බෙදුම්වාදී නායකයන්ට කප්පම් දීම වෙනුවට
දෙමළ ජනතාවට අයිතිවාසිකම් දීම

වෛද්‍ය එම්. වසන්ත බණ්‌ඩාර



දෙමළ සන්ධාන මන්ත්‍රී සුමන්තිරන් සහ
විපක්‌ෂ නායක සම්බන්ධන්.....

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් ආරම්භ කළ ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලිය මේ වන විට එක්‌තරා ආකාරයක උපක්‍රමික හැරවුම් ලCෂ්‍යයකට ළඟාවී ඇති බව පෙනේ. ඔහු විසින් විපක්‍ෂ බලවේග මෝහනය කොට ගිරිශිඛරයකින් පහළට තල්ලු කිරීම සඳහා එහි මුදුනට රැගෙන යන ආකාරයට ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලිය තුළ ඉදිරියට රැගෙන යන බව පැහැදිලිව දක්‌නට ලැබුණි. ව්‍යාජ විපක්‍ෂ බලවේග ඒ සඳහා කැමැත්තෙන් සැදී පැහැදී සිටින බවට විවාදයක්‌ නැත. එහෙත් සැබෑ විපක්‍ෂය දේශපාලනිකව නොව තාක්‍ෂණිකව මෝහනය කිරීම සඳහා ඔවුන් වටා සිටින විවිධ උපදේශකයන් ආකාර 4කින් කටයුතු කරන බව පෙනේ. පළමු පිරිස තර්ක කරන්නේ ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලියෙන් පිටතට පැමිණිම මහජනයා අනුමත නොකරන බවයි. නමුත් එම ක්‍රියාවලිය මහජනයා විසින් ලබාදුන් අනුමැතියට පිටින් සහ ව්‍යවස්‌ථා විරෝධීව සිදු කිරීම පිළිබඳව ඔවුහු කතා නොකරති.

දෙවැනි පිරිස, ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලිය තුළ සිටීම මගින් ඒ තුළ සිදුවන්නේ කුමක්‌ දැයි දැනගත හැකි බවට තර්ක කරති. එහෙත් එසේ දැනගන්නා තොරතුරු මත වහා ක්‍රියාත්මක වීම යනු තොරතුරු දැන ගැනීම සමඟ බැඳී ඇති ඊළග ක්‍රියාව බව ඔවුහු අමතක කරති. ව්‍යවස්‌ථා සභාවට ඉදිරිපත් කළ උප කමිටු වාර්තා පිළිබඳව දැනුවත් වී මාසයකට අධික කාලයක්‌ ගත වුවද ඔවුන් ඒවායේ අඩංගු කරුණු පිළිබඳ මේ වන තුරු නිල වශයෙන් මතයක්‌ පළකොට නැත. ඉතා බරපතළ තොරතුරු දැනගැනීමෙන් පසුවත් ඔවුහු තම නිහඬ වත දිගටම පවත්වාගෙන යති. තුන්වැනි පිරිසක්‌ කල් මැරීම සඳහා ව්‍යවස්‌ථා සභාවේ රැඳී සිටිය යුතු බව පවසති. එහෙත් එසේ කල් මරන්නේ දවස්‌ වලින්ද එසේ නැතහොත් මාස හෝ අවුරුදු වලින්ද යන්න පිළිබඳව ඔවුන් තුළ අදහසක්‌ නැත. හතරවැනි පිරිසකගේ උපදෙස්‌ අනුව ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලිය තුළ රැඳී සිටීම මගින් විපක්‍ෂයට අවශ්‍ය සංශෝධන ප්‍රමාණයක්‌ නව ව්‍යවස්‌ථාවට ඇතුළු කරගත හැක. ඒ අඳබාල උපදේශකයන්ට අනුව මහින්ද රාජපක්‍ෂ මහතාට නැවත බලයට ඒම සඳහා ඔහුට වාසි සහගත ලෙස ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා එක`ග වේ. අවසාන වශයෙන් බොහෝ උපදේශකයන්ගේ පොදු මතය අනුව දෙමළ ජනතාවට ''යම් දෙයක්‌'' "මට විපක්‍ෂය විරුද්ධ නොවන බව ඔනුන්ට පෙන්විය යුතුය. ඒ අනුව සුළු ජාතික ඡන්ද ලබාගැනීම සඳහා ආණ්‌ඩුව විසින් ගෙන එන යම් සංශෝධනවලට එකඟ විය යුතුය. නමුත් ඔවුන් කිසි විටෙක ජාතිවාදී බෙදුම්වාදී දේශපාලකයන්ට කප්පම් දීම සහ ජනතාවට අයිතිවාසිකම් ලබාදීම යන ක්‍රියාමාර්ග දෙක අතර පවතින අහසට පොළොව මෙන් වූ වෙනස ගැන කතා නොකරති.

ඒ සියලු උපදේශකයන්ගේ තර්ක වලින් ආණ්‌ඩුවේ මූලික උපායමාර්ගික අවශ්‍යතාවක්‌ ඉටු වේ. එනම් ආණ්‌ඩුව විසින් කරගෙන යනු ලබන ව්‍යවස්‌ථා විරෝධී කූට ක්‍රියාවලියට විපක්‍ෂය පටලවා ගැනීම මගින් ඊට සුජාතභාවය ලබාදීමය. ඒ අනුව ව්‍යවස්‌ථා කෙටුම්පතෙහි අඩංගු ප්‍රතිපාදන විපක්‍ෂය විසින් අනුමත කරන බව අවසාන මොහොත දක්‌වා මහජනයාට ඒත්තු ගැන්වීමට ආණ්‌ඩුවට ඉඩ ලැබේ. විපක්‍ෂයත් දායක වන ක්‍රියාවලියක්‌ තුළින් උපදින ව්‍යවස්‌ථාවක්‌ රටට හානිකර දේ තිබිය හැකි ද යන ප්‍රශ්නය ඒමගින් ඔවුන් මතු කරයි. ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලිය තුළ ඒකාබද්ධ විපක්‍ෂය තොරම්බල් වෙමින් සිටින අතරතුර එහි භයානකකම මහජනයාට වටහා දීම පහසු නැත. එසේ යම් කාලයක්‌ 'ගන්ධබ්බයන්' ලෙස සිටිමින් ව්‍යවස්‌ථා සභාවේදී එම ක්‍රියාවලියට අභියෝග නොකරන තත්ත්වයක්‌ තුළ එම සභාවට වාර්තාවක්‌ පමණක්‌ ඉදිරිපත් කොට ව්‍යවස්‌ථා කෙටුම්පත හදිසියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විට කරන්නේ කුමක්‌ද? එවිට හදිසියේ නින්දෙන් අවදි වී විරෝධය පළ කිරීමෙන් මහජන විරෝධය කුළුගැන්විය නොහැක. මහජන විරෝධය ප්‍රභලව මතු නොවන තත්ත්වයක්‌ තුළ මන්ත්‍රීවරුන් තුළ මානසික බලපෑමක්‌ ඇති කිරීම පහසු නැත. 'රට පාවාදී ගමට එන්න එපා' යන පණිවිඩය ප්‍රබලව සමාජයෙන් මතු වන්නේ නම් බෙදුම්වාදී ව්‍යවස්‌ථාවකට අත් එසවීමට පෙර සෑම මන්ත්‍රීවරයෙක්‌ තුළම තම තීන්දුව පිළිබඳව දෙවරක්‌ සිතීමට පෙළඹවීමක්‌ ඇතිවේ.

ව්‍යවස්‌ථා සභාවට කෙටුම්පත ඉදිරිපත් නොකර ගන්ධබ්බ කාලය දිගු කර ගැනීමට ආණ්‌ඩුව උත්සාහ කරන්නේ පළමු වටයේදී ඊනියා වාර්තාවට අනුව ව්‍යවස්‌ථා සභාවේ අනුමැතිය ලබා ගැනීමටය. එහිදී එම වාර්තාවට ව්‍යවස්‌ථා සභාවේදී විශේෂ බහුතරය සහිතව අනුමැතිය ලබාගතහොත් කෙටි කාලයක්‌ තුළ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එම බහුතරය ආරක්‍ෂා කර ගතහැකි යෑයි ආණ්‌ඩුව කල්පනා කරන බව පැහැදිලිව පෙනේ. කෙසේ වෙතත් ආණ්‌ඩුව දැන් තම 'ඒ' සැලසුම හෙවත් නව ව්‍යවස්‌ථාවක්‌ සම්මත කිරීමේ සැලසුම අකුළමින් 'බී' සැලසුම හෙවත් පවතින ව්‍යවස්‌ථාවට සංශෝධනයක්‌ ගෙන ඒමට උත්සාහ කරන බව පෙනේ. ඊට හේතුව පසුගිය දිනවල මතු වූ විරෝධය හමුවේ තුනෙන් දෙකේ විශේෂ බහුතරය ආණ්‌ඩුවට අහිමි වීමේ වැඩි ඉඩක්‌ පැවතීමයි. එය හදිසියේම විරෝධතාවලට පිළිතුරු ලෙස සකස්‌ කළ සැලසුමකට වඩා පළමු සැලසුමට විරෝධය මතුවුවහොත් ගෙනඒම සඳහා සකස්‌ කළ මූලික සැලසුමේ අතුරු සැලසුමක්‌ ලෙස සැලකීම වඩා ප්‍රඥාගෝචර වේ.

ජාතික බලවේගවල විරෝධයට පිළිතුරු ලෙස පළමු සැලසුම අකුළා ගැනීම මගින් ආණ්‌ඩුවට යම් සදාචාර බලයක්‌ ආරෝපණය වේ. එසේම ඒ මගින් මහජනයා තුළ ව්‍යාජ ආරක්‍ෂාකාරී හැ`ගීමක්‌ ද ඇතිවේ. ඊට අමතරව ඒ මගින් දෙවැනි සැලසුම පිළිබඳ සුබවාදී පින්තුරයක්‌ මැවීම සඳහා සමාජ මනෝ භාවයද සකස්‌ වේ. බෙදුම්වාදී බලවේග පැත්තෙන් ගත්විට ද එය ඔවුන්ට අලුත් අත්දැකීමක්‌ නොවේ. ඔවුන් මුලින්ම ඉතිහාසය පුරාම භාවිතා කළ උපක්‍රමය වූයේ උපරිමය ඉල්ලා විශාල ඝෝෂාවක්‌ කොට පසුව අවශ්‍ය දේ කෙසේ හෝ ලබාගැනීමය. ඒ අනුව නව ව්‍යවස්‌ථාවක්‌ වෙනුවට පවතින ව්‍යවස්‌ථාව යටතේ ගෙන එන 20 වැනි සංශෝධනයට මුලින් අකැමැත්ත පෙන්වා පසුව දියුණු නම්‍යශීලිත්වයක්‌ පෙන්වමින් ඊට එක`ගවනු ඇත.

ඒ ආකාරයට බෙදුම්වාදීන්ට 'ඉල්ලන දේ' නොලැබුණා යන පදනම මත බහුතර සිංහල ජනතාව අතර නව ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳ යම් සුබවාදී මනෝභාවයක්‌ ඇති කරයි. එම තත්ත්වයද සැලසුම් සහගත අපේක්‌ෂාවක්‌ මිස අහඹු වාසියක්‌ නොවේ. නව ව්‍යවස්‌ථාවක්‌ මගින් පැරණි ව්‍යවස්‌ථාවේ අඩංගු වූ ''බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය'' "ම හෝ ''ඒකීය වගන්තිය'' වැනි ''ලේබල්'' ඉවත් නොකිරීම පිළිබඳ යම් බෙදුම්වාදීන් පිරිසක්‌ දිගින් දිගටම විරෝධය පළ කිරීමටද ඉඩ ඇත. නමුත් එම සංශෝධනය මගින් 13 වැනි සංශෝධනය ඉක්‌මවා යන බලතල ප්‍රමාණයක්‌ ලබාගැනීම මධ්‍යස්‌ථ බෙදුම්වාදීන් හෙවත් බෙදුම්වාදී න්‍යායාචාර්යවරුන්ගේ අපේක්‌ෂාව බවට කිසිදු සැකයක්‌ නැත. ඉතිහාසය පුරාම බෙදුම්වාදීන්ගේ කේවල් කිරීමේ උපායමාර්ගය තුළ මෙම ඊනියා අන්තවාදී සහ මධ්‍යස්‌ථවාදී බලවේග දෙක විසින් එකම අරමුණක්‌ වෙනුවෙන් තම භූමිකාව මැනවින් ර`ග දක්‌වා ඇත. මේ දිනවල මරණ තර්ජන කරමින් ර`ගදක්‌වන්නේ ඒ පැරණි භූමිකාවේ නව අධ්‍යක්‍ෂණයක්‌ මිස අන් කවරක්‌ද?

නමුත් ඉහත සඳහන් කළ ආකාරයට ඒකාබද්ධ විපක්‍ෂය ආණ්‌ඩුව විසින් පහසුකම් සලසන බෙදුම්වාදී මාර්ග සිතියම යථාර්ථවාදීව තේරුම් ගන්නා බවක්‌ පෙනෙන්නේ නැත. ''චන්ද්‍රිකාගේ පැකේජය'' පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්‌ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට ගිනිතබා පරාජය කළේ ඔහු ප්‍රතිපත්තිමය වශයෙන් එම ව්‍යවස්‌ථාවට විරුද්ධ වූ නිසා නොවේ. ඒ මගින් ඔහු උත්සාහ කෙළේ චන්ද්‍රිකා ජනාධිපතිනිය දේශපාලන වශයෙන් අස්‌ථාවර කොට එම ක්‍රියාවලිය තමා බලයට පත් වූ පසුව නැවත වටයකින් ආරම්භ කිරීම සඳහාය. අප රටේ අවාසනාවකට ඒකාබද්ධ විපක්‍ෂය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉගෙන ගැනීමට තරම් නිහතමානී නැත.

මේ වන විට ව්‍යවස්‌ථාවට ඇතුල් කළ යුතුය යන පදනමින් ඉදිරිපත් කළ බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් සියල්ල හඳුනාගැනීම සඳහා සාක්‍ෂි ලැබී නැත. 1976 වඩුක්‌කොඩෙයි සමුළුවේ සිට තිම්පු යෝජනා හරහා බෙදුම්වාදී බලවේග විසින් දිගින් දිගටම ඉදිරිපත් කළ යෝජනා සියල්ල උප කමිටු වාර්තාවල අඩංගු වේ. ඒවා අතරින් ජනමත විචාරණයක්‌ අවශ්‍ය නොවන යෝජනා සියල්ල 20 වැනි සංශෝධනයට ඇතුළත් කළ හැක.දැන් බෙදුම්වාදී කප්පම්කරුවන්ගෙන් ඇසිය යුත්තේ එක ප්‍රශ්නයක්‌ පමණි. එනම් ඉල්ලීමට අපතසු වූ වෙනත් යමක්‌ තිබේ ද යන්න පමණි. ආණ්‌ඩුවේ මෙන්ම බෙදුම්වාදී බලවේග අෙන්‍යාන්‍ය අවබෝධයෙන් යුතුව සැරසෙන්නේ කුමකටද? යන්න දැන් ඉතා පැහැදිලිව පෙනේ.

එහෙත් විපක්‍ෂ බලවේග තම මතය සෘජුව ප්‍රකාශ නොකර ''කෙකර ගාමීන්'' සිටින්නේ කුමක්‌ නිසාද? ඊට ප්‍රධාන හේතුව ඉහත සඳහන් කළ ආකාරයට ''දෙමළ ජනතාවට යමක්‌ දිය යුතුය'' යන මානසික බාධකය නොවේද?

එම මානසික බාධකයෙන් ගැලවීම සඳහා ඇත්තේ එක්‌ මාර්ගයක්‌ පමණි. ඒ දෙමළ ජනතාවට ''යමක්‌'' නොව සියල්ල දිය යුතුය යන ස්‌ථාවරය නිර්භීතව රටට ඉදිරිපත් කිරීමය. ඒ සඳහා වන පූර්ව කොන්දේසිය වන්නේ ජාතිවාදී බෙදුම්වාදී, ආගම්වාදී කුලවාදී පටු දේශපාලන ගෝත්‍රවාදී නායකයන් කිහිපදෙනෙකු අතට පොලිස්‌ බලය දීම සහ සිංහල දෙමළ මුස්‌ලිම් සියලු ජනතාවට අයිතිවාසිකම් අතර ඇති බරපතළ වෙනස නිරවුල්ව පැහැදිලි කිරීමයි. ඒ සඳහා රටේ බහුතර ජනතාව වන සිංහල ජනතාව භුක්‌ති විඳින එහෙත් සුළුතර දෙමළ හෝ මුස්‌ලිම් ජනතාවට මේ වන විට ලැබී නැතැයි පැමිණිලි කෙරෙන සියලු අයිතිවාසිකම් සහ වරප්‍රසාද ලැයිස්‌තුගත කළ යුතුය. එමෙන්ම ඒ සඳහා සුළු ජාතික දේශපාලන පක්‍ෂවලට ඉතා සද්භාවයෙන් යුතුව ආරාධනා කළ යුතුය. ඉන් පසුව ලෝකයේ වෙනත් කුමන හෝ රටක සුළු ජාතිකයන් බුක්‌ති විඳින එහෙත් අප රටේ දක්‌නට හෝ ලබාදී නොමැති අයිතිවාසිකම් සහ වරප්‍රසාද තිබේනම් ඒවා ඉහත ලැයිස්‌තුවට එකතු කළ යුතුය. ඉන්පසුව ඒවා ලබාදෙන ලෙස සියලු විපක්‍ෂ දේශපාලන පක්‍ෂ එකට එකතුවී ආණ්‌ඩුවට බල කළ යුතුය. යම් විපක්‍ෂ බලවේගයක්‌ ඊට එකතු විය නොහැකි බව පවසන්නේ නම් ඔවුන්ගේ සැබෑ අරමුණ ලෝකයටම පැහැදිලි වනු ඇත.

දෙමළ ජනතාවගේ ප්‍රශ්නය විසඳීම සඳහා ඕනෑම කැපකිරීමක්‌ කළ යුතු බව ජනාධිපතිතුමා විසින් ප්‍රකාශ කොට ඇති බැවින් ඉහත සඳහන් කළ සුළු ජාතික අයිතිවාසිකම් ලැයිස්‌තුව කොතෙක්‌ දිගු වුවත් ගැටලුවක්‌ නොවනු ඇත. එහෙත් යම් විශේෂ කාරණාද ඊට ඇතුළත් විය යුතුය. විශේෂයෙන්ම තේසවලාමේ වැනි යම් ජන කණ්‌ඩායමකට පමණක්‌ විශේෂිත වූ නීති මගින් ව්‍යවස්‌ථාවේ ප්‍රතිපාදන පවා අත්හිටුවමින් කුලහීන දෙමළ ජනතාව පීඩනයට පත්කිරීමද අවසන් කළ යුතුය. එමෙන්ම විශේෂිත මුස්‌ලිම් විවාහ නිති මගින් කාන්තාවන්ට අයුතු ලෙස සැලකීම වැළැක්‌වීමද එම ලැයිස්‌තුවට ඇතුළත් විය යුතුය. භූගෝලීයව සම්පත් පැතිරීම අනුව අධ්‍යාපන අවස්‌ථා සලකා බැලීම සහ ඉඩම් පරිහරණයේදී සමස්‌ත ජනවාර්ගික අනුපාතය සැලකිල්ලට ගැනීම වැරදි නැත. එහෙත් රැකියා ලබාදීමේදී ජනවර්ග හෝ යම් යම් භාෂාවන් දැන සිටීම විශේෂ සුදුසුකමක්‌ නොවිය යුතුය. රජයේ අවශ්‍යතාව අනුව රජයේ සේවකයන්ට අවශ්‍ය භාෂා දැනුම ලබාදීම රජයේ වගකීමකි. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය තුළ ජනවර්ග නියෝජනය විය යුතු යෑයි ඉල්ලීම් ඉදිරිපත් කරන ''ගෝත්‍රවාදී දුප්පතුන්'' එම ප්‍රමිතීන් පිළිගනීද යන්න සැක සහිතය. ජාති බේද හෝ ආගම් බේද නොමැතිව සියලු ජනතාවට සමානව සැලකිය යුතු යෑයි නිර්භීතව සමාජයට කතා කළ හැකි කොන්ද පණ ඇති මිනිසුන්ට ඒ දුප්පත් ගෝත්‍රවාදීන්ගේ මතය වැදගත් වන්නේ කෙසේද? එම නිසා එම ගෝත්‍රවාදී කප්පම්කරුවන්ගේ මතය නොසලකා Rජුව ජනතාව ඇමතීමට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුනට පිට කොන්දක්‌ තිබිය යුතුය.

සිංහල, දෙමළ, මුස්‌ලිම් සියලු ජනතාවට සමානව සැලකීම යන පදනම යටතේ ජනතාවට අයිතිවාසිකම් ලබාදීම පිළිබඳව බහුතර සිංහල බෞද්ධ ජනතාව විරුද්ධ වෙන්නේ නැත. එය ඓතිහාසික සත්‍යයකි. එම ජනතාව විරුද්ධ වන්නේ බෙදුම්වාදී දේශපාලන නායකයන්ට බිය වී ඔවුන්ට ලබාදිය යුතු යෑයි කියන කප්පම් ලබාදීම සඳහා යෝජනා කරන ව්‍යවස්‌ථා සංශෝධනවලට පමණි. පවතින ව්‍යවස්‌ථාව

රැකගත යුතු යෑයි කිසිසේත්ම ඉන් අදහස්‌ නොවේ. නමුත් ආණ්‌ඩුව දැන් සූදානම් වන්නේ පවතින ව්‍යවස්‌ථාවේ අඩංගු ''නරක දේ' ඉවත් කිරීමට නොවේ. එනම් තමා විසින් අතීතයේදී සම්මක කළ බෙදුම්වාදී ජාතිවාදී අංග ලක්‍ෂණ ව්‍යවස්‌ථාවෙන් ඉවත් කිරීමට නොවේ. ඔවුන් දැන් උත්සාහ කරන්නේ තමා බලයට පත්කළ බලවේග සතුටු කිරීම සඳහා අතීතයේදී සම්මත කළ බෙදුම්වාදී අංග ලක්‍ෂණ තවදුරටත් ශක්‌තිමත් කිරීමටය.

ආණ්‌ඩුවේ මෛත්‍රී-රනිල් පාර්ශව දෙකම රහසිගත එකඟතාවයෙන් යුතුව දැන් උත්සාහ කරන්නේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට එරෙහිව පවතින බාධක ඉවත් කොට එය තවදුරටත් ශක්‌තිමත් කිරීමටය. ඒ සඳහා ඉදිරිපත් කිරීමට 20 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට ඒකාබද්ධ විපක්‌ෂය විසින් සද්භාවයෙන් යුතුව පාර්ලිමේන්තුවේදී සංශෝධන ඉදිරිපත් කිරීමට උත්සාහ කළහොත් සිදුවන්නේ ආණ්‌ඩුවේ උගුලට පය තැබීමකි. එම නිසා 19 වැනි සංශෝධනය ගෙන එන අවස්‌ථාවේදී ඊට සංශෝධන යෝජනා කිරීම මගින් ආණ්‌ඩුවේ උගුලට ගොදුරු වූ ආකාරයටම මෙවර 20 වැනි සංශෝධනයේදීත් එම වරදම සිදුකරන්නේ නම් මහජනයාගෙන් ඔවුන්ට කිසිදු සමාවක්‌ නොලැබෙනු ඇත. එය රෑ වැටුණු වළේ දවල් වැටීමකි. ඒ මගින් මරණිය තුවාල සිදුවන්නේ ඒකාබද්ධ විපක්‍ෂයට පමණක්‌ නොව සමස්‌ත ජාතියටමය.

20 වැනි සංශෝධනය හෙවත් ආණ්‌ඩුවේ 'බී' සැලසුම මගින් ඒකාබද්ධ විපක්‍ෂයට හා රටට බරපතළ තුවාල සිදුවුවත් මෛත්‍රී- රනිල් පාර්ශ්ව දෙක ඒ තුළින් බරපතළ වාසි රැසක්‌ අත්පත් කරගනු ඇත. එනම් ඔවුන් එක ගලකින් කුරුල්ලන් කිහිපදෙනෙකු බිම දමාගනු ඇත. ඔවුන්ගේ පළමු ජයග්‍රහණය වන්නේ දෙස්‌ විදෙස්‌ බෙදුම්වාදී බලවේග සතුටු කර ආණ්‌ඩුවේ පැවැත්ම ආරක්‍ෂා කර ගැනීමය. නමුත් එම "අපායේ විවේකය" ඔවුන්ට ලැබෙන්නේ බෙදුම්වාදීන් තමා ලබාගන්නා එම ජයග්‍රණ මත දෙපා තබාගෙන ඒකපාර්ශවීයව වෙනම රාජ්‍යයක්‌ කරා යන ගමන ආරම්භ කරන තෙක්‌ පමණි. දෙවැනි ජයග්‍රහණය වන්නේ රනිල් විරෝධයක්‌ මතුකොට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තුළ "මෛත්‍රී ප්‍රතිරූපය'' වර්ධනය කිරීමය. එහිදී නව ව්‍යවස්‌ථාවක්‌ මගින් බුදුදහමට හිමි තැන සහ ඒකීය වගන්තිය ඉවත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගනු ලැබූ උත්සාහය පරාජය කළ වීරයා බවට පත්වන්නේ මෛත්‍රී පාර්ශ්වයයි. තුන්වන ජයග්‍රහණය වන්නේ පවතින බෙදුම්වාදී සැක සංකා ව්‍යාජ ලෙස තාවකාලිකව සමනය කිරීමට හැකි වීමය. 20 වැනි සංශෝධනය නිසා නව ව්‍යවස්‌ථාවකින් සිදු විය හැතිව තිබූ අනතුර පහව ගිය බවට සුබවාදී සමාජ මනෝභාවයක්‌ ගොඩනැඟෙනු ඇත. එ මගින් ආණ්‌ඩු විරෝධය සමනය වී ආණ්‌ඩුව ශක්‌තිමත් වේ.

ආණ්‌ඩුවේ හතරවැනි ජයග්‍රහණය වන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාට දේශපාලන භූමිකාව අහිමි කිරීමය. එනම් මහින්ද සාධකය දේශපාලන සමීකරණයෙන් ඉවත් කිරීමය. යුද්ධයෙන් රට බේරාගත් නායකයා සහ ව්‍යවස්‌ථා කුමන්ත්‍රණය පරාජය කොට රට බේරාගත් නායකයා අතර ප්‍රතිරූප ගැටුමේදී පවතින තත්ත්වය තුළ ජයග්‍රහණය හිමි වන්නේ කාටද? පසුගිය දිනවල ස්‌වෙච්ඡාවෙන් දේශපාලනයෙන් ඉවත්වන ලෙස ප්‍රබල රටවල තානාපති අංශ විසින් මහින්ද රාජපක්‍ෂ මහතාට බලකරන බව වාර්තා විය. ඒ අනුව දෙස්‌ විදෙස්‌ බෙදුම්වාදී බලවේග විසින් රට බේරාගත් නායකයා යන විරුදාවලිය මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් උදුරා ගැනීමට විශාල ප්‍රචාරක යුද්ධයක්‌ දියත් කරනු ඇත. එම මෙහෙයුමේ අවසාන වාසිය ලැබෙන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට වඩා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට බව තේරුම් ගැනීම අමාරු නැත.

13 ශක්‌තිමත් කරන 20 වැනි සංශෝධනයක්‌ මගින් ආණ්‌ඩුව අපේක්‌ෂා කරන පස්‌වැනි ජයග්‍රහණය වන්නේ ඒකාබද්ධ විපක්‍ෂය බේද භින්න කිරීමය. ජාතිවාදී නායකයන්ට කප්පම් දීම සහ ජනතාවට අයිතිවාසිකම් දීම යන පරස්‌පර දේශපාලන උපායමාර්ග පටලවාගෙන සිටින යම් වාමාංශික පක්‍ෂ 13 වැනි සංශෝධනය ශක්‌තිමත් කිරීමේ ආණ්‌ඩුවේ උපාය මාර්ගය සාධාරණීකරනය කිරීමට ඉඩ ඇත. එම පක්‍ෂ 1987 දී ඡේ. ආර්. ජයවර්ධන රජයට සහාය දුන් ආකාරයට මෙදා මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දීමට ඉඩ ඇත. එය බොහෝ විට රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දීමක්‌ ලෙස තවදුරටත් සාධාරණීකරණය කිරීමටද ඉඩ ඇත. එම සංවාදයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ''චන්ද්‍රිකා

පැකේඡ්වාදීන්ද ව්‍යවස්‌ථා සංශෝධනයට ආවඩනු ඇත. ''මෛත්‍රී ලේබලය'' අලවා 20 වැනි සංශෝධනය ගෙන ඒම මගින් ජාතිකවාදී බලවේග අතර ද යම් බේද භින්න ඇති කිරීමට ඉඩක්‌ ලැබෙනු ඇත. එම නිසා ඌරාගේ මස්‌ උගේ පිටේ තබා කපන්නා සේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සහායෙන් 20 වැනි සංශෝධනයට විශේෂ බහුතරය ලබාගැනීමේ බරපතළ ඉඩක්‌ ඇත. එම සූක්‍ෂ්ම මෙහෙයුම පරාජය කළ නොහැකි වුවහොත් ඒ පිළිබඳ කතාව ශ්‍රී ලංකාව නම් වූ රටේ ඉතිහාසයේ අවසන් පරිච්ඡේදය බවට පත්වන බවට නම් කසිදු සැකයක්‌ නැත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.