ඔබේ විවාහය සිදුවන දවස
හදහනෙන් දැනගන්නේ මෙහෙමයි


ප්‍රධාන වශයෙන් ලාංකිකයන් වන අප රටේ තරුණ තරුණින්ට විවාහ ප්‍රමාදය හෙවත් විවාහයක්‌ නොමැතිකම සමාජයීය හා මානසික ගැටලුවක්‌ බවට පත්වී ඇති නමුත් බොහෝ විදේශ රටවල "විවාහය" යන්න එතරම් බරපතළ ප්‍රශ්නයක්‌ නොවේ. විවාහ ප්‍රමාදය නිසා තරුණ තරුණියන් සහ ඔවුන්ගේ දෙමාපියන් සිටින්නේ ද පුදුමාකාර මානසික පීඩනයක්‌ යටතේය. කල වයසට ගැලපෙන විවාහයක්‌ නොමැතිකම නිසා මනස විකෘති වී මානසික රෝගීන් බවට පත්වූවන් පවා කොතෙකුත් දැක ඇත.

විවාහයක්‌ නොමැතිකම නිසා මා වෙත පැමිණෙන තරුණ තරුණියන්ගේ කේන්ද්‍ර සටහන් සූක්‌ෂම ලෙස පරීක්‌ෂා කර ඔවුන් සමඟ සුහදව කතාකිරීමේදී මෙරට විවාහ ප්‍රමාදය යන ගැටලුවට විශාල වශයෙන්ම වගකිව යුත්තේ මෙරට සිටින සමහරක්‌ ජ්‍යෙdතිෂවේදීන් බව මම නොබියව වගකීමෙන් කියමි. එයට එක්‌ හේතුවක්‌ වන්නේ පොරොන්දම් ගැලපීම යන දෙය පොරොන්දම්වලට පමණක්‌ සීමා කිරීමයි. එය එසේ නොවිය යුතුය. කේන්ද්‍ර සටහන් දෙකක පොරොන්දම් හොඳින් ගැලපුණ ද එම කේන්ද්‍රවල ස්‌වාමි නාශක යෝගයක්‌ හෝ භාර්යා නාශක යෝගයක්‌ (වැන්දඹු යෝගයක්‌) පවතී නම් එහි කොපමණ පොරොන්දම් ගැලපුණ ද එම විවාහය කළ යුතු ද යන්න පාඨක ඔබම සිතා බැලිය යුතු කරුණකි. එම නිසා පොරොන්දම් ගැලපීම යන්න විවාහ ගැලපුම ලෙස වෙනස්‌ විය යුතුය. විවාහය සඳහා කේන්ද්‍ර ගැලපීමේදී යෝග ගණනාවක්‌ සලකා බැලිය යුතුය. මෙහිදී භෞම දොaෂය, හත්වැන්නේ පාපයන් සිටීම, ශනි කුජ යෝගය

(ශනි මංගල යෝගය) හත්වැන්න පාප පීඩිත වීම හා හත්වැන්නට පාප ග්‍රහණයන්ගේ දෘෂ්ඨි වැටීම ආදී යෝග පිළිබඳව සැලකිලිමත් විය යුතුය. මෙම අශුභ යෝග දැක්‌ක පමණින් උඩින් පල්ලෙන් බලා මෙම කේන්ද්‍ර ගැලපෙන්නේ නැතැයි කියා තරුණ ජීවිත බිය ගන්වති. නමුත් කේන්ද්‍රවල මෙම සියලු දොaෂ බංග වන සාධක ද, එම කේන්ද්‍ර සූක්‌ෂම ලෙස පරීක්‌ෂා කිරීමේදී දක්‌නට ලැබේ. අවුරුදු ගණනාවක ප්‍රේම සම්බන්ධතා ඇතිවී විවාහවීමට අවසාන මොහොතේ කේන්ද්‍ර පරීක්‌ෂා කිරීමේදී ද මේ ආකාරයට බියගන්වා ඇති අවස්‌ථාවන් කොතෙකුත් දක්‌නට ලැබේ. තවද මංගල යෝජනා මඟින් තම දුවට හෝ පුතාට ගැලපීමට රැගෙන එන කේන්දර සටහන් නොගැලපේ යෑයි කියා ඉවතට විසිකරන අවස්‌ථාවන්වල එම සමහර කේන්ද්‍ර සූක්‌ෂම ලෙස පරීක්‌ෂා කළ විට පුදුම හිතෙන පරිදි දෙදෙනාට දෙදෙනා ගැලපෙන අවස්‌ථාවන් කොතෙකුත් දැක ඇත. එසේ නොගැලපේ යෑයි කියා ඉවත් කළ කේන්දර හිමියන් රැසක්‌, නැවත භාව කේන්ද්‍රය තුළින් ඒවා පරීක්‌ෂා කර විවාහ වී සාර්ථක ජීවිත ගතකරමින් සිටින බව සතුටින් කීමට පුළුවන. මා මෙසේ මේ පිළිබඳ විග්‍රහයක්‌ කළේ කිසිම ජ්‍යෙdතිෂවේදියකුට ගැරහීමටවත්, අපහාස කිරීමටවත් නොව මෙරට තරුණ තරුණියන් මුහුණපා ඇති මෙම සාමාජයීය හා මානසික ගැටලුවට විසඳුමක්‌ ලෙසය.

ප්‍රථමයෙන් විවාහ ප්‍රමාදය පිළිබඳව භාව කේන්ද්‍රය තුළින් පරීක්‌ෂාවේදී සෑම ග්‍රහයකුගේම රාශිය, හෝරාව, දෙර්කාණ, නවාංශකය, දේවාදසාංශක, ත්‍රිවශාංශක, නැකත, ග්‍රහයන්ගේ අවස්‌ථාව ආදී සියල්ලම සූක්‌ෂම පරීක්‌ෂාවකට ලක්‌වේ. එසේම දළ කේන්ද්‍රය අනුව ග්‍රහයන් පිහිටි ස්‌ථාන, භාව කේන්ද්‍රයට අනුව වෙනස්‌ වන අවස්‌ථාවන් බොහෝ විට සිදුවේ. එම නිසා එහිදී ග්‍රහයන්ගේ පතිත භාවය නිශ්චිත බැවින් බල දුබලතාව කුමන අංශයකින් ක්‍රියාත්මක වේද යන්න තීරණය කළ හැක.

මෙහිදී විවාහය සඳහා 7 වැන්න, 7 වැන්නාධිපති, 7 වැන්නාධිපති සිටින නවාංශකාධිපති, ජීව ශරීර ග්‍රහයන්ගේ පිහිටීම, කුජ සිකුරුගේ පිහිටීම, පරීක්‌ෂා කළ යුතුය. එහිදී විවාහය ප්‍රමාද වීම, විවාහය කඩාකප්පල්වීම, බහු විවාහ සිදුවීම, විවාහයෙන් පසු ස්‌වාමියා හෝ බිරිඳ මියයැම ආදිය සඳහා බලපාන යෝග කීපයක්‌ ඇත. එහිදී 7 වැන්න පාප පීඩිත වීම එනම් ශනි, කුජ, රාහු, කේතු, රවි අවපක්‌ෂයේ සඳු යන ග්‍රහයන් දුර්වලව 7 වැන්නේ යෙදීම හා 7 වැන්නට ග්‍රහ දෘෂ්ඨි වැටීම, සුබයන්ගේ දෘෂ්ඨිවලට හසුනොවීම (විශේෂයෙන් ගුරුගේ) 7 වැන්නාධිපති 6, 8, 12 දුර්වලව සිටීම ද, සිකුරු, කුජ 7 වැන්නාධිපති ද්විරාශිවල දුර්වලව පිහිටීම යන ආදී කරුණු හා නොකියූ යෝග ද හේතුවේ.

මෙහිදී බොහෝ දෙනෙක්‌ පවසන ප්‍රශ්නයක්‌ වන්නේ භෞම දොaෂය (කුජ දොaෂය) හා ශනි මංගල දොaෂය වේ. මෙහිදී ශනි මංගල යෝගය යෙදුණු පමණින් (ශනි, කුජ) විවාහය ප්‍රමාද වන්නේ ද යන්නයි. මාතර ඇති සමීක්‌ෂණවලට අනුව ශනි මංගල යෝගය යෙදෙන අයගේ ශනි හා කුජ යන ග්‍රහයන් ප්‍රබල නම් එය එසේ සිදුනොවේ. එසේම ග්‍රහයන්ගේ යෝගවීම සඳහා (ශනි, කුජ) දෙදෙනා අතර පරතරය අංශක 8 ට නොඅඩු විය යුතුය. එයට හේතුව ග්‍රහන් දෙදෙනාගේ රශ්මි මාලාව අංශක 4 බැගින් දෙපසට විහිදීමයි. ඊට අමතරව ඉහත සඳහන් කළ යෝගවල දුබලතාව බැලීම සඳහා ග්‍රහයන් පතිත නැකැත් ප්‍රධාන වශයෙන් අධ්‍යයනය කළ යුතුය. එමඟින් ජීව ශරීර ග්‍රහයන්ගේ තත්ත්වය මැනගත යුතු වේ. ජීව ශරීර ග්‍රහයන් පලාඵල කථනය සඳහා ඉතා වැදගත්වේ. සම්ප්‍රදායික ජ්‍යෙdතිෂය මඟින් අනාවැකි පළකිරීමේ අනෙකුත් ජ්‍යෙdතිෂ්‍ය න්‍යායන්

(නාඩි, ජෛමිණි) ක්‍රම මඟින් පලාඵල කථනය පටලවා නොගත යුතුය. නාඩි ක්‍රමයට අනුව විවාහ ප්‍රමාදය කුජ, සිකුරුට මුල්තැනදී ප්‍රකාශ කරයි. එහිදී ගුරුගේ ගෝචර ගමන තුළින් විවාහය සිදුවන කාලය නිශ්චිතවම ප්‍රකාශ කළ හැක. එය සාම්ප්‍රදායික ජ්‍යෙdතිෂය හා පටලවා නොගත යුතුය. කෙසේ නමුත් සම්ප්‍රදායික ජ්‍යෙdතිෂය තුළින් අනාවැකි පළකිරීමේදී භාව කේන්ද්‍ර සංකල්පය තුළින් ප්‍රකාශ කළ හැකි අනාවැකිවල සත්‍යයතාවයෙහි වෙසසියා මට්‌ටම ඉතා ඉහළ අගයක්‌ ගනී. විවාහ ප්‍රමාදයක්‌ ඇති නම් ඔබගේ කේන්ද්‍ර සටහනේ ග්‍රහ පිහිටීම්වලට අනුව විවාහ ප්‍රමාදයට හේතු බලා එම ග්‍රහ පිහිටීම් සූක්‌ෂම ලෙස පරීක්‌ෂා කර ඒ සඳහා පිළිවෙත් සහ ප්‍රතිකර්ම කිරීම තුළින් හා තමා කරන දාන ධර්ම, පිංකම් අනුව එම බාධාවල් අවම කරගත හැකිය. නමුත් කේන්ද්‍රය තුළ විවාහ නොවීම, බහු විවාහය සහ අධි ධාවනකාරී යෝග ඇත්නම් ඒවා පලදීම කේන්ද්‍රය තුළින් නිශ්චිත නම් කුමන පිළිවෙත් කළ ද එහි බලපෑම අවම කර ගැනීමට හැකියාවක්‌ නොමැත. එවැනි අය ධර්මයට නැඹුරුවීම තුළින් තමාගේ සිත දමනය කරගත හැකි නම් ඉතා යහපත් වේ.

වැඩි විස්‌තර සඳහා 0718602525, 0115248187

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.