අගමැතිතුමනි, සුරපුරයට පෙර බත්පතට සහනයක්‌ දෙන්න

ශ්‍රී ලංකාව ආසියාවේ සුරපුරය බවට පත්කරන බව අගමැතිතුමා කියයි. මහජනතාවගේ සාක්‌කු සල්ලිවලින් පුරවන බව කියයි. ඩෙනිම් කලිසම් සහ බ්‍රේස්‌ලට්‌වලට පසු මේ එතුමා ජනතාව හමුවේ තබා තිබෙන අලුත් පොරොන්දු දෙකයි.

ජනතාවට කෙසේවෙතත් දේශපාලක සහ ව්‍යාපාරික ඇතුළු පිරිස්‌වලට අපේ රට දැනටමත් ආසියාවේ සුරපුරය වී හමාරය. ජනතාවගේ සාක්‌කු පිරෙනවා වෙනුවට දේශපාලකයින්ගේ සාක්‌කු නොයෙක්‌ දීමනා සහ වැටුප් වැඩිවීම් යනාදියෙන් දැන් පිරීගොස්‌ ඇත.

අද ජනතාවගේ සාක්‌කු හිස්‌වන්නේ ප්‍රධාන වශයෙන් හාල් සහ පොල් මිලදී ගැනීමට යැමෙනි. නාඩු හාල් කිලෝව රුපියල් සියයකි. ඒ අවනඩුව කියන්නේ කාටද? ඒ ගැන කියා පොල් ගහන්නටවත් බැරිය. පොල් ගෙඩිය රුපියල් හැත්තෑවකි. මිරිස්‌ තුනපහ ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අහස උසට නැග ඇත. රට ආසියාවේ සුරපුරය දෙසට යද්දී ජනතාවට පොල් සම්බෝලය සමග ගිලදමන බත් කටද අහිමි වෙමින් තිබේ.

එබැවින් අපේ රට ආසියාවේ සුරපුරය කිරීමට පෙර ජනතාවට පොල් සම්බෝලයක්‌ සමග බත් කටක්‌ කෑමට හැකි තත්ත්වයක්‌ උදාකර දෙන මෙන් ගරු අගමැතිතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලමි.

කිංස්‌ලි රණසිංහ, නාරංවල

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.