ආත්‍රයිටිස්‌ සුව කරන
සිද්ධායුර්වේද ක්‍රමය


ප්‍රශ්නය - පසුගිය සති කිහිපය තුළ ඔබ අපට දීර්ඝ වශයෙන් විස්‌තර කළා ආයුර්වේද ප්‍රතිකාර ආශ්‍රයෙන් ආත්‍රයිටිස්‌ රෝගය සුව කරන්නේ කොහොමද කියලා. මේ අතර අපට දැන ගන්නට ලැබෙනවා සිද්ධායුර්වේදය නමැති විෂයයේ සිද්ධ නමැති කොටස ගැන. සිද්ධ සහ ආයුර්වේදය යන දෙක එක්‌ව තියෙන නිසා අප දැන ගන්නට කැමැතියි. ඒ ගැන පැහැදිලි කිරීමක්‌ සහ එමගින් ආත්‍රයිටිස්‌වලට ප්‍රතිකාරයක්‌ කර ගත හැකිද යන කාරණය.

වෛද්‍ය වසන්ත උදයජීව - දෙමළ ජනතාවගේ පාරම්පරික වාස භූමියක්‌ වන තමිල්නාඩුව ක්‍රි. පූ. 4 වන සියවසේ සිට ක්‍රි. ව. 2 වන සියවස දක්‌වා කාලය තුළ සොලී, පාඬි, කේaරළ යන රාජ පරම්පරා විසින් පාලනය කළ විශාල රාජධානියක්‌ව තිබුණා. තමිල්නාඩුව, කේරළය, පුදුචෙරි, ලක්‍ෂාදේවින්, අන්ද්‍රd ප්‍රදේශ්, කර්නාටක කියන ප්‍රාන්ත සහ ප්‍රදේශ සියල්ලම මේ රාජධානියට අයත් වූහ. මේ රාජ්‍යයේ දකුණු පැත්තේ සීමාව තමයි ඉන්දියන් සාගරය, වම් පැත්තේ සීමාව අරාබි මුහුද. ඒ වනවිට වසර දහස්‌ ගණනකට පෙර ලංකාවෙන් ගිය ආයුර්වේදය එහි තිබුණා. ඒ වගේම අරාබි මුහුද පැත්තෙන් ආ ඉස්‌ලාමීයයන් රැගෙන ආ යුනානි වෙදකමත් (අරාබි වෙදකම) එහි තිබුණා. ඊට අමතරව ඔවුන්ගේ පාරම්පරික සිද්ධ වෙදකමත් එහි තිබුණා. පසු කාලයේදී සිද්ධ සහ ආයුර්වේද දෙක එකතු වූහ. සිද්ධ කියලා හඳුන්වන්නේ සෘෂිවරුන් පරම්පරාවකටයි. අගස්‌ති සෘෂිවරයා සිද්ධි සෘෂිවරයා. ඔහුට සමගාමීව ලංකාවේ සිටි සෘෂිවරයා තමයි පුලස්‌ති සෘෂිවරයා. ඔහු රාවණා රජුගේ මාමණ්‌ඩිය ලෙසත් හැඳින්වෙනවා. මේ සෘෂිවරු බෙහෙත් කළේ ගුප්ත ශාස්‌ත්‍රය සහ අධ්‍යාත්මික බලය එකතු කරගෙනයි. සිද්ධ වෙදපොත් සියල්ලම පාහේ පුqස්‌කොළ පොත්වල ලියා තිබෙනවා. එම වෙදකම ශිව දෙවියන් විසින් සිය බිරිය වූ පාර්වතී දේවියට කියා දී ඇති බවත්, ඇය එම වෙදකම කතරගම දෙවියන්ට ඉගැන්වූ බවත් කියනවා. කතරගම දෙවියන් එය අගස්‌ති සෘෂිවරයාට උගන්වනවා. අගස්‌ති සෘෂිවරයා එය වෙනත් සිද්ධ සෘෂිවරුන් 18 දෙනකුට කියා දෙනවා. සිද්ධි ශාස්‌ත්‍රය පැතිර යැමත් එය වෛද්‍ය ක්‍රමයක්‌ ලෙස ප්‍රචලිත වීමත් පටන් ගන්නේ එතැන් සිටයි. ආයුර්වේදය සහ සිද්ධ වෙදකම අතර වැඩි වෙනසක්‌ නැහැ. එකම වෙනස තමයි වාත, පිත්ත, කප යන තුනෙහි හැසිරීම ආයුර්වේදයේදී එක විදියකටත් සිද්ධ වෙදකමේදී තව විදියකටත් අර්ථකථනය වීම.

ප්‍රශ්නය - අප මෙතෙක්‌ සාකච්ඡා කරගෙන ආ විෂය, එනම් ආත්‍රයිටිස්‌ රෝගයට සිද්ධ ක්‍රමය යටතේ ප්‍රතිකාර තිබෙනවාද?

වෛද්‍ය වසන්ත උදයජීව - මා ආත්‍රයිටිස්‌ රෝගයට ප්‍රතිකාර කරන්නේ සිද්ධායුර්වේදය සහ සිංහල පාරම්පරික දේශීය වෙදකම මිශ්‍ර කරලා. මේ නිසා මගේ බෙහෙත්වල සිද්ධ ක්‍රමයත් තිබෙනවා. එහෙත් අපි සිද්ධ ක්‍රමය වෙනම ගෙන පර්යේෂණ කළොත් පෙනී යනව ආත්‍රයිටිස්‌ රෝගයට සුවිශේෂ වූ ප්‍රතිකාර සහ වෛද්‍යවිද්‍යාත්මක අර්ථකතන සිද්ධ වෙදකමේ තිබෙන බව. එම මුලින්ම කියනවා උතිsර වාත සුරෝතිනම් හෙවත් වසි අසල් කිල් වායු කියන රෝගයක්‌ ගැන. මේ තමයි රූමැටික ආත්‍රයිටිස්‌ රෝaගය. සිද්ධ වෛද්‍ය ග්‍රන්ථවල සඳහන් වන ආකාරයට රූමැටික ආත්‍රයිටිස්‌ රෝගය තුළ රෝග දෙකක ලක්‍ෂණ තිබෙනවා. පළමුවැන්න තමයි මුලින් කී උතිරවාත සුරෝතිනම්, දෙවැන්න තමයි අසල් කීල් වායු රෝගය උතිරවාත සුරෝතිනම් කියන්නේ වාත රෝගයක්‌. එය හට ගන්නේ වාතය කුපිත වීමෙන්. සිද්ධි විද්‍යාවට අනුව අනෙක්‌ වාත රෝගවලදී වාතය පමණක්‌ කෝප වුණත් ආත්‍රයිටිස්‌ රෝගයේදී වාතයත් පිතත් දෙකම කෝප වෙනවා. රූමැටික ආත්‍රයිටිස්‌ හැදුනාම කුඩා සන්ධි ඉදිමිලා වේදනාව හට ගැනීමත්, මානසික පීඩනය ඇතිවීමත්, ආතතිය සහ කුසගිනි නැතිකම හට ගැනීමත් සිදු වෙනවා. සිද්ධි වෛද්‍ය විද්‍යාව කියන්නේ වාතයත් පිතත් එකවර කෝප වුණාම එසේ වන බවයි. සම්බති කයේදු නමැති සිද්ධි වෛද්‍ය ග්‍රන්ථයේ මේ ගැන විස්‌තර සඳහන් වෙනවා.

ප්‍රශ්නය - සිද්ධි ඖෂධ සහ ආයුර්වේද ඖෂධ අතර වෙනසක්‌ තිබෙනවද?

වෛද්‍ය වසන්ත උදයජීව - නැහැ. දෙකේම පදනම ශාක සාරයයි. ඒ නිසා ආයුර්වේදයේදී පාවිච්චි කරන විෂ නාශකයක්‌ වූ කහ, ප්‍රදාහ තත්ත්වයන් නැතිකරන අමුක්‌කරා, වේදනා නාශකයක්‌ සහ ප්‍රතිජීවකයක්‌ වන ඉඟුරු, ප්‍රදාහ තත්ත්වයන් නැති කරන එඬරු වැනි දේවල් මෙහිදී ප්‍රයෝජනයට ගන්නවා.

ආත්‍රයිටිස්‌ රෝගයට ආයුර්වේද කසායක්‌

රසකිඳ, නිකමුල්, දේවදාර, කොත්තමල්ලි, බෙහෙත් එඬරු මුල්, බැබිල මුල්, තොටිල්ල පොතු යනාදිය කලං 1 මංචාඩි 17 බැගින් ගෙන පත 8 එකට සිඳ පෙරා රෝගියාගේ ශරීර තත්ත්වයට ගැලපෙන පරිදි සීනි හෝ මී පැණි දමා උදේ සවස කෝප්ප භාගය බැගින් දින 6 ක්‌ පානය කරන්න.

(සිද්ධ වෛද්‍ය ක්‍රමයට අයත් වන අගනා කසායකින් ආත්‍රයිටිස්‌ සඳහා සුවය ලබන සතියේදී)

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.