දෙව්මැදුර
ඔබගේ ශ්‍රද්ධාව ප්‍රමාණවත් ද?

මගේ පළමු පත් වීම වූයේ ඒ මීසමටයි. මීසමේ සේවයට වැඩි දිනක්‌ ගත වූයේ නැහැ. මීසම් ජීවිතයටකෝඩුකාරයක වූ අත්දැකීම් එතරම් නොලැබූ මා හමුවන්නට ආ වැඩිහිටි අම්මා කෙනෙක්‌ මට මෙහෙම කීවා. ''පියාණනි, මට පුංචි උදව්වක්‌ කරන්න. අර අතන උඩ තියෙන සුරුවම ටිකක්‌ අරගෙන දෙන්න. මට මගේ අසනීපයට ඒ සුරුවම හෝදල, ඒ වතුර බොන්න ඕන. එතකොට මාව සනීප වෙනවා.'' ඒ ස්‌ත්‍රියට උපකාර කරන්න වුවමනාව තිබුණ ද, මගේ සිනහව සඟවන්නේ නැතිවම මං කීවා ''සුවය කෙසේ වෙතත් ඔය සුරුවමේ තියෙන මකුළු දැල්, හූණු බෙටි නිසා ඔබට වෙන ලෙඩක්‌ හැදෙයි.'' මං එහෙම කීවත් පසුව මං ඒ ගැන කල්පනා කළෙමි. මම ප්‍රතිමාව අරගෙන දුනිමි. ඇය සුව වුණාද නැද්ද කියා නම් මම සොය නොබැලීමි. දැන් අවුරුදු ගණනාවකට පස්‌සෙත් මගේ අවිශ්වාසය ගැනත් ඇයගේ විශ්වාසය ගැනත් පුදුම හිතෙනවා.

මේ පුංචි අත්දැකීම මට මතක්‌ වුණේ මතෙව් සුවිශේෂයේ 9/20සඳහන් වෙන ක්‍රිස්‌තුන් වහන්සේගේ සළුවේ අතගැසූ ස්‌ත්‍රියගෙ විශ්වාසය ගැන මෙනෙහි කරද්දීයි. මහ සෙනඟක්‌ තෙරපි තෙරපී උන්වහන්සේ වටා ඉඳිද්දීයි මේ සිද්ධිය වුණේ. ඒ කාලයේ නීති නියෝග අනුව එවැනි රෝගයකින් පෙළෙන කාන්තාවන්ට සාමාන්‍ය සමාජයට එන්න බැහැ. ඇය වගේම, වෙන කෙනකු ස්‌පර්ශ කළොත් ඒ තැනැත්තාද අපවිත්‍ර වෙනවා. (ලෙවී ව්‍යවස්‌ථාව 15/25) ඇය සුවය ලබන තුරු සැඟවුණු ජීවිතයක්‌ ගත කරන්න ඕන. නමුත් ඇය මේ හාස්‌කම් කරන සමි¹ණන් ගැන අසා තිබුණා. මේ නිසාම ඇය බාධා, තහංචි නොතකා සෙසු ජනතාවත් සමඟ ඉදිරියට ආවා.සමි¹ණන් කිට්‌ටුවට ම ආවා.එතුමාණන්ගේ ඇඳුමේ කොනක්‌වත් ඇල්ලුවොත් තමා සුවවෙන බව ඇය විශ්වාස කළා. නීතිය ගැන ඇය තැකුවේ නැහැ. නීතියට වඩා ඇයගේ අවශ්‍යතාව ඉස්‌මතු වුණා. නීතිය මනුෂ්‍යයා උදෙසා නොව මනුෂ්‍යයා නීතිය උදෙසා නොවෙයි යන්න ඇය හොඳින්ම දැන සිටියා. ඇය දිරිය කතක්‌. වසර 12 තිස්‌සේ මානසිකවත් ශාරීරිකවත් වද වින්දා හොඳට ම ඇති.ගිලෙන්න යන මිනිසා පිදුරු ගසක වුණත් එල්aලෙන බව ඇය අසා තිබුණ නිසා ඇයට අවශ්‍ය වුණේ පිදුරු ගසක නොවෙයි සමි¹ණන්ගේ ඇඳුමට අත තබන්නයි සමි¹ණන් මෙය දැන ගනියි කියල සිහිනෙකින්වත් ඇය සිතුවේ නැහැ. මෝය කටින් පොල් ලෙල්ලක්‌ ගියාම ඒක දැනෙනවායෑ. ඒවගේ ඇයගේ ස්‌පර්ශය ගුරු දේවයන්ට දැනෙයි කියල හිතුවේ නැහැ...' කවුද? මගේ වස්‌ත්‍රය අතින් ඇල්ලුවේ?'' (මාක්‌ 5/30) ගුරු දේවයන් ගොරෝසු හඬින් අසද්දී ශ්‍රවකයෝත් ගැස්‌සුණහ. මෙච්චර සෙනඟක්‌ පොරකද්දී කවුරුන් හෝ තම වස්‌ත්‍රය ඇල්ලුවා කියා කීම ශ්‍රාවකයන්ට හිතුණේ විහිළුවක්‌ කියලයි. ''සමූහයා ඔබට තෙරපී තෙරපී ඉන්නකොට මගේ සළුව ස්‌පර්ශ කළේ කවුද කියා අසන සේක්‌ද? යි (මාක්‌ 05/30) කීහ. අර ස්‌ත්‍රිය තවදුරටත් රහස සඟවා තිබීම නොකළ හැකි බව දැනගෙන, වෙව්ල, වෙව්ල ඉදිරියට ඇවිත් ඇගේ කන්නලව්ව ඉදිරිපත් කළාය. ශ්‍රාවකයන් එකිනෙකාගේ මුහුණු බලාගෙන කසු කුසු ගාන්න පටන් ගත්තා නියතයි. ගුරු දේවයන් එක එල්ලේම ස්‌ත්‍රිය දෙස බලා ''දියණියනි, ඔබේ ශ්‍රද්ධාව ඔබ සුවපත් කළේ ය.'' කියා කීවේය. මෙය ඇයගේ විශ්වාසයයි. ඇදහිල්ලයි. විශ්වාසයට කඳු සෙගවිය හැකියි. විශ්වාසය නිසා සිදු වූ බොහෝ හාස්‌කම් සුබ අස්‌නේ සඳහන් වෙනවා. මතෙව් 08 වන පරිච්ඡේදයේ සඳහන් වන ලාදුරු රෝගියා සුව කිරීමේ දී , ''ස්‌වාමිනි ඔබ කැමති සේක්‌ නම් මා පවිත්‍ර කරන්නට ඔබට පුළුවනැ'' යි කීය. ඒ ඔහුගේ ඇදහිල්ලයි. අද වුණත් ඇතැම් අය අප වෙත ඇවිත් කියනවා. ''පියාණනි ඔබවහන්සේ පොඩ්ඩක්‌ මගේ හිසමත අත තියා යාච්Æ කරන්න, මා සුවවෙනවා'' කියා. එයට අප සිනහවෙන්න හොඳ නැහැ. ඒ කෙනාගේ ඇදහිල්ල නේ ඒ. සමිඳු සමයේ සෑම හාස්‌කමක්‌ ම පාහේ සිදුවුණේ සුවය පතන්නාගේ හෝ රෝගියා සමිඳුන් වෙත යොමු කළ අයගේ විශ්වාසය මතයි. අංශභාගී රෝගියා සුවය ලැබුවේ ඔහු උසුලාගෙන ආ අයගේ අචල විශ්වාසය නිසයි. (මතෙව් 9/1 -8) ධෛර්යවන්තභාවය නිසයි. තාක්‌ෂණය අතින් දියුණුවන ලෝකයේ දෙවියන් වහන්සේ අවසාන තුරුම්පුවයි. ලෙඩ රෝග, අසනීප, අභියෝග ඉදිරියේ තම අසරණකම මුලින් කියන්aනේ කට්‌ටඩිවරුන්ට හා වෙද මහතුන්ටයි. දොස්‌තරවරුන් වෙද මහතුන් අවශ්‍ය තමයි. ඔවුන්ට ඥනය බුද්ධිය දුන්නෙත් දෙවියන් වහන්සේ තමයි. ඇතැම් විට වෛද්‍යවරුන්ට සොයා ගත නොහැකි එමෙන් ම සුව කළ නොහැකි අවස්‌ථාවන්වල ප්‍රතිහාර්යාත්මක සුවයන් ද අතරින් පතර වාර්තා වෙනවා. වෛද්‍යවරුන්ගේ මැදිහත්කම ද මෙහිදී අමතක කළ නොහැකියි. රෝග සහ ප්‍රතිකාරයන් ගැන උපදේශකයාගේ පොතේ 38 වන පරිච්ඡේදයේ සඳහන් වෙනවා. ''ඒ දොස්‌තර මහත්තයා නම් දෙවියෙක්‌.'' කියා ඇතැම් අය කියන්නේ නිකමට ම නොවේ. විශ්වාස කිරීමේ වැදගත්කම ගැන ශු.ජාකොබ් තුමා කියන කතාව ද අහන්න. ''එහෙත් සැක නොකර ඔහු අයදීවා. මන්ද සැක කරන තැනැත්තේ සුළඟින් කැළඹී නගින බසින මුහුදු රැල්ලට සමාන ය. (ජකොබ් 1/6) තම සොහොයුරාගේ මරණය සිදුවන්නට කලින් නොපැමිණීම ගැන උරණව සිටි මාර්තාට කිව් වදන ද අපට අදාළ ය. ''ඔබට ඇදහිල්ල ඇත්නම් ඔබ දෙවියන් වහන්සේගේ තේජශ්‍රීය දකින බව මා කීවා නොවේදැ'යි ඇයට වදාළ සේක. (ජුවාම් 11/40) දෙවියන් වහන්සේගේ සැලසුම් අප තේරුම් ගන්නා විට පමා වැඩිය. නූතන මිනිසා පතන්නේ ක්‍ෂණික ප්‍රතිඵලය. අපි විශ්වාසයේ බලාපොරොත්තුවේ ප්‍රේමයේ ජනතාවක්‌ බව අමතක නොකළ යුතු ය.''මා අදහන්නා මා කරන ක්‍රියා ද කරන්නේ ය. තවද මා පියාණන් වහන්සේ වෙතට වඩින බැවින් ඔහු මීටත් වඩා මහත් ක්‍රියා කරන්නේ ය. (ජුවාම් 14/12) අප ජීවත් වනුයේ දැකීමෙන් නොව ඇදහීමෙන් ය. (2 කොරෙන්ති 5/7) ''අපි නම් ඔය ප්‍රාතිහාර්ය ගැන අදහන්නේ නැහැ. ' කියා ඇතැම් අය කියනවා අපට ඇසෙනවා. ඔවුනට කිය හැක්‌කේ, ඔවුන්ගේ අවිශ්වාසය නිසා උන්වහන්සේ එහි දී බොහෝ හාස්‌කම් නොකළ සේක. (මතෙව් 13/58) කියාය. ''දෙවියන් වහන්සේට නොකළ හැකි කිසිවක්‌ නැත. (ලූක්‌ 1/37) තිබේරියස්‌ මුහුද ළඟ සිදු වූ හාස්‌කම බඳු හාස්‌කමක්‌ අදත් ඔබට අවශ්‍යය ද? ක්‍රිස්‌තුන් වහන්සේට සිදු වූ සන්තෑසිය නිසා බලාපොරොත්තු සුන් කරගෙන තමන්ගේ පුරුදු රැකියාවට ම යන්න අදහස්‌ කළා ඔබට මතක ද? ඔවුන් විශ්වාස කළේ ඔවුන්ගේ හයිය හා ශක්‌තිය කෙරෙහි. ඒ වගේම රැකියාවේ නිපුණත්වය ගැනයි.

සාර්ටෝ නෝනිස්‌ පියනම
හලාවත පදවි ගිහිදූත සේවා අධ්‍යක්‌ෂ

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.