වොලිබෝලයෙන් එතෙර ගිය
පළමු පුහුණුකරුවා
කුමාර වෙන්ඩකෝන්


ශ්‍රී ලංකා ජාතික (පිරිමි) වොලිබොල් කණ්‌aඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් ශ්‍රී ලංකාවට රන් පදක්‌කමක්‌, රීදී පදක්‌කමක්‌ සහ ලෝකඩ පදක්‌කම් දෙකක්‌ මෙන්ම ජාතික (පිරිමි) වොලිබෝල් කණ්‌ඩායමක්‌ ඉතිහාසයේ ප්‍රථම වරට ආසියාවේ සුපිරි අට වටය දක්‌වා සුදුසුකම් ලැබීමට ප්‍රධාන පුහුණුකරු ලෙස දායකත්වය ලබාදුන් කුමාර වෙන්ඩකෝන් මහතා මාලදිවයින් වොලිබෝල් සම්මේලනයේ ආරාධනයෙන් මේ වන විට මාලදිවයින් ජාතික (පිරිමි) වොලිබෝල් කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටිනු ලබයි.

මෙය ශ්‍රී ලාංකික වොලිබෝල් පුහුණුකරුවකු ජාත්‍යන්තරයේ ලැබූ ඉහළම පිළිගැනීම බව වොලිබෝල් ක්‌ෂේත්‍රයේ මතය වේ. ඔහු පසුගියදා කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි අවස්‌ථාවකදී "දිවයින" සමඟ පැවැති කතිකාවත මෙසේ දිග හැරෙයි,

ප්‍රශ්නය - ඔබ මේ වන විට ජාත්‍යන්aතර මට්‌ටමේ පිළිගැනීමක්‌a සහිතව ආරාධනාවක්‌ මත ජාතික (පිරිමි) වොලිබෝල් කණ්‌ඩාමක ප්‍රධාන පුහුණුකරු තනතුරක්‌ ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම වොලිබෝල් පුහුණුකරු බවට පත්වීම පිළිබඳ ඔබගේ අදහස?

පිළිතුර - මෙය මා ලැබූ පෞද්ගලික ජයග්‍රහණයකට වඩා ශීSS්‍ර ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාවට ජාත්‍යන්තරයෙන් ලැබූQQණ පිළිගැනීමක්‌ සහ ගෞරවයක්‌ බව පළමුවෙන් මා සඳහන් කීSරීමට කැමැතියි. එමෙන්ම මෙය මාගේ ප්‍රධාන පුහුණුකාරත්වය යටතේ ක්‍රීඩා කරමින් ජාත්‍යන්තර මට්‌ටමේ දී දක්‌ෂතා දැක්‌වූ සියළු ක්‍රීඩකයන්හට ලැබූ ඉහළම ගෞරවයක්‌ බවද සඳහන් කරමි.

ප්‍රශ්නය - ඔබ මෙම තනතුරට පත්වූයේ කෙසේද? එය පෞද්ගලිකව විදේශ රැකියාවක්‌ ලෙස අයදුම් කිරීමක්‌ද?

පිළිතුර - නැහැ. මා මෙම තනතුර සඳහා පෞද්ගලිකව කිසිදු ඉල්ලීමක්‌ හෝ අයදුම්පතක්‌ ඉදිරිපත් කර නැහැ. මාලදිවයිනේ වෝලිබෝල් සම්මේලනයේ සහාපති සහ විධායක කමිටුවේ ඒකමතික තීරණයක්‌ මත එහි නිලධාරීන් විසින් ආරම්භයේ දී දුරකථනය මගින් සිදුකළ ඇරැයුමක්‌ මත මෙම ක්‍රියාවලිය ආරම්භ වු බව සඳහන් කිරීමට කැමැතියි. නමුත් ඒ වන විට මා විසින් පුහුණු කළ නාවික හමුදා කාන්තා කණ්‌ඩායම රූපවාහිනී අවසන් තරඟ සඳහා පුහුණු කරමින් සිටි බැවින් මා පළමු අවස්‌ථාවේදී මෙය භාර ගැනීමට යම් මැළිකමක්‌ දැක්‌වූවා. නමුත් ඔවුන්ගේ අඛණ්‌ඩ ඉල්ලීම මත මා මෙයට එකඟතාවක්‌ දැක්‌වූවා.

ප්‍රශ්නය - මාලදිවයිනේ සහ ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩකයන් හා ක්‍රීඩා පරිපාලනයේ ඔබ දකින වෙනස කුමක්‌ද?

පිළිතුර - මාලදිවයින ජාතික කණ්‌ඩායම් දෙක සඳහා පමණක්‌ වැඩි අවධානයක්‌ යොමු කරන අතර එය සඳහා ඉතාමත් විශාල මුදලක්‌ වැය කරනවා. කණඩායමට අවශ්‍ය සියලු ක්‍රීඩා ඇදුම් ගෙන්වන්නේ ස්‌පාඤඤයේ ජෝමා සමාගමෙනි. ජාත්‍යන්තර තරගාවලියක්‌ සඳහා කණ්‌ඩායමේ නිත්‍ය සාමාජිකයන් 16 දෙනාට අමතරව සහාය කණ්‌ඩායම ලෙස 7 දෙනෙක්‌ පමණ සහභාගී වෙනවා. වර්¨තමාන සම්මේලනයේ සභාපති සහ පරිපාලන නිලධාරීන් රැසක්‌ ජාතික මට්‌ටමේ හිටපු ක්‍රීඩකයන්. ඔවුන් හට ජාත්‍යන්තර ජයග්‍රහණ ඉතාමත් අවශ්‍යයි. නමුත් පරිපාලන ව්‍යqහය තවමත් ප්‍රතිපල දායක ලෙස සකසා ගෙන නැහැ.

ක්‍රීඩකයන්ගේ සංස්‌කෘතික හැදියාව ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්හට වඩා බොහෝ වෙනස්‌. පරිපාලන නිලධාරීන් ක්‍රීඩකයන්හට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අසීමිතව ආදරය කරනවා. ඒ අනුව ක්‍රීඩකයන් සම්මේලනයට වඩා ඉහළින් සිටින්නේ.

ප්‍රශ්නය - ඔබ වොලිබෝල් පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීම ආරම්භ කළේ කුමන ආකාරයෙන්ද?



පිළිතුර - මා 1985 වර්ෂයේ දී ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන ගුරුවරයකු ලෙස පළමු පත්වීම ලද අතර හලා/විජය කටුපොත මහා විද්‍යාලයෙන් වොලිබෝල් පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීම ආරම්භ කළා. එමෙන්ම එම පාසල තරමක්‌ දුෂ්කර ප්‍රදේශයක පාසලක්‌ වුවත්, මා හට එම පාසලේ දරුවන් දක්‌වන ලද සෙනෙහස තුළින් ලත උත්තේජනයෙන් ඔවුන්හට සේවයක්‌ සැලසීමේ අරමුණින් ලෙස ඉමහත් කැපවීමෙන් පුහුණු කටයුතු කිරීම ආරම්භ කළා.

ඉන් අනතුරුව 1990 වර්ෂයේ දී මා මාදම්පේ සේනානායක මධ්‍ය මහා විද්‍යාලයට ස්‌ථාන මාරුවක්‌ ලැබ වොලිබෝල් ක්‍රීඩාව තුළින් කිසිදු ජයග්‍රහණයක්‌ ලබා නොසිටි නව පාසලක්‌ ලෙස ආරම්භ කළ එම පාසල ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාව තුළින් දක්‌ෂතම පාසලක්‌ බවට පත්කර ජාතික මට්‌ටමේ ශුරතා 17 ක්‌ සහ අනු ශුරතා 06 ක්‌ දිනා දෙමින් ජාතික මට්‌ටමේ ජයග්‍රාහි පාසල් වොලිබෝල් පුහුණුකරුවකු ලෙස දක්‌ෂතා දැක්‌වීම ආරම්භ කළා.

ගයාශාන් විතානආරච්චි

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.