කවුරුත් කතා නොකරන රහස්‌ රෝගයට
රණවරා, පොල්පලා, පිටවක්‌කා ඉතාම හොඳයි

ප්‍රශ්නය - ශ්වේත ප්‍රදරයේ විද්‍යාත්මක පැත්ත ගැනත් ශ්වේත ප්‍රදරය යනු රෝගයක්‌ නොව රෝග ලක්‍ෂණයක්‌ පමණක්‌ බවත් පසුගිය සතියේදී ඔබ සමඟ කළ සාකච්ඡාවේදී හෙලි වුණා. එසේම ශ්වේත ප්‍රදරය පවතින අවස්‌ථාවේදී ඇඟ නිවන, එනම් ශරීරයේ සමස්‌ත පද්ධතියටම සිසිල් ගුණය ලබා දෙන ආහාර වට්‌ටෝරුවකුත් ඔබ අපට කියා දුන්නා. උෂ්ණ ආහාර මොනවද කියන එක තවදුරටත් කතා කළ යුතු බවයි අපේ අදහස.

වෛද්‍ය කෞමදි කරුණාගොඩ - සමහර ආහාර වර්ග ගත්තම එය ශරීරයටට බලපාන අන්දම උෂ්ණ වීර්යය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ශීත වීර්යය වෙන්න පුළුවන්.

(වීර්ය ගුණ මොනවාද යන්න දැන ගැනීම සඳහා පසුගිය සිතියේ පළ වූ මේ ලිපියේ මුල් කොටස බලන්න) උෂ්ණ වීර්ය ගුණයන් දෙන ආහාර ගන්නවා නම් අන්න එතැනදී අප කියනවා මේ කෑම උෂ්ණයි කියලා. දෙල්, බලමාළු, ජාඩි, කරවල, විනාකිරි, තක්‌කාලි, බිලිං වැනි ආහාර වැටෙන්නේ ඒ උෂ්ණ ගුණයටයි. නව්‍ය විද්‍යාෙවේ හිස්‌ටමින් කියල දෙයක්‌ සොයාගෙන තියෙනවා. සමහරුන්ට දෙල් කෑවට අගුණයක්‌ නැහැ. තව තමහරුන්ට දෙල් කෑවම අගුණයි. දකුණු පළාතේ අය බලමාළු ඇති තරම් කනවා. ඒ අයට එකේ කිසි ප්‍රශ්නයක්‌ නැහැ. හැබැයි රටේ සෙසු ප්‍රදේශවල ඉන්න සමහරුන්ට බල මාලු කන්න බෑ. හෙම කෑවම ඔවුන්ගේ ඇඟ කසනවා. පලු දානවා. ඇස්‌ කසනවා. මුත්‍රා දැවිල්ල එනවා. සමහරුන්ට ආමාශය තුළ හට ගන්නා දාහය වැනි යමක්‌ උගුරු දිගේ ඉහළට එන බවත් දැනෙනවා. මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌. ආයුර්වේදයේ මේකට කියන්නේ පුද්ගල ප්‍රකෘතිය කියලයි. ඒ කියන්නේ මෙහෙමයි. මම කියන පුද්ගලයා ගත්තොත් මගේ ශරීරයේ වාත දෝෂය කියන එක වැඩියි. ඒක තමයි මගේ ඇඟේ විදිය.

තව දුරටත් කියනවා නම් මගේ නිරෝගී ස්‌වරූපය තමයි එය. ඒ අනුව මගේ ශරීරයට වැඩිපුර අල්ලන්නේ වාතයට හිතකර ආහාර. නමුත් වාත දොaෂය අඩු කෙනෙක්‌ වාතය ජනනය කළ ආහාර වැඩියෙන් ගත්තොත් ඒක අපථ්‍ය වෙන්න පුළුවන්. ඔන්න ඔය විදියට තමයි අපි උෂ්ණ සංකල්පය විග්‍රහ කරන්නේ. නව්‍ය වෛද්‍ය විද්‍යාවේ මේකට 'ඇලජි' කියලා කියනවා. ආයුර්වේදයේදී කියනවා ප්‍රකෘතියට පටහැනි ආහාර ගැනීම නිසා ඇතිවන ප්‍රශ්නකාරී තත්ත්වය කියලා. පිත වැඩි පුර තියෙන කෙනෙක්‌ පිත ප්‍රකේප කරවන ආහාර ගත්තොත් පිත් දෝෂ හට ගන්නවා. එවිට ශරීරය උණුසුම් කරන තත්ත්වයක්‌ හට ගන්නවා. උෂ්ණය කියන්නේ ඒකයි.

ප්‍රශ්නය - ඒත් අපි දේශීය වෛද්‍යවරයකු වෙත ගියාම ඔහු කියනවා ඉස්‌සො, දැල්ලො, බලමාළු, තක්‌කාලි, අන්නාසි කන්න එපා කියලා.

වෛද්‍ය කෞමදි කරුණාගොඩ - ඒක තීරණය වෙන්නේ ඒ වෛද්‍යවරයා දෙන ඖෂධවලට අනුවයි. සමහර වෛද්‍යවරු දෙන කසාය වර්ගවලට 'ක' යන්නෙන් එන ආහාර සුදුසු නැහැ. උදාහරණයක්‌ වශයෙන් කරවල, කරවිල, කැකිරි. කංකුං, වගේ දේවල් හරියන්නේ නැහැ. ඒක එක්‌තරා රටාවක්‌. ජ්‍යොතිෂය පිහිටන්නෙත් ගණිත ක්‍රම උඩ. ගණිතය විද්‍යාත්මක නම්, ඒ අනුව ජ්‍යොතිෂයත් විද්‍යාත්මකයි. කොයි වෛද්‍ය ක්‍රමයත් විද්‍යාත්මකයි. ඒ නිසා ඒ ඒ වෛද්‍ය ක්‍රමවලට අනුරූප ක්‍රමවේදත් විද්‍යාත්මකයි. මන්තර විද්‍යාත්මක ද කියලා සමහරු අහනවා. ශබ්ද තරරංග විද්‍යාත්මකයිනේ. ඒ ශබ්ද තරංග තමයි මන්ත්‍රවලින් නිකුත් වෙන්නේ. මේ නිසා ඒ එකක්‌වත් බැහැර කරන්න බැහැ. සමහරුන්ට ශ්වේත ප්‍රදරය ඇති වුණාම ආහාරවල බලපෑම එන්නෙත් මේ විදියටයි.

ප්‍රශ්නය - ශ්වේත ප්‍රදරය සමනය කර ගැනීමට සුදුසු කැඳ වර්ග තිබෙනවාද?

වෛද්‍ය කෞමදි කරුණාගොඩ - රණවරා කැඳ, පොල්පලා, හාතාවාරිය කැඳ, පිටවක්‌ක කැඳ ඉතා යෝග්‍යයි. කලු උක්‌ගස්‌, නෙල්ලි, තැඹිලි, රට ඉඳි, පේර, මිදි ඉතාම සුදුසුයි.

නොමිලේ විස්‌තර 011-5289248/077 7620948
සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.