සෞඛ්‍ය ඇමති තුමනි,
ඖෂධ මිල පාලනය තවත් පුළුල් විය යුතුයි


වත්මන් ආණ්‌ඩුව අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48 ක්‌ මිල ගණන් අඩුකර ඇති බව සඳහන් කර ඇතත්, රෝගීන්ට අනිවාර්යයෙන්ම අවශ්‍ය ඇතැම් එන්නත් වර්ග හා ඖෂධ වර්ග රාශියක මිල ගණන් තවමත් ඉහළ මට්‌ටමක පවතී.

අපේ රටේ ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ යටතට දියවැඩියාව රෝගය සඳහා භාවිත කරන ඖෂධ එකතු විය යුතු වුවත් දියවැඩියා රෝගීන්ට අවශ්‍ය කරන ඉන්සියුලින් 70/30 වර්ගයේ බටයක කලින් පැවති මිල රු. 667 ක්‌ වන අතර පසුගිය දිනවල එය රු. 720.50 දක්‌වා වැඩිවී ඇත. එසේම පුරස්‌ථි ග්‍රන්ථියේ ආබාධිතයන්ට අවශ්‍ය වන ඖෂධ ද විවිධ වෙළෙඳ නාම යටතේ රු. 1043/- ක්‌ දක්‌වා මිල ගණන් යටතේ අලෙවි වේ.

මෙම තත්ත්වය විශ්‍රාමික ප්‍රජාවට පමණක්‌ නොව සාමාන්‍ය පොදු ජනතාවට ද දරාගත නොහැකි හෙයින් මෙම මිල අධික ඖෂධ වර්ගවල ද මිල ගණන් සාධාරණ ලෙස අඩුකිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙනු කැමැත්තෙමි.

ගුණසේන මාරඹේ, කඩුවෙල

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.