ෆුල් අප්සැට්‌...

ත්‍රිකට්‌ ගේම් බලන්ඩ තෙවැනි විනිසුරු ඇෆ්රිකාවේ ගිහින්. එහෙ වටේ පිටේ ඇවිදල ඇවිල්ල ආටා මල්ලිත් එක්‌ක චැට්‌ එකක්‌ දාන්න තෙවැනි විනිසුරු කොමිටලේ රෝඩ් එකේ ආටා පාර්ක්‌ එකට ගියා. අම්මප කොමිටලේ කස්‌ටිය මොන ගේම ලෝස්‌ට්‌ වුණත් උජාරුවෙන් ඩියුටි කොරනව දැකල තෙවැනි විනිසුරුට ෆුල් ඇප්සැට්‌.

"ආයිබෝවන් සෑර්.. ආෆ්ට ලෝන් ටයිම් ආ..." කියල ආටා මල්ලි තෙවැනි විනිසුරුව බදා ගත්තා. "සෑර් ඇෆරිකාවෙ ගිහිල්ල කාලා ආවා නේද."

"අනේ ආටා මල්ලි මම ගියේ අපේ යංග් බෝයිස්‌ල ටික ඇෆ්රිකාවේ සැට්‌ එකට දෙන ෆයිට්‌ එක දිහා බලන්ඩ. කෝ ඒත් විස්‌සෙ ඇරුණහම අපේ එවුන් නොකවුට්‌ම වුණා නේ."

"සෑර් අපේ පොඩි කොල්ලො ටික ෆුල් අප්සැට්‌ වෙන්ඩ ඇති නේද?." අනේ මන්ද ආටා මල්ලි ඒ කොල්ලො කුරුට්‌ටො ගේම් මොනව වුණත් හැන්දැවට රංචු ගැහිලා ෆිට්‌ එකේ එහෙ මෙහෙ යනවනම් මම දැක්‌කා. ඒත් ඉතිං ඔය යංග් බෝයිස්‌ලට රූම් එකකට කොටු වෙලා ඉන්න එකේ මොරාල් අප් කොරන්ඩ පොඩි රවුමක්‌ යන එකත් ඒ හැටි වරදක්‌ යෑ. හැබැයි ඉතිං ආරක්‌ෂා වෙන්ඩත් ඕන තමා. පුරස්‌නෙ තියෙන්නෙ මුන් ගේමක්‌ නැතිවම ලොස්‌ට්‌ වෙන එක නොවැ."

"අයියෝ සෑර් ඔය පොඩි කොල්ලො කොහොමත් රට තොට බලන්ඩ ආසයි නොවැ. උන් ගියේ රට වෙනුවෙන් ත්‍රිකට්‌ ගහන්ඩ නොවැ. ඉස්‌සර අපේ ලොකු සැට්‌ ගියත් අතන මෙතන සැට්‌ වෙලා ෆුල් මොරාල් එකේ ගේම ගහනවා. බලන් යන කොට යංග්ස්‌ මෑන්ස්‌ල අතන මෙතන සැට්‌ වෙලා ගේම් එක නා ගන්නවා. ඕකට තමා සෑර් ෙච්න්ඡ් එක කියන්නෙ."

"මේ ආටා මල්ලි සනා බෝයිස්‌ එහෙදි මල පැනල තමයි හිටියෙ. මම දැක්‌කා ගේමක්‌ ලෝස්‌ට්‌ වෙලා කස්‌ටියට දෙහි කපනවා. ඊට පහුවැනිදා චන්දි කොලුව බංකුවේ. චන්දි කතා කොරන්නෙත් නැතිව ෆුල් අප්සැට්‌ එකේ තමා හිටියේ."

"චන්දිගෙ සහකාරිය තනිවට සිටි නිසා පොඩ්ඩක්‌ සේෆ් වෙන්ඩ ඇති. එයානම් සහකාරියත් එක්‌කම තමා හිටියේ. චන්දිව බංකුවේ තිබ්බට පස්‌සෙ අනිත් එවුන්වත් බංකුවේ තියන්න තමා සනාට හිතිල තියෙන්නෙ. ඒත් ඉතිං ගහන්න තව එවුන් නැති එක තමා වුණේ. අනේ ආටා මල්ලි ඇෆ්රිකාවේ හෝට්‌ නිව්ස්‌ මම පස්‌සෙ කියන්නම්. කොහොම මෙහේ සෙල්ලමේ හොට්‌ නිව්ස්‌."

"සෑර් කියන්නෙ කකුල් බෝල් එකේ අනු චෙයාර්මන් කන්න දුන්න අත හපා කන්න ප්ලෑන් කොරනවා. ළග එන කකුල් බෝල් ඉලෙක්‌ෂන් එකේදි රුද්‍රි ලොක්‌කාව ලෝස්‌ට කොරල ආයිත් චෙයාර්මන් වෙන්ඩ තමා එයා පAලෑන් කොරන්නෙ. ඒ දවස්‌වල ඔය හාදයාට සතේ නැතිව ඉන්න කාලෙ රුද්‍රි තමා මනී ඉෂූ කොරල තියෙන්නෙ. ඕකට බල ලෝබේ කියන්නෙ."

"තව එකක්‌ සෑර්. කකුල් බෝල් එකේයි ත්‍රිකට්‌ එකෙයි ගේම් ටිකක්‌ කෝප් එකෙන් පබ්ලිෂ් කොරා. ඒත් ඉතිං මම දන්නෙ නෑ ඕවට මොනවා වෙයිද කියලා. අපි බලන් ඉමු සෑර්.


අවි

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.