ඉතිහාසයේ පළමු වරට ආණ්‌ඩු
පක්‍ෂය මැතිසබය වර්ජනය කරයි

කථානායකට විරෝධය පා පිරිස පිටව යති - පාර්ලිමේන්තුව කල් තබයි

අජිත් අලහකෝන්

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට ආණ්‌ඩු පක්‍ෂයක්‌ පාර්ලිමේන්තු රැස්‌වීම වර්ජනය කරමින් ඊයේ (10 වැනිදා) සභාගැබෙන් ඉවත්ව ගියහ. මුලසුනේ සිටි කථානායක කරු ජයසූරිය මහතාට විරෝධය පළ කරමින් සභානායකවරයා, ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ඇතුළු ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් මෙලෙස ඊයේ පාර්ලිමේන්තු රැස්‌වීම වර්ජනය කළේ ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්‍ෂයේ මන්ත්‍රීන්ට ස්‌වාධීන වීමට ඉඩ ලබා දෙන ලෙස හා දිනේෂ් ගුණවර්ධන මහතා නොමැති අවස්‌ථාවක ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායමට කණ්‌ඩායම් නායකයකු ලෙස කටයුතු කිරීමට මන්ත්‍රීවරයකු නම් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට අදහස්‌ දැක්‌වීමට වැඩි වේලාවක්‌ ලබාදීමත් ඒ සම්බන්ධව සභානායකවරයාට කතා කිරීමට මුලසුන ඉඩ නොදීමත් යන කරුණු මුල්කරගෙනය.

ඒ අනුව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව මෙම මස 21 වැනිදා පස්‌වරු 1.00 දක්‌වා කල් තබන ලදී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.