උදාවන සතියේ ඔබේ දෛවය

මේෂ

ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති කුජ, සිකුරු සමඟ දොළොස්‌ වැන්ෙ0න්ද, සඳු අට වැන්නේද ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රපලදායක බව පෙනේ. බලවත් රවි නිසා නීතිමය අංශවල ආධාර උපකාර ලැබේ. රැකියා හා ව්‍යාපාර අංශවල උසස්‌ අයගේ අගය කිරීමට ලක්‌වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකියි. මේ අතර ගෘහ ජීවිතය ගැන සිත් තැවුලක්‌ ඇතිවීමටද ඉඩ තිබේ. මවට අපල බවද පෙන්වයි. සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටලු ඇති වීමට ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න. බිරිඳ හෝ සැමියාට දුර ගමනක්‌ හෝ විදේශ ගමනක්‌ යෙදේ. දරුවන්ගේ දියුණුqවට කරන කටයුතු සාර්ථක කරගත හැකිවේ. විවාහ යෝජනාවලට බාධා පවතී.

සුබ පාට - දිලෙන සුදු, සුබ අංකය - 01.



වෘෂභ

ඔබේ ලග්නාධිපති සිකුරු කුජ සමඟ එකොළොස්‌ වැන්නේද සඳු හත් වැන්නේද සිටියදී උදාවන මෙම සතිය මිශ්‍රපලදායකයි. දියුණුවට කරන කටයුතු වෙනුවෙන් නිතර නිවසින් බැහැරව යාමට සිදුවේ. එහෙත් රාජ්‍ය අංශයේ සහ නීතිමය අංශවලින් උදව් උපකාර ලබාගත හැකි වේ. බිරිඳ හෝ සැමියා සමඟ කටයුතු කිරීමේදී ඉවසිලිමත් වෙන්න. අඔqසැමි භේද ඇති වීමට ඉඩ තිබේ. අවිවාහක අයගේ මංගල යෝජනා පිළිබඳ කටයුතු වලට එතරම් ශුභ බව නොපෙනේ. එවැනි කටයුතු දින කීපයක්‌ කල් දැමීම උචිතයි. සති අන්තය වනවිට සිත් තැවුලක්‌ ඇති වීමට ඉඩ තිබේ. සෙම් රෝග, වාතබාධා වැනි අසනීප ඇති අය ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න.

සුබ පාට - මිශ්‍ර ලා, සුබ අංකය - 06.



මිථුන

ලග්නාධිපති බුධ අටවැන්නේද, සඳු ග්‍රහයා හය වැන්නේද, ගුරු හතර වැන්නේද ගමන් කරමින් සතිය උදාවේ. බලවත් සිකුරු විසින් ඔබේ ව්‍යාපාරය හා රැකියා අංශවල දියුණුවක්‌ ඇති කරයි. මිථුන ලග්න හිමි ව්‍යාපාරිකයන්ට බලාපොරොත්තු වන ලාභ ලබා ගැනීමටත්, ව්‍යාපාර ඉලක්‌ක සාර්ථක කර ගැනීමටත් හැකියාව ලැබේ. රැකියා ස්‌ථානවල අන්අය සමඟ සතුටින් කාලය ගතවේ. කෙසේ නමුත් බුධ අටවැන්නේ ගමන් කරන මෙම සතිය තුළ ගෘහ ජීවිතයට බාධා ඇති කරන බව පෙනෙයි. ගෙදර වැඩිහිටියකුට අපලදායකයි. ස්‌නායුගත රෝග ඇති අය ප්‍රවේශම් වන්න. බලාපොරොත්තු වූ ණය මුදලක්‌ ලබා ගැනීමට පහසුකම් සැලසේ.

සුබ පාට - මිශ්‍ර ලා, සුබ අංකය - 06.

කටක

ඔබේ ලග්නාධිපති සඳු පස්‌වැන්නේද, කුජ ග්‍රහයා සිකුරු සමඟ නව වැන්නේද සිටිමින් උදාවන මෙම සතිය ආරම්භය අධ්‍යාපන කටයුතු වල යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තරමක අපලදායකයි. වැඩ කල්දැමීම, අලසකම, සෙම් රෝග වැනි අසනීප නිසා බාධා ඇති විය හැකියි. පෙම් සබඳතා හෝ මංගල යෝජනා පිළිබඳ කටයුතුවලටද බාධා ඇතිවිය හැකියි. එවැනි කටයුතු දින කීපයක්‌ කල් දැමීම මැනවි. පවුලේ වියදම් ඉහළ යන බව පෙනේ. තැන්පත් ධනයක්‌ පවා වැය වීමට ඉඩ තිබේ. කෙසේ නමුත් බලවත් සිකුරු විසින් ගෙදර දියුණුවට කරන බොහෝ කටයුතු සාර්ථක කර ගැනීමට වාසනාව හා භාග්‍ය උදා කරනවා ඇත.

සුබ පාට - කහ, මිශ්‍ර ලා, සුබ අංකය - 05, 06.



සිංහ

ලග්නාධිපති රවි හත්වැන්නේද, සඳු හතරවැන්නේද ගමන් කරමින් ආරම්භ වන මෙම සතිය, ආරම්භයේදී ගෘහ ජීවිතය පිළිබඳව ගැටලුවක්‌ ඇති වන බව පෙනේ. මව්පියන් වෙනුවෙන් අමතර වෙහෙසක්‌ දරන්නට සිදු වේ. අධ්‍යාපන කටයුතුවල යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සෙනසුරු පස්‌ වැන්නේ ගමන් කිරීම ශුභදායක නොවේ. එම කටයුතු කෙරෙහි තිබෙන අලසකම, වැඩ කල්දැමීම හා සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටලු ආදිය බාධා කරනු ඇත. ගෙදර දියුණුවට කරන කටයුතුවලටද බාධා ඇති වේ. ආදායම් තත්ත්වය නම් තරමක සතුටුදායක බවක්‌ පෙන්වයි. වැටීම්, තැලීම්, සීරීම් වැනි අනතුරුවලින් ප්‍රවේශම් වන්න.

සුබ පාට - දිලෙන සුදු, සුබ අංකය - 01.



කන්‍යා

ඔබේ ලග්නාධිපති බුධ පස්‌වැන්නේද සඳු තුන්වැන්නේද ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රපලදායකයි. අඹුසැමි භේද දුරුවී සමගිය ඇති වේ. අවිවාහක කන්‍යා ලග්න හිමියන්ගේ විවාහ මංගල යෝජනා පිළිබඳව කටයුතුවලට ශුභපලදායකයිss. කෙසේ නමුත් ලියකියවිලි හා පොරොන්දු ගිවිසුම්වලට අත්සන් තැබීමේදී සැලකිලිමත් වන්න. බලාපොරොත්තු වූ ණය පහසුකමක්‌ ලබා ගැනීමට පහසුකම් සැලසේ. චිත්ත ධෛර්යය ඉහළ යයි. අධ්‍යාපන කටයුතු හා දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක කර ගැනීමට කරුණු යෙදේ. විදේශ ගමන් පිළිබඳව බලාපොරොත්තු සාර්ථක කරගත හැකිය.

සුබ පාට - ලා කොළ, සුබ අංකය - 04.

තුලා

ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති සිකුරු, කුජ සමඟ හය වැන්නේද සඳු දෙවැන්නේද ගමන් කරමින් සිටින නිසා සතිය ආරම්භයේ බලාපොරොත්තු නොවූ වියදමක්‌ දැරීමට සිදුවේ. කතාව නිසා පවුලේ අය අතර අමනාපකම් ඇති වීමට ඉඩ තිබේ. කෙසේ නමුත් සතිය මැද වන විට මෙම තත්ත්වය සුබ අතට හැරෙනවා ඇත. බිරිඳ හෝ සැමියා සමඟ අමනාපකම් ඇතිවීමට ඉඩ තිබේ. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගත හැකි වේ. හවුල් ව්‍යාපාරවලින් බලාපොරොත්තු වන ලාභ නොලැබීමට ද ඉඩ තිබේ. හවුල්කරුවෙකු අමනාප වීමටද ඉඩ තිබේ. රහස්‌ සතුරන්ගෙන් ප්‍රවේශම් වන්න.

සුබ පාට - ලා කොළ, සුබ අංකය - 04.



වෘශ්චික

ලග්නාධිපති කුජ, සිකුරු සමඟ හයවැන්නේද, සඳු ලග්නයේ නීචවද ගමන් කරමින් උදාවන මේ සතිය ආරම්භයේදී උසස්‌ අධ්‍යාපනයට බාධා පැමිණීමට ඉඩ ඇත. සතිය මැද දී වටිනා දෙයක්‌ නැති වීමට ඉඩ ඇති නිසා ඒ ගැන සැලකිලිමත් වන්න. ගෘහාශ්‍රිත කර්මාන්ත හෝ සවයංරැකියා කරන අයට විශේෂ සුබපල ලැබේ. සතිය මැද වන විට තිබූ ගැටලු බොහොමයකට විසඳුම් ලැබේ. වෘශ්චික හිමි ව්‍යාපාරිකයන්ට තම මුදල් ආයෝජනවලින් ලාභ ලැබේ. විවාහ යෝජනා හෝ පෙම් සබඳතා සාර්ථක වේ.

සුබ පාට - මිශ්‍ර ලා, සුබ අංකය - 06.

ධනු

ලග්නාධිපති ගුරු දහවැන්නේද, සඳු දොළහේද ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍ර පලදායකයි. පසුගිය සතිවල පැවති සිත් තැවුලකට විසඳුම් ලබා ගැනීමට හැකියාව ලැබේ. අසනීප තත්ත්වයන්ද සුව අතට හැරේ. දියුණුව වෙනුවෙන් කරන කටයුතු වෙනුවෙන් නිතර නිවසින් බැහැරව යැමට සිදුවනු ඇත. දෙවැන්නේ රවි, බුධ බලවත් වීම නිසා ආදායම් තත්ත්වය යහපත් වේ. ගෘහ ජීවිතය සතුටුදායක වේ. පවුලේ අය සමඟ සතුටින් කාලය ගත කිරීමට අවස්‌ථාව ලැබේ. ඉක්‌මන්a කෝපය නිසා පවුලේ අය අතර මතභේද ඇති වීමට ඉඩ තිබේ. මේ නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. ශනිගේ ජන්ම ඒරාෂ්ටක අපලයද පවතින බැවින් ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න.

සුබ පාට - දිලෙන සුදු, සුබ අංකය - 01.

මකර

ලග්නාධිපති සෙනසුරු දොළහේද, සඳු එකොළොස්‌ වැන්නේද, ගමන් කරමින් උදාවන මෙම සතිය ආරම්භයේදී විවාහ සහකරු සමඟ ගැටලු ඇති වීමට ඉඩ තිබේ. සඳු දුර්වලව ගමන් කරන බැවින් අවිවාහක අයගේ විවාහ යෝජනා පිළිබඳව කටයුතු කිරීමටද සුබ නොවන බව පෙනේ. එවැනි කටයුතුද දින කිහිපයකට කල් දැමීම මැනවි. මකර ලග්න හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබපලදායකයි. උත්සාහය, ධෛර්ය ඉහළ යයි. සහෝදරයන් අසල්වැසියන් සමඟ සුහදතාව වර්ධනය වේ.

සුබ පාට - නිල්, සුබ අංකය - 07.

කුම්භ

ලග්නයේ රවිද, එකොළහේ ශනිද ගමන් කරන අතර සතිය මිශ්‍රපලදායක වනු ඇත. ව්‍යාපාර හෝ රැකියා අංශවල සේවක පක්‌ෂයේ සහයෝගය ලැබේ. අලුත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට අවස්‌ථාව උදාවේ. චිත්ත ධෛර්ය වැඩිවේ. රැකියා නිසා නිතර ගමන් බිමන් යෙදෙනවා ඇත. බිරිඳ හෝ සැමියා සමඟ පවතින සබඳතා වර්ධනය වේ. අඹු සැමි භේද දුරුවේ. මේ අතර පවුලේ වියදම් ඉහළ යයි. තැන්පත් මුදලක්‌ වැයවීමටද ඉඩ තිබේ. වියදම් පාලනය කර ගැනීමට සැලකිලිමත් වන්න. දියවැඩියාව, කොලෙස්‌ටරෝල් වැනි රෝගාබාධ වලින් ප්‍රවේශම් වන්න.

සුබ පාට - නිල්, සුබ අංකය - 07

මීන

මෙම සතිය බොහෝ දුරට සතුටුදායක වන බව පෙනේ. මිතුරු මිතුරියන් සමඟ සතුටින් කාලය ගතවේ. අලුත් මිතුරන් හඳුනා ගැනීමටද අවස්‌ථාව උදා වේ. බිරිඳ හෝ සැමියාට සුබයි. පසුගිය දිනවල පැවති සිත් තැවුලකට විසඳුම් ලබාගත හැකිවේ. දරුවන්ට සුබදායකයි. මේ අතර උසස්‌ අය අමනාප වීමට ඉඩ ඇති නිසා කල්පනාකාරී වන්න. නීතිමය ගැටලුවලට මැදිහත් වීම ශුභ නොවේ. විදේශ ගමන් සාර්ථක කරගත හැකියි. ආදායම් සතුටුදායකයි. ව්‍යාපාර ඉලක්‌ක සපුරා ගැනීමට අන් අයගේ ආධාර උපකාර ලැබේ.

සුබ පාට - කහ තැඹිලි, සුබ අංකය - 05.

කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.