පුරුෂයා සතුටින් තබන ස්‌ත්‍රී කේන්දර

කෙනෙකුට විවාහය මිහිරි අත්දැකීමක්‌ වුවත් තවත් කෙනෙකුට එය කටුක අත්දැකීමක්‌ විය හැකිය. විවාහයෙන් පසු කෙනෙකුගේ ජීවිතය සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය සිදුවිය හැකි අතර එවන් සුබ හෝ අසුබ තත්ත්වයක්‌ උද්ගතවීම් කෙරෙහි පුරුෂයෙකු විවාහ කරගනු ලබන සහකාරියගේ කේන්දරයේ ග්‍රහපිහිටීම් බොහෝ දුරට බලපාන බැව් ජ්‍යෙdතිෂය පෙන්වා දේ.

ගුණ නුවණින් හා යහපත් චරිත ලක්‍ෂණයන්ගෙන්a පිරිපුන් ස්‌ත්‍රියක්‌ හා විවාහ වීමෙන් පුරුෂයාගේ සියලු අසුබ යෝග භංගවන බව ජ්‍යෙdතිෂ්‍ය පෙන්වා දෙයි. විවාහයෙන් පසුව ස්‌ත්‍රීයකගේ වාසනා මහිමයෙන් පුරුෂයා යස ඉසුරින් පිරි අයෙකු වන බවට සමාජයේ ද පිළිගැනීමක්‌ ඇත. එවන් ස්‌ත්‍රියක හා විවාහ වූ පුරුෂයා දිනෙන් දින දියුණුව ළගා කරගනී. "සාර්ථක සෑම පුරුෂයෙකු පසුපසම ස්‌ත්‍රියක්‌ සිටී" ආදී වශයෙන් සමහරු පවසන්නේ එම නිසාය. කෙසේ වුවද ස්‌ත්‍රී කේන්දරයේ ග්‍රහ පිහිටීම් පිළිබඳ ලියෑවී ඇති කරුණු දෙස බැලීමේදී එතුළින් ගෙන දෙන සුභ, අසුභ තත්ත්වයන් ජ්‍යෙතිෂයේ සඳහන් කර ඇත.

ස්‌ත්‍රී කේන්දරයේ චන්ද්‍ර, ශුක්‍ර සහ කුජ ගුරු යන ග්‍රහයන් බලවත්ව සිටී නම් එය ඉතා බලවත් පිහිටීමකි. තුන, හත, පහ එකොළහ යහපත්ව පිහිටා තිබීමත් ලග්නය බලවත් වීමද එසේමය. ස්‌ත්‍රියගේ ලග්නයෙහි චන්ද්‍රයා සිටීම ඉතාම යහපත්ය. කේන්දරයේ දෙවැනි ස්‌ථානයේ සුබ ග්‍රහයෝත්, දෙවැනි අධිපතියා සුභයින් සමඟ හෝ සුබ ග්‍රහයින්ට පෙනී යහපත් ස්‌ථානයක සිටියේ නම් විවාහයට පත්වීමෙන් පසු වාසනාවන්ත යුග දිවියක්‌ ගත කිරීමට හැකි වෙයි.

ගුරු උච්චව හතේ සිටියදී උපන් තැනැත්තියක්‌ වන්නීය. ස්‌වාමිපුරුෂයාද එසේම ගුණවතෙකු වෙයි. හතේ ත්‍රිකෝණයක්‌ වූ දෙවැන්න විවාහය සම්බන්ධව බලපවත්වන ස්‌ථානයකි. එහි සුබ ග්‍රහයෙකු සිට හත දකීනම් එයද ඉතා යහපත්ය. යම් ස්‌ත්‍රියකගේ කේන්දරයේ හත්වැන්න එක ග්‍රහයෙකුගෙන් යුක්‌තව හෝ එක ග්‍රහයෙකුගේ දෘෂ්ටි ලබා තිබේ නම් ඇය ස්‌වාමිපුරුෂයාට වඩා ප්‍රිය වේ. සුබයින් දෙදෙනෙකුගෙන් යුක්‌තව හෝ දෙදෙනෙකුගෙන් දෘෂ්ටි ලැබ තිබේ නම් ආචාර සම්පන්න වේ. සුබයින් තිදෙනෙකුගෙන් දෘෂ්ටි ලබා තිබේ නම් ඉතා යහපත් උසස්‌ තැනැත්තියක වේ. බුධ උච්චව හත්වැන්නේ සිsටියදී උපන් තැනැත්තියගේ ස්‌වාමිපුරුෂයා රූප සම්පත්තියෙන් යුක්‌ත වූ ආගමික කටයුතුවලට ප්‍රිය වූ දක්‍ෂ උගත් අයෙකු වේ.

රාහු හතේ උච්චව සිටියදී උපන් තැනැත්තියක බලවත් ස්‌වාමිපුරුෂයෙකුගේ භාර්යාව වෙයි. රාහු දුබලව හෝ පාපීන්ට පෙනෙමින් හතේ සිටීම සුබ නොවේ. ස්‌ත්‍රී කේන්ද්‍රයක ග්‍රහයින් සිව්දෙනෙක්‌ උච්චව සිටියේ නම් ඇය රජ බිසවක හා සමාන වන අතර එවන් ස්‌ත්‍රියක සමඟ විවාහයට පත් පුරුෂයාට සමාජයේ උසස්‌ තැනක වැජඹෙන්නට හැකි වෙයි. පුරුෂ කේන්දරය බලයෙන් හීනවුවත් රවි, කුජ, ගුරු, ශනි ග්‍රහයින් කේන්ද්‍රස්‌ථාන වූ ලග්නය, හතර, හත, දහය යන රාශිවල උච්චව සිටිත් නම් ඇගේ පුරුෂයා දේශපාලන ක්‍ෂේත්‍රයේ ඉහළ තැනක සිටින උසස්‌ සමාජය ඇසුරු කරන ගෞරව ලබන අයෙකු- වන අතර බොහෝ සැප සම්පත් ලබන්නෙකු වේ.

ස්‌ත්‍රී කේන්දරයක දෙවැන්නේ කුජ පිහිටීම පුරුෂයාගේ විවිධ ගති පැවතුම් හා ජීවන රටාවන් වෙනස්‌ කරලිය හැකි ආකාරයේ පිහිටීමකි. විවාහයට පෙර නාස්‌තිකාර, සෙල්ලක්‌කාර ජීවිත ගත කළ නොමනා පැවතුම්වලින් යුතුව සිටි පුරුෂයන් පවා යහමගට පත්කර ඔවුන් යහපතෙහි පිහිටා තමාගේ වදනින් අවනත කර ගැනීමේ හැකියාව හා ශක්‌තිය කුජ දෙවැන්නේ පිහිටි ස්‌ත්‍රිය සතුව පවතියි.

කුජ සමඟ රවිද දෙවැන්නේ සිටියේ නම් එම තත්ත්වය තවදුරටත් යහපත් ලෙස හරවා ගත හැකි වන අතර එම ස්‌ත්‍රිය ලබන ස්‌වාමි පුරුෂයාද ධනයෙන්, බලයෙන් අනූන කීර්තිමත් අයෙකු බවට පත් වේ.

ස්‌ත්‍රියකට වඩාත් සුදුසු වන්නේ ස්‌ත්‍රී රාශියකි. ස්‌ත්‍රී රාශියක ඉපදී සඳු, රවි ග්‍රහයෝගය ස්‌ත්‍රී රාශියක වී නම් ඇයගේ ස්‌වාමිපුරුෂයා යහපත් ශරීර සෞඛ්‍යයෙන් යුත් ධෛර්යය සම්පන්න පුද්ගලයෙකු වේ. මෙවැනි ග්‍රහ පිහිටීම් යෙදී ඇති ස්‌ත්‍රියක්‌ හා විවාහවීමෙන් පුරුෂයාට යෙදී ඇති අරිටු යෝගවල බලහීනවන බව ජ්‍යෙdතිෂයේ සඳහන් වී ඇත.

ස්‌ත්‍රී කේන්දරයෙහි චන්ද්‍රයා බලවත්වෙයි. ඊළඟට කුජය. චන්ද්‍රයාට හයේ අටේ එකට හෝ වෙන වෙනම හෝ බුධ, ගුරු, සිකුරු සිටීමෙන් අධියෝගය යෙදේ. මොවුන්ගෙන් එක්‌ කෙනෙකුට හෝ දෙදෙනෙකුට හෝ තිදෙනෙකුට හත පෙනේනම් ඒ ඒ අනුව බලයක්‌ වේ. මෙම යෝගය සම්පූර්ණයෙන්ම යෙදුන ස්‌ත්‍රිය සියලු දෙයින් සම්පූර්ණ රජකු හා සමාන කෙනෙකු සමඟ විවාහ වන බැව් පැවසේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.