පාරිභෝගික රිසිට්‌ පත අනිවාර්ය කරන්න

පෞද්ගලික හෝ ලංගම බස්‌ රථයක ගමන් කරන විට දුන් මුදලට ටිකට්‌ පතක්‌ නිකුත් කළ යුතු යෑයි නීතියක්‌ ඇත. එහෙත් වෙළෙඳ සැලකින් යම් භාණ්‌ඩයක්‌ මිලදී ගත් විට ඒ සඳහා රිසිට්‌ පතක්‌ නිකුත් කිරීම බොහෝ වෙළෙඳසැල් හිමියන් සිදුකරන්නේ නැත. එය අනිවාර්ය බවට නීතියක්‌ පවතින බවක්‌ද දැනගැනීමට නැත.

පාරිභෝගික ජනතාවට මෙයින් මහත් අසාධාරණයක්‌ සිදුවන්නේ මේ නිසා වෙළෙඳසැල් හිමියන්ට හිතූ මිලකට භාණ්‌ඩ අලෙවිකිරීමට මේ නිසා ඉඩ සැලසී ඇති නිසාය.

පාරිභෝගික අධිකාරියේ වගකිවයුතු බලධාරීන්ගේ අවධානය මේ පිළිබඳ වහා යොමු විය යුතු අතර ඕනෑම වෙළෙඳසැලකින් යම් භාණ්‌ඩයක්‌ මිලදීගත් විට ඒ සඳහා රිසිට්‌ පතක්‌ (බිලක්‌) නිකුත් කිරීම අනිවාර්ය කළ යුතු අතර එය ක්‍රියාත්මක නොකරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම පාරිභෝගික අධිකාරිය සතු වගකීමකි.

වසන්ත ද සිල්වා, වැලිගම

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.