පැනය ඔබෙන් පිළිතුර අපෙන්

දර්ශනී ද සිල්වා- මාතර

ප්‍රශ්නය- මාගේ විවාහය කෙදිනක සිදු වේද? එය මාගේ ජීවිතයට කෙසේ බලපායිද?

පිළිතුර - ඔබ දැනට ගත කරන්නේ සිකුරු මහ දශාවයි. එය 2017.09.17 දක්‌වා පවතී. ඔබගේ විවාහය 2019 ට පෙර සිදු වන අතර, විවාහ ප්‍රමාදය මෙම කේන්ද්‍රය තුළින් පෙන්නුම් කරයි. එසේ නමුත් විවාහ සහකරු ඔබගේ ප්‍රේම සම්බන්ධතාවයක්‌ මත සිදු වන අතර, ඔහු මූල්‍ය හා පරිපාලනය ආශ්‍රිත රැකියාවක්‌ කරන්නෙකු වේ. විවාහයෙන් පසු දියුණුවක්‌ සිදු වන අතර, දරු සම්පත්ද පෙන්නුම් කරයි.

සුසිලා වික්‍රමසිංහ- නුවර

ප්‍රශ්නය- මාගේ දියණියගේ අධ්‍යාපනය, විවාහය සහ අනාගතය කෙසේ වේද?

පිළිතුර - ඔබගේ දියණියගේ ඡන්ම පත්‍රයට අනුව දැනට පවතින්නේ බුධගේ මහ දශාවයි. එය අවුරුදු 19 මාස 8 දින 12 ක්‌ ලබා අවුරුදු 17 ක්‌ ඉදිරියට පවතී. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විවාහය වයස අවුරුදු 26 දී සිදු වන අතර, ප්‍රේම සම්බන්ධයක්‌ මත සිදු වේ. ඔබගේ දියණිය කළමනාකරණ අංශයෙන් රැකියාවක නියෑළෙන අතර, දියුණුවක්‌ද ලබයි.

බී. ජී. ගුණවතී- කහවත්ත/රත්නපුර

ප්‍රශ්නය- ආධ්‍යාත්මය දියුණු කිරීම මාගේ කෙසේ වේද?

පිළිතුර - ඔබට 2009.12.03 වන දායින් පසුව ගුරු මහ දශාව අවු. 16 ක්‌ ඉදිරියට පවතී. ආධ්‍යාත්මය දියුණු කිරීමට ඔබට හැකිය. ආධ්‍යාත්මය දියුණු කරන විට මාර බලවේග ක්‍රියාත්මක වේ. මෙම විෂය කාලයට යටත් වන්නා වූ සත්ත්වයන්ට අදාළ වන්නා වූ විෂයක්‌ බැවින් මෙය තථාගතයන්ගේ දහමට සම්බන්ධ කිරීමට මම නොයමි. නිවැරදි කම්මට්‌ඨානාචාර්යවරයකු හෝ වරියක හමුවීම යෝග්‍ය වේ. එසේම ආයතන භාවනාව (ඉන්ද්‍රිය භාවනාව) මෙයට යෝග්‍යයයි.

සී. මාපලගම- හිඳගොඩ, බදුල්ල

ප්‍රශ්නය- විවාහ වී වසර හතරක්‌ පසු කරන මාගේ දියණියට දරු ඵල තිබේද?

පිළිතුර - ඔබගේ දියණියගේ හඳහනට අනුකූලව දරු ඵල ප්‍රමාදයක්‌ පෙන්නුම් කරයි. එම නිසා කුඩා දරුවන්, ගර්භනී කාන්තාවන් සම්බන්ධ කරගෙන පුණ්‍ය කටයුතුවල නිරත වන්න. අටවිසි පිරිත උදේ හවස සඡ්Cධායනා කරන්න. පත්තිනි මෑණියන්ට භාර වන්න. බෑනාණුවන්ගේ කේන්ද්‍ර සටහන තුළින් පුත්‍ර කාරක ගුරු හා පස්‌ වැන්නාධිපතියා වඳ රාශිගත වී දෘෂ්ඨිස්‌ථානගත වීම තුළ ඔහුගේ දරු ඵලවලට අයහපත් බලපෑමක්‌ ඇත. ඒ සඳහා ඔහුවද ඉහත ප්‍රතිකර්ම සඳහා දායක කර ගන්න.

චමීරා නදීශානී- හලාවත

ප්‍රශ්නය- ඉදිරියේදී කිරීමට නියමිත ශල්‍ය කර්මය සාර්ථක වේද?

පිළිතුර - ඔබට දැන් ලබා ඇති දශාව අනුව මෙම කාලය ඔබට කිසිදු දැඩි ලෙස බිය විය යුතු අපල උපද්‍රවයක්‌ පෙන්නුම් නොකරයි. එබැවින් ශල්‍ය කර්මය සාර්ථක වන අතර, ඔබගේ රෝගී තත්ත්වය 2018 නව වන මසට පෙර සම්පූර්ණයෙන් සුව වේ. ඊට පෙර ඔබගේ විවාහයද සිදු වේ.



ලිපිනය : නැකත ජ්‍යෙdතිෂ ගැටලු
උපාලි පුවත්පත් සමාගම, අංක 223
බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.