ෆෙංෂුයි ගැටලුවලට පිළිතුරු

රොෂාන් - බණ්‌ඩාරවෙල

ප්‍රශ්නය - මාගේ නිවසේ මුහුණත දකුණු දිශාවට පිහිටා ඇති අතර එහි දොර නිවසේ ඉදිරි බිත්තියේ දකුණු කෙළවර මුල්ලේ පිහිටා ඇත. එය අසුබ යෑයි මෙම නිවසට පැමිණෙන බොහෝ දෙනෙකු පවසයි. මෙය පහදා දෙන්න.

පිළිතුර - පළමුවෙන්ම කිව යුතු කාරණය වන්නේ අන් අයගේ නිවෙස්‌වල ඇති අඩුපාඩු ඔවුන්ට පැවසීමෙන් තමන්ට මහත් සේ කරදර පැමිණිය හැක. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු කරන බරපතළ වරදකි මෙය. වෙනත් අයගේ නිවෙස්‌වල අඩුපාඩු යනු ඔවුන්ගේ කර්ම ශක්‌තිය අනුව ඔවුනට අහිතකර විපාක දීමට ඒවා එලෙසින් නිර්මාණය වී ඇත. නමුත් වෙනත් අයෙකු එම අඩුපාඩු පෙන්වීමෙන් ඔවුන්ගේ කරුමය තමන්ට පැමිණිය හැකි බව ඔබ තදින්ම දැනගත යුතු කාරණයකි. ඕනෑම නිවසක බිත්තියක මුල්ලට දොර පැමිණීමෙන් එම නිවස ප්‍රධාන වශයෙන් දෝෂ දෙකකට ලක්‌වේ. එකක්‌ නිවසේ ගිනි කතිරය පීඩාවට පත්වීමත්, අනෙක්‌ කාරණය නිවැරැදි පාදවල දොර නොතිබීමත්ය. දකුණු දිශාවට පිහිටා ඇති නිවසක ප්‍රධාන දොර පහත පරිදි විය යුතුය.

නිsවසේ ඉදිරිපස අත්තිවාරම සමාන කොටස්‌ 9 කට බෙදා නිවසින් එළිය බැලූ විට වම් අත පැත්තේ සිට (එනම් ගිණිකොන දිශාවේ සිට 3 හෝ 4 වැනි පාදවලට ප්‍රධාන දොර වැටිය යුතුය. එවිට ඔබට සිදු වන්නේ මෙම නිවසේ දැනට ඇති ප්‍රධාන දොර ගළවා නිවැරැදි පාදයේ ස්‌ථානගත කිරීමයි. නමුත් ඔබට එසේ දොරවල් මාරු කිරීම අපහසු නම් නිවැරැදි වාස්‌තු පරීක්‍ෂාවකින් අනතුරුව දොර අසල ඩෝ ප්‍රොටෙක්‌ෂන් නමැති පිරමීඩ ශක්‌තිය බල ගැන්වීමෙන් නිවසේ කිසිදු වෙනස්‌කමකින් තොරව දොරෙහි ඇති අසුබ ශක්‌තිය ඉවත් කළ හැක. එවිට දොර ගලවා ඉවත් කිරීම අවශ්‍ය නොවේ.

නිර්මලා - පානදුර

ප්‍රශ්නය - මාගේ දුවගේ උපන්දිනය 2001.03.15 වේ. ඇයගේ අධ්‍යාපනය සාර්ථක වීමට පාඩම් කාමරයේ සැකැස්‌ම පිළිබඳ දැනගැනීමට අවශ්‍යයි.

පිළිතුර - නිවසක්‌ නිවැරැදිවම සැලසුම් කරන ආකාරය පුවත්පතක්‌ මගින් විස්‌තර කිරීම ඉතාම අපහසුය. මන්ද සෑම නිවසකම නිවසින් නිවසකට වෙනස්‌ වූ වෙනමම ක්‍රමවේදයක්‌ ඇත. නමුත් දැනට දුවගේ අධ්‍යාපන කටයුතු සඳහා සුදුසු වන්නේ බස්‌නාහිර දිශාවයි. තවද ඇයට නිරිත, වයඹ සහ ඊසාන දිශාද තරමක්‌ සුබ වේ. ඇයට පාඩම් කිරීමට එම දිශාවන්වල කාමරයක්‌ තෝරා ගන්න. එම දිශාවන්ගෙන් එකකට හිස පිහිටන පරිදි නිදන ඇඳ සකස්‌ කරන්න. තවද එම දිශාවන්ගෙන් එකක්‌ දෙස බලා පාඩම් වැඩ කටයුතුවල යෙදෙන්න. නමුත් 2017 වසරට පමණක්‌ ඇයට බස්‌නාහිර දිශාව බලා පාඩම් කිරීම කළ නොහැකිය. බස්‌නාහිර පාඩම් කාමර භාවිත කිරීමත්, එම දිශාවට හිස දමා නිදා ගැනීමත් සිදු කළ හැක.

ජූඩ් - මීගමුව

ප්‍රශ්නය - මාගේ නිවසේ සාලයේ මාළු ටැංකියක්‌ තැබීමට පුතාගෙන් දැඩි ඉල්ලීමක්‌ ඇත. ඒ සඳහා නැගෙනහිර දිශාව සුදුසුද?

පිළිතුර - සාමාන්‍යයෙන් නැගෙනහිර දිශාවට මාළු ටැංකි හෝ කෘත්‍රිම දිය උල්පත් වැනි ජලය සක්‍රීය වන දෑ තැබීම ගැටළුවක්‌ නොමැත. එයට හේතුව වන්නේ ෆෙංෂුයි විද්‍යාව අනුව නැගෙනහිර දිශාව අයත් වන්නේ දැව මූල ධාතුවටයි. දැව ශක්‌තිය වර්ධනය වීමට නම් ජල ධාතුව අවශ්‍ය වීම එහි විද්‍යාත්මක පැත්තයි. නමුත් 2017 වසරේදී නැගෙනහිර එක්‌ පැත්තකින් සුබ දිශාවක්‌ වුවද තවත් පැත්තකින් අසුබ වේ. එයට හේතුව ත්‍රී කිලිංග්ස්‌ නමැති අසුබ ශක්‌තිය නැගෙනහිර දිශාවෙන් එල්ල වීමයි. එම නිසා මෙම වසරට නැගෙනහිර දිශාවේ ජල ධාතුව සක්‍රීය කළ නොහැකිය. එසේ ජල ධාතුව සක්‍රීය කිරීමක්‌ සිදු වුවහොත් ත්‍රී කිලිංග්ස්‌ නමැති අසුබ ශක්‌තිය සක්‍රීය වීමට පටන් ගනී. එසේ වුවහොත් එම නිවසේ ජීවත්ව සිටින අයට විශාල ප්‍රශ්න කරදර රැසක්‌ පැමිණිය හැක. විශේෂයෙන්ම අන් අයගේ කුමන්ත්‍රණවලට ගොදුරු වේ. ඔබට මාළු ටැංකියක්‌ තැබීමට අවශ්‍ය නම් උතුරු දිශාව හෝ ගිණිකොන දිශාව තෝරා ගන්න. උතුරු දිශාවට නම් විශාල මාළු ටැංකියක්‌ ගැළපේ. ගිණිකොන දිශාව නම් කුඩා මාළු ටැංකියක්‌ ගැළපේ. ගිණිකොන දිශාවට විශාල මාළු ටැංකි මෙම වසරට ගැළපෙන්නේ නැත.

නොමිලේ උපදෙස්‌ සඳහා දුරකථනය -0776116229

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.