෙරට නිදහස හා නිවහල් බව ඉංග්‍රීසීන් විසින් අත්පත් කර ගැනීම තහවුරු කෙරුණු උඩරට ගිවිසුම වගන්ති 12 කින් සමන්විත වූ අතර ඊට මෙරට වෙනුවෙන් කැප්පෙටිපොළ, ඇහැලේපොළ, ගලබොඩ, ගලගම, නිල්ලව, රත්වත්තේ, පිළිමතලව්වේ ඇතුළු නිළමේවරු 12 දෙනකුද ඉංග්‍රීසීන් වෙනුවෙන් ආණ්‌ඩුකාර රොබට්‌ බ්‍රවුන්රිග්a හා දිසාපති ජෝන් ඩොයිලි ද අත්සන් තැබූහ. මෙම අවස්‌ථාව සඳහා යොදා ගනු ලැබූ මේසය හා පුටුව මේතාක්‌ වසර දෙසීයක කාලයක්‌ මහනුවර අස්‌ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන මහ නාහිමියන්ගේ අස්‌ගිරි විජය සුන්දරාරාම විහාර ප්‍රදේශයේ සුරක්‌ෂිතව තබා තිබේ. මේවන තුරු නිසල ඉපැරණි ගෘහ භාණ්‌ඩ ලෙස පැවති මෙම භාණ්‌ඩ දේශෙද්‍රdaහීන් දේශප්‍රේමින් වන මොහොතේ, සසලව ඇත. අතීත ප්‍රභූන්ගේ පහස ලද මේ දැවමුවා කැටයම් අතරේ ඩොයිලි බ්‍රවුන්රි ඇහැලේපොල ඇතුළු පිරිසගේ සුසුමෙහි සුවඳ රැඳී ඇතුවාට සැක නැත. අප අතීතය දන්නේ, ලියෑවී තිබූ දෙයින් හෝ ජනප්‍රවාද ඔස්‌සේය. එනමුත් මේ දැවමුවා භාණ්‌ඩ අතීතයේ සත්‍ය වශයෙන්ම අපගේ දෑස මත චිත්‍රණය කරන සාධකයන්ය. වසර දෙසීයක්‌ කිසිවෙකුගේ හෝ විමසිලිමත්භාවයක්‌ නොලද ගෘහ භාණ්‌ඩ සැණෙකින් රටක පමණක්‌ නොව ජාත්‍යන්තරවද ගෞරවනීය සම්භාවනාවකට පාත්‍ර වූ අන්දම අපූරුය. අප කිසිවෙක්‌ නොදන්නා අතීතයක්‌ මෙම භාණ්‌ඩ දන්නේය. යමක්‌ පැවසිය හැකි නම් එම මොහොතේ සිදුවු සිදුවීම් එකිනෙක ගලපා අපට පහදා දෙන්නට මේසයද පුටුවද පසු නොබසිනු ඇත. එදා දළදා මැදුරේ මගුල් මඩුවේ උපශෝභිත බවත් අද වන විට එහි වන ඌනාතිරේකයත් විස්‌තර කළ හැකි එකම වස්‌තූන් වන්නේ මෙම දැවමුවා භාණ්‌ඩය.

අස්‌ගිරි පාර්ශවයේ අනුනායක වාරියපොළ සුමංගල හිමියෝ එදා ඔය මොහොතේ එතැන වැඩ සිටියා. ඉංග්‍රීසීන් ඔවුන්ගේ කොඩිය ඉහළ දමද්දී Ñ උඹලට තාම මේ රට යටත් වෙලා නැහැ.. තව වෙලාව තියෙනවා කියලා කතිර කොඩිය පහළට දාලා පෑගුවා. ඒ වන විට ගිවිසුම අත්සන් කර තිබුණේ නැහැ. සුමංගල හිමියෝ ජාතියේ නිදහස වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියා කළා.එදා ඉංග්‍රීසීන් සිංහලේ අවසන් රජු අල්ලා ගත්තට පස්‌සේ අපේ නිළමේ වරුන්ටවත් ඉංග්‍රීසීන්ට වත් ගිවිසුමකට එළඹීමේ අවශ්‍යතාවක්‌ තිබිලා නැහැ. මහා සංඝරත්නය තමයි ඒකට පසුබිම සකස්‌ කරලා බුද්ධාගම නොකෙළෙසිය යුතුයි. එහි අයිතිය ආරක්‌ෂා කර ගනිමින් පවත්වා ගෙන යා යුතුයි කියන වගන්තිය ඇතුළු තවත් යෝජනා ගිවිසුමට ඇතුළත් කරලා තියෙන්නේ. දළදා මාලිගාවේ තේවා කටයුතු ඒ වෙනකොට අස්‌ගිරි පාර්ශවය විසින් සිදුකර ගෙන ගොස්‌ තිබෙන්නේ.මඟුල් මඩුවේ පැවැති උත්සවයට අවශ්‍ය මේසය හා පුටුව මහා සංඝරත්නය මුල්වී සපයන්න ඇති. මොකද ඒ වෙන කොට දැන උගත් පිරිස අතර භික්‌ෂූන් වහන්සේ ඉදිරියෙන්ම හිටියා. මෙම ඓතිහාසික පසුබිමත් සමඟ ගිවිසුම අත්සන් කළ මේසය හා පුටුව අස්‌ගිරි පාර්ශවයට හිමිවී තිබෙනවා.....Ñයෑයි අස්‌ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද හිමියෝ ප්‍රකාශ කළහ.

පුරාවස්‌තු නොව ජාතියේ ප්‍රාණය ලෙස පණ මෙන් සුරැකිය යුතු මෙම භාණ්‌ඩ වල ආරක්‌ෂාව පිණිස පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවේ මැදිහත් වීමක්‌ ඇත්ද යන්න විමසුයේ, පුරාවිද්‍යා ගවේෂක ජනශ්‍රැති පර්යේෂක සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය මහනුවර ලෝක උරුම උපදේශක කමිටු සාමාජික විරංජන බාලසූරිය මහතාය. මේ මේසය මේ රටේ ඓතිහාසික ලියවිල්ලක්‌ අත්සන් කළ අතීත සිදුවීමක්‌ රඳවා තබන්නක්‌. ඇතැම් නිළමේවරු කැමැත්තෙන් අත්සන් නොකළ බව පැහැදිලි වන එක්‌ අවස්‌ථාවක්‌ තමයි උඩරට ගිවිසුම 1815 මාර්තු 02 ඉඳලා මාර්තු 10 වෙනිදා වෙනකල් අත්සන් කළ බව සඳහන් වීම. අපේ නිළමේවරුන්ගේ සහයෝගය ඇතිව 1815 පෙබරවාරි 14 දා තමයි ඉංග්‍රීසීන් රජු අල්ලන මෙහෙයුම ආරම්භ කළේ. ඊට දින හතරකට පස්‌සේ මැද මහනුවර බෝමුරේ ආරච්චිලගේ ගෙදරදී ඉංග්‍රීසීන් රජුව පණ පිටින් අල්ලා ගත්තා. කිසිම ලේ වැගිරීමක්‌ නැතිව තමයි සුද්දෝ උඩරට අල්ලා ගන්නේ. අපේම කලා ශිල්පීන් නිර්මාණය කළ මේසයක්‌ හා පුටුවක්‌ තමයි එදා ගිවිසුම අත්සන් කරන්න පාවිච්චි කළේ. මේ මේසය හා පුටුට දැන් අවුරුදු 200 කට වැඩි බව කවුරුත් පිළිගන්නවා. මෙහි අපේ පාරම්පරික කලා ශිල්පීය හැකියාවන් පෙන්නුම් කරනවා. මෙහි පෞරාණික බව, භාවිත කළ සිද්ධිය හා භාවිත කළ පුද්ගලයන් පිළිබඳ සැලකුවහම එය පුරාවිද්‍යාත්මක වටිනාකමක්‌ ඇති ආරක්‌ෂා කළ යුතු භාණ්‌ඩයක්‌ බව පැහැදිලියි. අනෙක්‌ කාරනය ඌව වෙල්ලස්‌ස කැරැල්ලට සම්බන්ධ වූ අපේ විරුවන් දේශෙද්‍රdaහීන් ලෙස නම් කිරීම හා මෙම මේසය අතර සම්බන්ධයක්‌ නැහැ. ඒ සිද්ධිය වන්නේ 1818 ජනවාරි 10 වෙනදා. උඩරට කැරල්ලට 1817 සැප්තැම්බර් 16 ඉඳලා 1818 නොවැම්බර් 26 දක්‌වා තිබුණා.මේ සටනේදී අපේ දස දහසක්‌ පමණ මරණයට පත්ව තිබෙන බව වධක පිටිය භාරව සිටි ජර්මන් ජාතික හෙන්රි මාෂල් පවසා තිබෙනවා. මේ සාධක එක්‌ක අපි අපේ අතීත ශ්‍රී විභූතිය විදහා පාන මෙවන් භාණ්‌ඩ තම පණටත් වඩා රැකිය යුතුයි. මොකද සමහරු පවසනවා මේ ඉතිහාස කතා ගොතන ලද ඒවා බවට. මෙවැනි අත්දුටු සාක්‌ෂි නිසා එම තර්ක බිදින්න අපට පුළුවන් වෙනවා. 

තම දේශයේ ආරක්‌ෂාව තහවුරු කොට අනාගත පරපුරට සිංහල දේශයක්‌ රැක දීමේ උදාරතර යුතුකමක්‌ ඉටුකළ විරුවන් දේශෙද්‍රdaහීන් ලෙසට පටබැඳ තිබූ ලේබලය ගලවා දමන්නට වසර හැටනවයකට පසුව හෝ සිංහලයා තෙලිතුඩ මෙහෙයවීම අගය කළ යුතුය. දේශප්‍රේමියකු යනු ජනතාවාදී ජනතා හිතෛෂි ජනහිතකාමි අයෙකි. ඔහුට හෝ ඇයට ඇත්තේ තම වරිගයා ගේ අනාගත ආරක්‌ෂාව පිළිබඳ කකියන රුධිරයකි. සිය දේශයේ ජාතිකානුරාගය පිළිබද කැක්‌කුමකි.

එවන් සැබෑම පිරිසකි ඌව වෙල්ලස්‌ස සටනට අසිපත් දැරූ සැලසුම් සැකසූ නොබියව ඉදිරියට පැමිණි හෙළයන් පිරිස.

ඒ අතුරින් බ්‍රිතානය අධිරාජ්‍යවාදීන් විසින් දඬුqවම් කරන ලද කැප්පෙටිපොල දිසාව ඇතුළු සිංහල වීරවරයින් දහනව දෙනා එම චෝදනාවලින් නිදහස්‌ කොට ඔවුන් නිදහස්‌ ශ්‍රී ලංකාවක්‌ වෙනුවෙන් දේශානුරාගයෙන් සටන් වැදුණු වීරවරයන් ලෙස ප්‍රකාශයට පත් කිරීමට වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් දිනෙක පියවර ගත්තේය. සෙසු වීරවරයන් නවසියයක්‌ දෙනා මේවන විටත් දේශෙද්‍රdaහීන් ලෙස නම් දරා ඇති ගිවිසුම අවලංගු කරමින් ඔවුහු දේශප්‍රේමීන් ලෙස නම් තබන්නේ ඉදිරි මාර්තු පළමුවැනිදාය. එදිනට ලී කැටයම් ඔබ්බවා තනා ඇති කළුවර මේසයත් පුටුවත් වසර දෙසිය දෙකකට පසුව මනුසත් ස්‌පර්ශයක්‌ ලබන්නේය. එපමණකුදු නොව දේශප්‍රේමී නාමය තැබු හෙළයෙකුගේ සුසුමද රඳවා තබා ගන්නේය. එදා වෛරී ෙච්තනා මුඛයෙන් දේශෙද්‍රdaහීන් යෑයි නම් තැබූ විදේශිකයකුගේ රෞද්‍ර හඬ වෙනුවට මෙදා කළුවර ලීය උකහා ගන්නේ මෛත්‍රී ෙච්තනාවෙන් ජාත්‍යාලයෙන් ඇලලුණු සහෘද බැදීම්ය . විරුවෙක්‌ උසස්‌ කොට රටට ජාතියට ආදරය කල දහසකට ආසන්න පිරිසකට යළි ජීවය දෙන්නට සැරසෙන මේ මිනිසුන්ගේ හඬ හා ගැටෙමින් දැවමුවා භාණ්‌ඩ තවත් කල්ප ගණනාවක්‌ යෙහෙන් වැජඹෙනු නියතය. ඒ තාක්‌ සිංහලයා ද වැජඹිය යුතුය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.