විශ්ව ශක්‌තිය පිළිබද ඔබ දැනුවත්ද?

ඔබ දන්නවද විශ්ව ශක්‌තිය කියන්නේ කුමක්‌ද කියල? ඔබ අසා ඇති විශ්ව ශක්‌තිය මගින් රෝග සුව කිරීමේ හැකියාව ගැන. අපේ රටෙත් විශ්ව ශක්‌තිය මගින් රෝග සුව කරන්නන් සිටිනවා. විශ්ව ශක්‌තිය කියන්නේ මේ මුළු විශ්වය තුළ විහිදී ඇති ප්‍රබලම ශක්‌තියයි. මෙය සමහරු ශක්‌ති කියලත්, තව සමහරු ප්‍රාණ කියලත් හඳුන්වනවා. මේ මුළු ලෝකයම ශක්‌ති ප්‍රභවයක්‌. අප එහි එකම එක කුඩා තිතක්‌ පමණයි.

මෙලොව ජනිත වන සෑම කෙනෙකුගේම සිරුර තුළ මේ ශක්‌තිය තිබෙනවා. අපේ පැවැත්ම සිදු වන්නේ මේ ශක්‌තිය මතයි. කෙනකුගේ ජීවිතය රැඳී තිබෙන්නේ ඔහුගේ හුස්‌ම නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසය මත බව ඔබ දන්නවා. විනාඩි 5 ක්‌ ඔබ හුස්‌ම නොගතහොත් ඔබ මියයනවා. ඔබ මේ ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ සාමාන්‍ය සුළඟයි, වාතයයි. එසේ නම් ජීවයක්‌ පවත්වාගෙන යන එම සුළඟ, වාතය කෙතරම් ප්‍රබල විය යුතුද?

විශ්ව ශක්‌තිය සාමාන්‍යයෙන් අපේ සිරුරට පිවිසෙන්නේ අප තද නින්දක සිටින විට හෝ සම්පූර්ණ නිශ්චල තත්ත්වයක සිටින විටයි. නමුත් මෙම ශක්‌තිය අපේ එදිනෙදා ක්‍රියාකාරකම් සමඟම වැයවී යනවා. අප රෝගී වන අවස්‌ථාවල වෛද්‍යවරු අපට විවේක ගන්න යෑයි කියනවා. ඒ වැයවන ශක්‌ති ප්‍රමාණය අවම කිරීමටයි. එවිට සිරුරේ විශ්ව ශක්‌තිය වැඩි වීමෙන් අපේ ප්‍රතිශක්‌තිය ඉහළ නංවල අපව සුවපත් කරනවා. නමුත් මෙම ශක්‌තිය අපට වඩ වඩාත් ලබා ගැනීමට ක්‍රමයක්‌ තිබෙනවා. එනම් භාවනාවේ යෙදීමයි. භාවනා කරන විට අපේ හිස මුදුනින් මෙම ශක්‌තිය අපේ සිරුර තුළට ගලාගෙන එනවා. වඩ වඩාත් භාවනාවේ යෙදෙන්නේ නම් වඩ වඩාත් විශ්ව ශක්‌තිය අප සිරුර තුළට ගලා එනවා. ඒ නිසයි භාවනාවේ යෙදෙන විට අයෙක්‌ මානසිකව මෙන්ම ශාරීරිකව සුවපත් වන බව පැවසෙන්නේ. එපමණක්‌ද? විශ්ව ශක්‌තිය වැඩියෙන් සිරුරට ලැබෙන විට උසස්‌ මානසික ශක්‌තියක්‌ සහ අවබෝධයක්‌ ලැබෙනවා. විශ්ව ශක්‌තියට අති විශාල සුවපත් කිරීමේ බලයක්‌ තිබෙනවා. සිරුරට ඇතුල් වෙන විශ්ව ශක්‌තිය සිරුර තුළ ගලා ගොස්‌ රෝගී තත්ත්වයන් සුවපත් කරනවා.

භාවනාව කියන්නේ එක්‌ ආගමකට හෝ ජාතියකට සීමා වූවක්‌ නොවේ. නමුත් එය මනුෂ්‍යයන්ට සීමා වූවක්‌. තිරිසනුන්ට භාවනා කිරීමට හැකියාවක්‌ නැහැ. ඔබ දන්නවාද කුඩා ළමයින්ට පවා භාවනාවේ යෙදෙන්නට පුළුවන් බව. අවු. 5 න් පසු ඕනෑම දරුවෙකුට භාවනාවේ යෙදෙන්න පුළුවන්. එය අප පුරුද්දක්‌ ලෙස කරනවා නම් අද අපේ සමාජය බොහෝ රෝගවලින් තොර වෙනවා. අනෙක එය එතරම් අපහසු කාර්යයක්‌ නොවේ. භාවනාවේ යෙදෙන කාලසීමාව වයස අනුව වෙනස්‌ වෙනවා. වයස අවු. 30 ක පමණ කෙනෙකුට විනාඩි

30 ක කාලයක්‌ භාවනාවේ යෙදිය හැකියි. සමහරු පවසන පරිදි භාවනා කිරීමට කිසිම ගුරුවරයෙකු අවශ්‍යම නැහැ. ඔබේ ගුරු විය යුත්තේ ඔබේ නිමිත්තයි. ආනාපානාසති භාවනාවේදී නම් එය ආශ්වාස සහ ප්‍රශ්වාසයයි. නැත්නම් හුස්‌මයි. ආනාපානසති භාවනාව අප කවුරුත් දන්නා සරල භාවනාවක්‌. මේ භාවනාව ඉතා පහසු මෙන්ම ඉතා ඵලදායී භාවනාවක්‌.

භාවනාවේදි අප සිරුරත්, මනසත් ඒකාග්‍ර තත්ත්වයකට පත්වනවා. භාවනාවේදී පළමුව සැලකිය යුත්තේ ඉරියව්වයි. එය ඉතා පහසු ඉරියව්වක්‌ වීම ඉතා වැදගත්. ඒ වගේම ඔබට පහසු ඕනෑම ස්‌ථානයක භාවනා කළ හැකියි. දෙනෙත් පියාගත යුතුයි. කිසිම මන්ත්‍රයක්‌ හෝ වචන මිමිණිය නොයුතුය. මනස කියන්නේ සිතුවිලි බණ්‌ඩලයක්‌. සිතුවිලි, මනස සහ සිරුර ඒකාග්‍රතාවක පවත්වාගෙන යැම සදහා තම ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳ අවධානය යොමුකළ යුතුයි. සිතට එන සිතුවිලි පසුපස නොයා යුතුයි. මෙසේ කරන විට එක්‌ අවස්‌ථාවක අප හුස්‌ම ගන්නා බවක්‌ නොදැනී යනවා. සිතුවිලි නවතිනවා. මෙය සමාධි අවස්‌ථාව ලෙස හැදින්වෙනවා. මේ විශ්ව ශක්‌තිය සිරුර තුළට ගලාඑන අවස්‌ථාවයි. අපගේ ශක්‌ති ශරීරය නැත්නම් ඕරා එක වෙතට ගලා එන විශ්ව ශක්‌තිය ශක්‌ති නාඩි 72,000 ක්‌ පමණ ජනිත කරනවා. අපේ සිරුරේ පංෙච්න්ද්‍රිය ක්‍රියාවලිය සිදුවන්නේ මෙම විශ්ව ශක්‌තිය මතයි. අප තුළ ඇතිවන සෘන සිතුවිලි විශ්ව ශක්‌තිය ලබා ගැනීමට බාධා පමුණුවනවා. සියලුම රෝගවලට මුල ශක්‌ති ශරීරයේ විශ්ව ශක්‌තිය අවම වීමයි. කණගාටුව, කණස්‌සල්ල, දැඩි ශෝකය වැනි සෘණ සිතුවිලි හටගත් විට ශක්‌ති ශරීරයේ සිදුරු ඇති වනවා. විශ්ව ශක්‌තිය වැඩි වැඩියෙන් ලැබෙන විට එම සිදුරු වැසී යනවා. අපගේ සිතුවිලි ආවේග, වෙන අයගෙන් අප කරා එන චිත්ත ශක්‌තිය, කිරණ, ශබ්දය, ආලෝකය, වර්ණ, චුම්භක පද්ධති ආදී කී නොකී සෑම ශක්‌ති කිරණ තරංගයත්, අපගේ පයට පෑගෙන තණ කොළ ගසේ සිට ඈත එපිට ග්‍රහලෝක දක්‌වා ඇතිවෙන සියලු ශක්‌ති කිරණ තරංග විපර්යාසයත් අපට නොදැනීම මේ ශක්‌ති ශරීරය තුළින් අපට බලපෑම් ඇති කරන බව සොයාගෙන තිබෙනවා.

ඔබ අහල තියනවද පිරමීඩ ගැන. මේවා වැඩි වශයෙන් පිහිටා ඇත්තේ ඊජිප්තුවෙයි. අනාදිමත් කාලයක සිටම ඊජිප්තුවේ විශ්ව ශක්‌තිය මගින් රෝග සුව කිරීම පිළිබඳ වාර්තා වී තිබෙනවා. පිරමීඩයක හැඩය අනුව එයට ලොව පිහිටි විශ්ව ශක්‌තිය වැඩියෙන්ම ලැබෙනා එකම ආකෘතියයි. එය ඕනෑම ද්‍රව්‍යයකින් නිෂ්පාදනය කළ හැකිය. එය එහි ශක්‌තියට බලපාන්නේ නැහැ. විශාල වශයෙන් ලැබෙනවා. අප පිරමීඩයක්‌ තුළ භාවනා කළොත් අපට ලැබෙන විශ්ව ශක්‌තිය අප භාවනාවේ සාමාන්‍යයෙන් ලබා ගන්නා ශක්‌තිය මෙන් තුන් ගුණයක්‌ වෙනවා. පිරමීඩයක්‌ සෑම පැත්තකින්ම අංශක 51.5 ක්‌ වෙන ලෙස සකසා තිබෙනවා. එය නියම උතුර, දකුණ, නැගෙනහිර සහ බටහිර දිශාවන්ට පෙළගැසීමක්‌ සිදුකර තිබෙනවා. මේ නිසාම එයට විශාල ශක්‌තියක්‌ ලැබී තිබෙනවා වාස්‌තු විද්‍යාවේ වාස්‌තු දෝෂ ඉවත් කිරීමටද මෙම පිරමීඩ සංකල්පය යොදා ගන්නවා. පිරමීඩයක ඉහළ මුදුනේ පළිඟුවක්‌ සවිකිරීමෙන් මෙම විශ්ව ශක්‌තිය තව තවත් වර්ධනය කරගත හැකි වනවා.

ඔබ දන්නවා මේ වන විට ලොව නොයෙකුත් බෝ නොවන රෝග ශීඝ්‍රයෙන් පැතිර යනවා. සමහර එවැනි රෝගවලට අද වන තුරුත් සුවකිරීමට ඖෂධ සොයා ගෙන නැහැ. නමුත් අපට භාවනාව තුළින් ලබා ගන්නා විශ්ව ශක්‌තිය මගින් මෙම රෝග වැළඳීම වළක්‌වාගත හැකි වනවා. අපේ දරුවන්ට කුඩා කළ පටන්ම සිරුරට ව්‍යායාම් මෙන්ම මනසට භාවනාවත් හුරුපුරුදු කළ යුතු වනවා. දවසේ විනාඩි 15 ක පමණ සුළු කාලයක්‌ මේ සඳහා මිඩංගු කිරීම ප්‍රමාණවත් වෙනවා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.