2017 බැංකු ණය ගැනීම අඩු වේ

ශ්‍යාම් නුවන් ගනේවත්ත

දැනට ඉහළ මට්‌ටමක පවතින ආර්ථිකයේ බැංකු ක්‍රමයෙන් මුළු ණය ගැනීම් ප්‍රමාණය (ණය ප්‍රසාරණය) මේ වසර (2017) තුළ ක්‍රමානුකූලව අඩු වනු ඇතැයි මහ බැංකුව පවසයි.

අපේක්‍ෂා කරන ආර්ථික වර්ධනයට සහ උද්ධමනයට ගැලපෙන පරිදි මුදල් සැපයුම සහ මේ ණය ගැනීම් මෙසේ අඩු වනු ඇතැයි මහ බැංකුව අපේක්‍ෂා කරයි.

දැනට පවතින ඉහළ පොලී අනුපාත මධ්‍යයේ වුවද 2015 වසර තුළදී වාර්තා වූ රු. බිලියන 691.4 ට සාපේක්‍ෂව 2016 වසර තුළදී පෞද්ගලික අංශයේ සමස්‌ත ණය වැඩිවීම රු. බිලියන 754.9 ක්‌ වී තිබේ. ප්‍රධාන වශයෙන්ම පෞද්ගලික අංශයට සහ රාජ්‍ය අංශයට සපයන ලද ණය ප්‍රමාණය ඉහළ යැමේ ප්‍රතිඵලයක්‌ ලෙස ගිය වසර (2016) අග වන විට පුළුල් මුදල් සැපයුමේ වර්ධනය සියයට 18.4 ක්‌ ලෙස ඉහළ ගොස්‌ තිබූ බව ද මහ බැංකුව කියයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.