පාසල් සිසුන් දෙදෙනකු
අපයෝජනයට ලක්‌ කළැයි  සහෝදරතුමා රිමාන්ඩ්

හලාවත අධිකරණ - ඒ.යූ. ගුණපාල

අවුරුදු 15 -16 ත් වයසේ පාසල් සිසුන් දෙදෙනකු අපයෝජනයට ලක්‌ කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් විදුහල්පතිවරයකුව සිටි සහෝදරතුමකු ළමාරක්‌ෂක අධිකාරිය පොලිසියේ සහාය මත මීගමුවේ දී අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම සහෝදරතුමා හලාවත විදුහලක විදුහල්පතිව සේවය කරමින් සිටියදී 2015 වසරේදී මෙම සිද්ධිය සිදුව ඇත. සිසුන් දෙදෙනාගේ මාපියන් ළමාරක්‌ෂක අධිකාරියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන හලාවත මහෙස්‌ත්‍රාත් අධිකරණයට 17 දින ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 27දා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කර තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.