හාල් හිඟය ගැන බයවෙන්න එපා!
ආණ්‌ඩුව කියයි

ජනිත සෙනෙවිරත්න

අවශ්‍ය තරම් සහල් තොග වෙළෙඳපොළට නිකුත් කර ඇති බැවින් සහල් හිඟයක්‌ ඇති නොවන බව රජය ප්‍රකාශ කර සිටී.

පිටරටින් ගෙන්වන ලද සහල් තොග වෙළෙඳපොළට ලැබෙමින් පවතින අතර ඉදිරි දිනවලදී මෙරට අස්‌වනු නෙළීම සිදු වන බැවින් කිසිදු සහල් හිඟයක්‌ රටේ ඇති නොවන බව ද රජය කියා සිටී.

සහල් තොග සඟවාගෙන මිල ඉහළ දමා ජනතාව අසීරුතාවට පත්කරන්නට කිසිවිට ඉඩ නොදෙන බවත් අවශ්‍ය ඕනෑම මොහොතක රටේ ජනතාවගේ අවශ්‍යතාවට සරිලන ලෙස සහල් ආනයනයට පියවර ගන්නා බව රජය කියා සිටී. එසේම රජයේ තීරණවලට අනුව පාලන මිලට සහල් අලෙවි නොකරන වෙළෙඳුන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසට රජය අදාළ අංශවලට උපදෙස්‌ ලබා දී ඇත.රට පුරා ඇති ලංකා සතොස වෙළෙඳසල් හරහා හිඟයකින් තොරව සහල් බෙදාහැරීමට ද රජය අවශ්‍ය පියවර ගෙන තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.