ආණ්‌ඩුව කැඩෙන කතා බොරු

ප්‍රියදර්ශන ලියනගේ

යහපාලන ආණ්‌ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඉවත් වන බවට ආණ්‌ඩුවේ ඇතැම් ඇමැතිවරු මාධ්‍ය ඉදිරියේ සහ දේශපාලන වේදිකාවල සිදු කරන ප්‍රකාශ ඇමැතිවරුන්ගේ පුද්ගලික මත මිස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නිල ප්‍රකාශ හෝ මතය නොවේ යෑයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා 'දිවයින ඉරිදා සංග්‍රහය' ට පැවසීය.

ආණ්‌ඩුව තුළ ඇති ප්‍රශ්න සහ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විස¹ ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ සාකච්ඡා කිරීම දැන් අරඹා තිබෙන බවත් ආණ්‌ඩුව තුළ තිබෙන ප්‍රශ්න මාධ්‍ය ඉදිරිපිට වීරයෝ වගේ කතා කරලා නැත්නම් දේශපාලන වේදිකාවල කතා කරලා විස¹ගත නොහැකි බවත් හෙතෙම කීය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේ ද කීය.

යහපාලන ආණ්‌ඩුව පිහිටුවා තිබෙන්නේ පොදු ප්‍රතිපත්තියකට පොදු වැඩපිළිවෙළකට ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකම එකඟවීම නිසයි. ආණ්‌ඩුව

රැකගැනීමට නම් පක්‍ෂ දෙකම ජනතාව ගැන හිතලා රට ගැන හිතලා කටයුතු කළ යුතුයි.

යහපාලන ආණ්‌ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඉවත්වෙන වෙලාව සහ දිනය තීරණය කරන්නේ ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මධ්‍යම කාරක සභාව බව ද ඇමැතිවරයා පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.