සෙන්ටිග්‍රේaඩ් අලුත්වෙලා...

අපි එළිමහන් ප්‍රසංගවලට සූදානම්

අමරසිරි කලංසූරිය මේ වැඩේට කැමැතිවෙයි කියලා මුලින්ම හිතුවේ නෑ

තුසිත්, අමිල, ඉෂාන්, එරංග එකතුවෙලා පටන්ගත්තු සෙන්ටි්‍රගේ්‍රඩ් පසුගිය අවුරුද්දක විතර කාලයක්‌ තිස්‌සේ වැඩි සද්ද බද්දයක්‌ තිබුණේ නැහැ. හැමෝම හිතුවේ මේ ගොල්ලෝ ක්‍ෂේත්‍රයෙන් ඈත්වෙලා කියලා. නැහැ. එහෙම දෙයක්‌ වෙලා නැහැ. මොවුන් ටිකක්‌ ඈත්වෙලා ඉඳලා තියෙන්නේ මේ අවුරුද්දේ අලුත්ම පෙරළියක්‌ ඇතිකරන්න. කියවලා බලන්නකෝ තුසිත් ඒ ගැන කියන කතාව.

සෙන්ටිගේ්‍රඩ් කාලෙකට පස්‌සේ වැඩ පටන් අරගෙන?

අපි අවුරුද්දක විතර කාලයක්‌ නිහඬව හිටියා. හැබැයි ඒ කාලෙත් අපි නිහඬව හිටියේ නැහැ. අපි ඒ කාලය ඇතුළත එකෝස්‌ටික්‌ ෆුල් බෑන්ඩ් එකක්‌ පටන්ගත්තා.

2017 අවුරුද්ද අලුත්ම වැඩ ටිකකින් එළියට එන්නද හදන්නේ ?

අපිට 2017 අවුරුද්දේ අලුත්ම

රැල්ලක්‌ හදන්න වුවමනාවක්‌ තිබුණා. ඒ නිසා මේ අවුරුද්දේ අපි වැඩ ගොඩක්‌ කරන්න හිතාගෙන ඉන්නවා.

සෙන්ටි්‍රගේ්‍රඩ් බෑන්ඩ් එක වෙනස්‌ වුණා?

ඔව්. බෑන්ඩ් එක වෙනස්‌වුණා. අපේ සාමාජිකයන් ඉන්නේ හතරදෙනයි. අපි ගීත ඉදිරිපත් කළේ ඩීඡේ සංගීතයට පමණයි.

එතකොට දැන් ?

දැන් අපි එහෙම නැහැ. ගොඩක්‌ තැන්වලදී අපිට ෆුල් බෑන්ඩ් එකක අවශ්‍යතාවය තදින් දැනුනා. ඒ හින්දා තමයි අපි ෆුල් බෑන්ඩ් එකක්‌ පටන්ගත්තේ.

කවුද මේ ෆුල් බෑන්ඩ් එකට ඉන්නේ ?

සෙන්ටිග්‍රේඩ් බෑන්ඩ් එකේ වෙනසක්‌ වුණේ නැහැ. ෆුල් බෑන්ඩ් එකේ වැඩකටයුතු කරගෙන යන්න අපි වින්ග්ස්‌ කියන සංගීත කණ්‌ඩායමත් අපි එකතු කරගත්තා.

ඉදිරියේදී සෙන්ටිගේ්‍රඩ් එළිමහන් ප්‍රසංග භාරගන්නවාද ?

එළිමහන් සංදර්ශන භාරගන්න අපි දැන් ලෑස්‌තියි. ඉදිරියේදී අපේ ගීත එළිමහන් ප්‍රසංගවලදී අහන්න ලැබෙනවා. හැබැයි එතැනදී අපි පාවිච්චි කරන්නේ එකෝස්‌ටික්‌ සංගීතය. ඒ වගේම ඉදිරියේදී අපි ලයිව් ඉන් කොන්සර්ට්‌ කිහිපයක්‌ කරන්නත් හිතාගෙන ඉන්නවා.

එදා තිබුණ ජනප්‍රියත්වය අඩුවෙලා කියලා හිතලාද මේ වගේ වැඩක්‌ පටන්ගත්තේ ?

ඇත්තටම නැහැ. අපිට ෆුල් බෑන්ඩ් එකක අවශ්‍යතාවය තදින් දැනුණා. ඒකයි මේ වැඩේ පටන්ගත්තේ.

මේ වැඩේට අලුත්ම පිරිසක්‌ එකතුකර ගත්තා නේද?

වින්ග්ස්‌ කියන සංගීත කණ්‌ඩායම තමයි අපි මේ වැඩේට සම්බන්ධ කරගත්තේ. ඔවුන් එක්‌ක තමයි ඉදිරියේදී සෙන්ටි්‍රගේ්‍රඩ් ෆුල් බෑන්ඩ් එකක්‌ විදිහට යන්නේ.

ඔය අතරේ අලුත්ම මියුසික්‌ වීඩියෝවක්‌ එළිදැක්‌වූවා නේද?

මේකත් අපි ගිය අවුරුද්ද පුරාවටම ලොකු අධ්‍යයනක්‌ කරලා කරපු වැඩක්‌. අපි ඒ කාලේ ඉඳලා විවිධ නිර්මාණ බිහිකළා. ඒ හින්දා අපි හිතුවා තවත් කතාබහට ලක්‌වෙන්න ඕනෑ නිර්මාණයක්‌ කරන්න ඕනෑ කියන තැන අපි හිටියා. ඒ හින්දා තමයි උපන්දිනය ගැන ගීතයක්‌ කළේ. මොකද උපන්දිනය හැමෝටම අදාළයි.

අවුරුද්දකට විතර පස්‌සේ තමයි මේ මියුසික්‌ වීඩියෝවත් එළියට එන්නේ ?

ඔව්. අපි මියුසික්‌ වීඩියෝවක්‌ එළිදැක්‌වූයේ අවුරුද්දකට විතර පසුව.

මේ මියුසික්‌ වීඩියෝවට අමරසිරි කලංසූරිය කියන ප්‍රවීණ කලාකරුවා සම්බන්ධ කරගෙන තියෙනවා?

පසුගිය අවුරුදු දෙක තුනකට කලින් අපි රී ජෙනරේෂන් ව්‍යාපෘතියක්‌ ආරම්භ කළා. ඒකේදි අපි කරන්නේ ලංකාවේ ඉන්න ප්‍රවීණ කලාකරුවෙක්‌ අපේ නිර්මාණයට සම්බන්ධ කරගන්නවා. මේ ගීත රූප රචනාවට අදාළ වෙන්නේ වැඩිහිටි කෙනෙකුගේ තරුණ කාලය මතක්‌වීමක්‌. මියුසික්‌ වීඩියෝව අධ්‍යක්‍ෂණය කළේ හෂාන් පෙරේරා. ඔහුගේ හිතේ තිබුණ චරිතයට ගොඩාක්‌දුරට සමාන චරිතයක්‌ වුණා කලංසූරිය මහත්මයා. ඒ හින්දා එතුමාව මේ වැඩේට යොදාගන්න හිතුවා.

තරුණ කොල්ලෝ ටිකක්‌ එක්‌ක මේ වැඩේ කරන්න අමරසිරි කලංසූරිය කැමැති වුණාද?

ඇත්තටම අමරසිරි කලංසූරිය මේ වැඩේට කැමැතිවෙයි කියලා මුලින් විශ්වාසයක්‌ තිබුණේ නැහැ. මියුසික්‌ වීඩියෝව කියන දෙය ඔහුට ලොකු අලුත් දෙයක්‌ වුණා. සිනමා රංගනවේදියෙක්‌ හැටියට ගීත රූප රචනාවක්‌ කියන්නේ ඔහුට මහලොකු දෙයක්‌ නෙමෙයි. මේකින් මොකක්‌ද ඇත්තටම වෙන්නෙ කියලා ඔහුට හොඳ පැහැදිලි කිරීමක්‌ සිදුකරන්න වුණා. මුලින්ම ඔහු ගීතයට කැමැති වුණා. පොඩි කොල්ලෝ ටිකක්‌ කියලා වැඩකරන්න බැහැ කිව්වේ නැහැ.

ඉදිරියේදී මොනවාද අලුත් සැලසුම් ?

අපිට සෑහෙන සැලසුම් තියෙනවා. මේක නිකම්ම නිකං උපන්දින ගීතයක්‌ එළිදැක්‌වීමක්‌ නෙමෙයි. අපි මේ අවුරුද්දේ ලොකු පෙරළියක්‌ කරනවා.

ඔය අතරේ උපන්දින සුභපැතුම් පතක්‌ පවා නිර්මාණය කළා කියයන්නේ ඇත්තද?

මේ ගීතයත් එක්‌ක අපි ලංකාවේ පළමු වරට උපන්දින සුභපැතුම් පතක්‌ නිර්මාණය කරලා එළිදැක්‌වූවා. ඒකේ විශේෂත්වයක්‌ තියෙනවා. මේ උපන්දිනය සුභපැතුම්පත විවෘත කළාට පසුව වාදනය වන්නේ අපේ උපන්දින ගීතය. කවුරුහරි කාටහරි උපන්දිනයට සුභපතන්න ඕනෑ නම් ඒ උපන්දින සුභපැතුම්පත මිලදී ගන්න පුළුවන්.

දිනේෂ් විතාන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.