අනතුර කල්තියා හැඳිනගනිමු

අද රට දැය සමය ගැන කතාකිරීම ඇතමුන්ගේ ඇසට කටු අනින්නාක්‌ බඳුය. ජාතිය අනතුරේ වැටෙන විට ජාතිය අවදිකිරීමට කතා කිරීම ගර්හාවට නින්දාවට ලක්‌ කරමින් මොවුන් සැබෑ අනතුර ජනතාවගෙන් වසන් කිරීමට තැත් දරති.

අපේ මේ මවුබිම එදා රැකුණේත් අද රැකෙන්නේත් රට දැය සමය ගැන සිතා කටයුතු කළ අදීන මිනිසුන් නිසාය. අනාගතයේදී ඇතිවිය හැකි අනතුර කල් තියා හඳුනාගෙන ජනතාව අවදිකරන්නට ඉදිරිපත් වන දුරදැක්‌මක්‌ ඇති මිනිසුන් නිසාය. සැබෑ ජනතා නායකයෝ නම් ඔවුහුය. රටක එවැන්නෝ පහළ වන්නේ ද අතිශය කලාතුරකිනි. ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා ජාතිය අවදිකිරීමට එදා කළ දුෂ්කර සටන නොදන්නා කෙනෙක්‌ නැත. ජාතිය ගිලී සිටි පරගැති චින්තනයෙන් එය මුදවා ගැනීමට එතුමා ගත් වෑයම තඹ දොයිතුවකට මායිම් නොකර එතුමාට අපහාස කළ ජාතිෙද්‍රdaහීහු එදා කොපමණ වීද? අදත් එහි වෙනසක්‌ නැත. පරගැති චින්තනයෙන් ඔද්දල් වුණු කුහක මිනිසුන්ට මේවා තිත්ත කසාය බඳුය.

රටට මුහුණදීමට සිදුවන අනාගත අනතුර කල්තියා හැඳිනගෙන ඊට සූදානම් වීම අද දවසේ කාගේත් වගකීමයි. ගැතිකම් පළවා හැර අදීන ජාතියක්‌ ගොඩනැගීමට කැපවීමට රට වෙනුවෙන් අද දවසේ අපේ යුතුකමයි.

කොහොඹදෙණියේ කරුණාරත්න
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.