සිංහල විෂය ගුරු පුහුණුවට බාලගිරි දොaෂය

නිලන්ත මදුරාවල

උසස්‌ පෙළ සිංහල නව විෂය නිර්දේශය සම්බන්ධයෙන් මෙතෙක්‌ එකඟතාවක්‌ නොවීම හේතුවෙන් ඊට අදාළව ලබන සතියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ ගුරු පුහුණු කටයුතු කල් දැමීමට ජාතික අධ්‍යාපන ආයතනයට සිදු වී තිබේ.

මෙම විෂය නිර්දේශය සම්බන්ධයෙන් යළි සලකා බැලීම සඳහා විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක්‌ දෙවැනි වරට ද පත් කරනු ලැබ ඇත. මීට කලින් එල්ල වූ චෝදනා පිරික්‌සීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනයෙන් කමිටුවක්‌ පත්කරන ලද අතර එමගින් ද විෂය නිර්දේශය ගැන අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි විය. යළිත් වරක්‌ චෝදනා එල්ල වී ඇත්තේ කවි පන්ති කිහිපයක්‌ සම්බන්ධයෙනි. ඒ පිළිබඳවත් සෙසු කොටස්‌ පිළිබඳවත් විද්වත් කමිටුව සලකා බලමින් සිටින බව එම කමිටු සාමාජිකයෙක්‌ පැවසීය.

නව විෂය නිර්දේශය ලබන අගෝස්‌තු මස සිට ආරම්භ කළ යුතු වෙයි. ඊට පෙර ගුරු පුහුණුව අවසන් කර ගුරු අත්පොත් මුද්‍රණය කළ යුතු බව ද එම සාමාජිකයා කීවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.