2017 මාර්තු 21 අගහරුවාදා

 

 

    
    Divaina Editor
    contact webmaster
ලසන්ත ඝාතනය
හිටපු බුද්ධි
ප්‍රධානියාගේ
කල්ලියක වැඩක්‌

සරත් ෆොන්සේකා
ප්‍රකාශ කළ බව
රහස්‌ පොලිසිය
අධිකරණයට දන්වයි

ලසන්ත ඝාතනය ඇතුළු යුද්ධය පැවැති සමයේ දකුණේ සිදු වූ මිනිස්‌
ඝාතන, පැහැර ගැනීම්, කප්පම් ගැනීම්, අතුරුදන් කිරීම් රැසක්‌ සිදු කරනු ලැබුවේ එවකට ඒකාබද්ධ මෙහෙයුම් මූලස්‌ථානයේ ජාතික බුද්ධි ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිටි කල්ලියක්‌ විසින් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා රහස්‌ පොලිසිය හමුවේ ප්‍රකාශ කළ බව රහස්‌ පොලිසියේ නිලධාරීන් ගල්කිස්‌ස ප්‍රධාන මහෙස්‌ත්‍රාත් මොහොමඩ් ෂියාම් මහතා හමුවේ ඊයේ (20 වැනිදා) කරුණු දක්‌වමින් කියා සිටියේය.


සයිටම් නිසා
කෝප් බෙදෙයි

එජාපය පක්‍ෂයි:
ශ්‍රීලනිපය නිහඬයි
ජවිපෙ, ටීඑන්ඒ විරුද්ධයි
මහින්දානන්ද නැගිට යයි

සයිටම් ආයතනය සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීම සඳහා ඊයේ (20 වැනිදා) රැස්‌වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා (කෝප් කමිටුව) රැස්‌වීමේදී ඊට පක්‍ෂව සහ විරුද්ධව මන්ත්‍රීවරුන්ගේ අදහස්‌ පළවීම හේතුවෙන් එහි බෙදීමක්‌ හටගෙන ඇත.

උඩුවේ හිමියන්ට
වරෙන්තු
මහජන පීඩාවක්‌ සිදුවන ලෙසින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලට උසාවියට ඉදිරිපත් නොවූ පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාම විහාරවාසී උඩුවේ ධම්මාලෝක හිමියන් වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් දුලානි අමරසිංහ මෙනවිය ඊයේ (20 දා) වරෙන්තු නිකුත් කළාය.

මල්වානේ
සුපිරි නිවෙස
වෙන්දේසි කිරීම
අත්හිටුවයි

උසාවියේ තීරණය 23 දා දැනුම් දෙයි

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු තිදෙනකුට හිමිකමක්‌ නොමැති බවට පැවසීමෙන් අනතුරුව ලබන 29 වැනිදාට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට පූගොඩ අධිකරණය මගින් තීන්දු කර තිබූ මල්වානේ පිහිටි අක්‌කර 16 ක නවීන පන්නයේ නිවසක්‌ සහිත ඉඩම ඇතුළු දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම තාවකාලිකව අත්හිටුවන ලෙසට පූගොඩ මහෙස්‌ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය ඊයේ (20 වැනිදා) නියෝග කළාය.

කළුතර මංගල සාදයකට
බලෙන් කඩා වැදී
පිරිසක්‌ යකා නටති

උතුරු කළුතර ප්‍රදේශයේ කළුගඟ අසල පිහිටි හෝටලයක ඉකුත් 18 දා පැවති මංගල සාදයකට බලහත්කාරයෙන් කඩාවැදුණු පිරිසක්‌ විසින් සාදයේ සිටි පිරිසකට පහරදී තිබේ.

නව ව්‍යවස්‌ථාවට
ස්‌ථිරවම ජනමත විචාරණයක්‌ පවත්වනවා

- ඇමැති ලක්‌ෂ්මන් කිරිඇල්ල

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීම සඳහා නියත වශයෙන්ම ජනමත විචාරණයක්‌ පවත්වන බවත් එලෙස ජනමත විචාරණයකින් තොරව සම්මත වන ව්‍යවස්‌ථාවකින් ඵලක්‌ නොවන බවත් සභානායක උසස්‌ අධ්‍යාපන හා මහා මාර්ග ඇමැති ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

අර්ජුනගේ කල්කුඩා
ස්‌ප්‍රීතු කම්හලට
විශාල බදු සහනයක්‌

අර්ජුන ඇලෝසියස්‌ මහතා විසින් මඩකලපුවේ කල්කුඩාහි ආරම්භ කිරීමට නියමිත ස්‌ප්‍රිතු නිෂ්පාදනාගාරයට විශාල බදු සහනයක්‌ ලැබීමට නියමිතය.

හමුදාවෙන් පැනගිය
1994 ක්‌ අත්අඩංගුවට
ඒ අතර නිලධාරීහු 3 ක්‌

ත්‍රිවිධ හමුදාව හැරගිය සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේ ඒකාබද්ධ මෙහෙයුම යටතේ ඊයේ (20 වැනිදා) වන විට නිලධාරීන් තිදෙනකු ඇතුළු එක්‌දහස්‌ නවසිය අනූහතර දෙනකු (19947 අත්අඩංගුවට ගෙන ඇතැයි යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න 'දිවයින'ට පැවසීය.

උළුක්‌කුලමේ ටිපර් ගැටුමෙන් රියෑදුරු මරුට
දෙදෙනකුට බරපතළයි

අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාර්ගයේ උළුක්‌කුලම තිස්‌ අටේ කණුව ප්‍රදේශයේ තලාව ඇළේ පාලම මතදී ඊයේ (20 දා) අලුයම 12.40 ට පමණ ටිපර් රථ දෙකක්‌ මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ මාරක අනතුරකින් එක්‌ ටිපර් රථයක රියෑදුරෙකු එම ස්‌ථානයේදීම මිය ගොස්‌ අනෙක්‌ ටිපර් රථයේ රියෑදුරු සහ එහි ගමන් ගත් පොලිස්‌ කොස්‌තාපල්වරයකු බරපතළ තුවාල ලබා ඇත.
 

ට්‍රම්ප්ගේ වැටුප
සමාජසේවා සංවිධානයකට

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය වාර්ෂික වැටුප එනම් ඩොලර් ලක්‌ෂ හතරක මුදල මේ වසර අවසානයේදී සමාජසේවා සංවිධානයකට පරිත්‍යාග කිරීමට නියමිතය.

14 දෙනකුට
මරු කැඳවූ අනතුර!
ලංගම රියෑදුරුට
වසර 37ක සිර දඩුවම්

අපරීක්‍ෂාකාරී ලෙස බස්‌ රථයක්‌ ධාවනය කර අනතුරකට ලක්‌ කර මගීන් 14 දෙනකු එම ස්‌ථානයේදීම ජීවිතක්‍ෂයට පත් කිරීම හා මගීන් 19 දෙනකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ ලංගම බස්‌ රථ රියෑදුරෙකුට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනක විඡේසුන්දර මහත්මිය ඊයේ (20 දා) බරපතළ වැඩසහිත වසර 37 1/2 ක සිරදඬුවමක්‌ නියම කළාය.


අලි අස්‌ථිවලින්
හැදූ භාණ්‌ඩ 2 ක්‌
මහනුවර කතරගම
දේවාල  බස්‌නායක නිලමේගේ නිවසින් අල්ලයි

බලපත්‍ර නොමැතිව අලි අස්‌ථිවලින් සැකසූ ඇත්දළ ස්‌වරූපයේ භාණ්‌ඩ දෙකක්‌ මහනුවර කතරගම දේවාලයේ බස්‌නාහිර නිලමේ ගැමුණු වලිසුන්දර මහතාගේ තලාතුඔය නිවසේ තිබී වනජීවී නිලධාරීන් විසින් ඊයේ (20 දා) ඔවුන්ගේ භාරයට ගෙන තිබේ.


'සරත් වීරසේකර
යුද අපරාධකරුවෙක්‌
ඔහු ස්‌විස්‌ ආණ්‌ඩුවෙන් ඇල්ලිය යුතුයි'

ඊළාම් මාධ්‍ය ඇමැති යෑයි කියා ගන්නා අයෙක්‌ කියයි

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා යුද අපරාධකරුවකු යෑයි නම් කරමින් ඔහු ස්‌විස්‌ ආණ්‌ඩුව විසින් අත්අඩංගුවට ගත යුතු යෑයි කියමින් රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවේ මාධ්‍ය ඇමැති යෑයි කියා ගන්නා මාන්වන්නන් නමැත්තා ජිනීවා මානව හිමිකම් සමුළු ශාලාවකදී කෑගසනු ලැබීය.


ශ්‍රී ලංකාවට විශිෂ්ට මෙහෙවරක්‌ කළ පුද්ගලයෝ
89 දෙනෙක්‌ ජාතික සම්මානයෙන් පිදුම් ලබති

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක නිරත වූ ශ්‍රී ලාංකිකයන් 89 දෙනකු "2017 ජාතික සම්මාන" උළෙලේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ඊයේ (20 වැනිදා) ගෞරව සම්මානයට පාත්‍ර වූහ.


නව ව්‍යවස්‌ථාවට
ස්‌ථිරවම ජනමත විචාරණයක්‌ පවත්වනවා

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීම සඳහා නියත වශයෙන්ම ජනමත විචාරණයක්‌ පවත්වන බවත් එලෙස ජනමත විචාරණයකින් තොරව සම්මත වන ව්‍යවස්‌ථාවකින් ඵලක්‌ නොවන බවත් සභානායක උසස්‌ අධ්‍යාපන හා මහා මාර්ග ඇමැති ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.


රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට
හැට පැන්නත්
වාසනාව උදා වෙයි

රජයේ ප්‍රධාන තනතුරු දරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වයස අවුරුදු 60 සම්පූර්ණ වූ පසුවත් ඔවුන්ගේ සේවය තවදුරටත් ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.


තිස්‌සට එරෙහි
නඩුවේ සාක්‍ෂි දීමට
ජනපතිට
අගමැතිට
යළි සිතාසි


පසුගිය ජනාධිපතිවරණ සමයේදී කූට ලේඛනයක්‌ ඉදිරිපත් කොට ජනමාධ්‍ය හමුවකදී ව්‍යාජ තොරතුරු ප්‍රකාශ කිරීම ඇතුළු අධිචෝදනා යටතේ එක්‌සත් ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීම සඳහා ලබන ජුලි 17 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අගමැතිවරයාට හා ජනාධිපතිවරයාට නැවත සිතාසි යෑවීමට කොළඹ මහාධිකරණය ඊයේ (20) නියෝග කළේය.

නඩු විභාගයෙන් අනතුරුව අධිකරණයෙන් පිටතට පැමිණි හිටපු එජාප මහලේකම්වරයාට වත්මන් එජාප මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා හමුවූ අවස්‌ථාව ඡායාරූපයේ දැක්‌වේ.
ඡායාරූපය -
නිමල් දයාරත්න

චීන ආරක්‍ෂක
ඇමැති ජනපති හමුවේ

ශ්‍රී ලංකාවට පැමිණ සිටින චීන ආරක්‍ෂක අමාත්‍ය සහ රාජ්‍ය උපදේශක ජනරාල් චෑන්ග් වන්ක්‌වාන් මහතා ඊයේ (20 වැනිදා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවූ අයුරු.
 

රජයේ මැනුම්
කටයුතු ඇමරිකානු සමාගමකට?

මිනින්දොරු දෙපාර්තමේන්තුව වසා දමා රජයේ සියලු මැනුම් කටයුතු ඇමරිකානු සමාගමකට පැවරීමට රජය සැලසුම් සකසා ඒ සඳහා වන කැබිනට්‌ පත්‍රිකාව අත්සන් කිරීමට ඉඩම් අමාත්‍යාංශයට එවා ඇතැයි මිනින්දොaරු සංගමයේ සභාපති ඩබ්ලිව්. එම්. පී. බී. උදුගොඩ මහතා 'දිවයින'ට ඊයේ (20 දා) පැවසීය.

ටොරොන්ටෝ
නගරාධිපති
මුල්ලෙවයික්‌කාල්හි සමරුවක...









කැනඩාවේ ටොරොන්ටෝ නුවර නගරාධිපති ජෝන් ටොරී මුලතිව් මුල්ලෙවයික්‌කාල් වෙරළේදී යුද්ධයේදී මියගිය දෙමළ ජාතිකයන් වෙනුවෙන් වූ සමරුවකට සහභාගි වී ඇත.

රේගුවේ ලොක්‌කෙක්‌ කෝටි 3 ක
හොර අරක්‌කු සහ
සිගරැට්‌ කන්ටේනරය මුදාගන්න සටනක

නීති විරෝධී අන්දමින් ආනයනය කරන ලද රුපියල් කෝටි 3 කට අධික වටිනාකමින් යුත් සිගරැට්‌ සහ විදේශ මත්පැන් තොගයක්‌ සහිත කන්ටේනරයක්‌ මුදාහරින ලෙස කියමින් රේගු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙක්‌ විශේෂ රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ (ආර්.ටී.එµa.) නිලධාරීන්ට දිගින් දිගටම බලපෑම් එල්ල කිරීම නිසා ඔවුන් දැඩි අසීරුතාවට පත්ව සිටී.


ශ්‍රී ලාංකාභිමාන සම්මානය පණ්‌ඩිත් අමරදේවට

"2017 ජාතික සම්මාන" උළෙලේදී ශ්‍රී ලංකාභිමානය සම්මානය හිමිකර ගැනීමට අභාවප්‍රාප්ත පණ්‌ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව මහතා සමත් විය. අමරදේව මහතා වෙනුවෙන් විමලා අමරදේව මහත්මිය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී එම සම්මානය ලබාගත් අයුරු ඡායාරූපයේ දැක්‌වේ.
ඡායාරූපය -
ජනාධිපති මාධ්‍ය අංශය


යාපනයේ
ආවා ගෲප්
මෙහෙය වූයේ
ස්‌විට්‌සර්ලන්තයේ ප්‍රසන්නා

පොලිසිය කියයි

යාපනය ආවා ගෲප් කල්ලිය මෙහෙයවනු ලැබුවේ ස්‌විස්‌ටර්ලන්තයේ සිටින ප්‍රසන්නා හෙවත් සන්නා බවට තොරතුරු හෙළිවී ඇතැයි යාපනය පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවැසීය.


හලාවත පොලිසියේ අපරාධ අංශයේ
ඕඅයිසී පොලිසිය තුළදීම මියයයි

හලාවත පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයා ඊයේ (20 දා) ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක්‌ හේතුවෙන් පොලිස්‌ ස්‌ථානය තුළදීම මියගොස්‌ ඇත.


විමල්ගේ ඇප
ඉල්ලුම ඉවතට!
තවදුරටත් රිමාන්ඩ්

රජයේ වාහන අවභාවිතය කොට රජයට රුපියල් නවකෝටි දහසය ලක්‌ෂයකට අධික පාඩුවක්‌ සිදු කළේ යෑයි චෝදනා එල්ල වී ඇති ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කළ ඇප ඉල්ලීම ප්‍රතික්‌ෂේප කළ කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සැකකරු අප්‍රේල් මස 3 වැනිදා දක්‌වා තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.


ජාතික ආණ්‌ඩුව හැදුවේ නිදහස
ලැබූ දා සිට
මෙරට නොවිසඳුණු ප්‍රශ්න විසඳන්නයි

ඇමැති ලක්‍ෂමන් කිරිඇල්ල

ජාතික ආණ්‌ඩුව නිර්මාණය කළේ නිදහස ලැබූදා සිට මෙරට පවතින ගැටලුවලට විසඳුම් ලබාදීමට බව සභානායක උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.


'මෙරට කම්කරු අයිතිවාසිකම්
සුරැකීම ගැන
යුරෝපා
සංගමයෙන් පැසසුම්'

කම්කරු අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් යුරෝපා සංගමය ප්‍රසාදය පළ කරන බව ශ්‍රී ලංකාවේ සේවය කරන යුරෝපා සංගම් තානාපති ටුන් -ලායි මාර්ග් (Tung -Lai Margue) මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා සමඟ 18 දා පස්‌වරුවේ කම්කරු අමාත්‍යාංශයේදී පැවැති හමුවකදීය.


 

  
 
  • එක්‌දින තැන්පතු සඳහා පොලිය 6.5% දක්‌වා
    වැඩි කිරීමට අර්ජුන උපදෙස්‌ දුන්නා

    මහ බැංකුවේ මූල්‍ය මණ්‌ඩලයේ ලේකම්


    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල මණ්‌ඩලය විසින් ගෙන තිබූ තීරණයද අබිබවා යමින් මහ බැංකුවේ එක්‌දින තැන්පතු සඳහා ගෙවිය යුතු පොලී අනුපාතය 5% සිට 6.5% දක්‌වා වැඩි කිරීමට මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා උපදෙස්‌ දුන් බව බැඳුම්කර කොමිසම හමුවේ ඊයේ (20 දා) 3 වැනි දිනටත් සාක්‍ෂිදුන් මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයේ ලේකම් සහ සහකාර අධිපති එච්. ඒ. කරුණාරත්න මහතා පැවැසීය.
     
  • තහනම නිමවී දිනේෂ් අද මැතිසබේ

    සතියක්‌ පාර්ලිමේන්තුව තහනම් වූ ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා එම කාලය අවසන් වීමෙන් පසු අද (21 දා) පාර්ලිමේන්තුවේදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව විවාදය ආරම්භ කරයි.

 
  • ඊශ්‍රායල් බෞද්ධ මිතුරෝ 7 වැනි
    නිවසත් පරිත්‍යාග කරති


    ඊශ්‍රායල් බෞද්ධ මිතුරෝ සංවිධානයේ ඊශ්‍රායලයේ, ශ්‍රී ලංකාවේ සහ තවත් විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ මූල්‍ය සහ ද්‍රව්‍යමය දායකත්වයෙන් නොච්චියාගම, මොරවක කන්ද ග්‍රාමයේ සරත් මහතාගේ දරු පවුල වෙනුවෙන් ඉදිකළ නිවස පවරාදීම පසුගියදා සිදුවිය.

 


 
  • ජිනීවා මානව හිමිකම් සමුළුවේ
    සිදු වන්නේ කුමක්‌ද?


    විශේෂයෙන් රියර් අද්මිරාල්, සරත් වීරසේකර ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණීම වාර්තාවකි. ඒ ලොව කිසිදු හමුදා නිලධාරියෙක්‌ තම රටේ හමුදාව වෙනුවෙන් කරුණු දැක්‌වීමට ජිනීවා නොපැමිණීමයි. වසර අටකට පසු ශ්‍රී ලංකාවේ හමුදාව වෙනුවෙන් මේ මහඟු කාර්යයට මැදිහත් වූයේ ගෝලීය ශ්‍රී ලංකා සංසදයයි. විදේශ ඇමැතිවරයා මානව හිමිකම් සමුළුව තුළ කුමක්‌ පැවසුවත් අපේ මෙහෙයුම් නතර කිරීමට ඔහුට නොහැකි වී යෑයි එම සංසදයේ ප්‍රකාශකයෙක්‌ ජිනීවාහිදී පැවසීය.
  • අදට අනූ වසරක්‌ සපිරි සිංහල ශබ්ද කෝෂය

    භාෂාවක ශබ්ද සියල්ල ඒ භාෂාව ව්‍යවහාර කරන සියල්ලවත් නොදනිති. දන්නා ශබ්දවල වුව ද සියලු අර්ථ දන්න වූන් සිටිනුයේ ඉතා කලාතුරෙකිනි. එහෙයින් භාෂාව ව්‍යවහාර කරන්නවුන් හට ශබ්ද අර්ථ පහසුවෙන් දැනගත හැකි සේ ශබ්ද කෝෂ සම්පාදනය ඉතා පැරැණි කල පටන් පෙරපර දෙදිගම වියතුන් විසින් සිදු කැරිණි.
     
  • ආබාධිත රණවිරුවෝ හෙට යළි කොළඹට

    තමන්ට මෙතෙක්‌ ලැබුණු අයවැය දීමනා සහ අකතුරු දීමනා ඉකුත් පළමු වැනිදා සිට කපා දැමීමට විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කටයුතු කිරීමත් සමඟ ආබාධිත සහ මියගිය රණවරුවන්ගේ බිරින්දැවරුන් ඇතුළු පවුල්වල සමාජිකයන් කළේ විශ්‍රාම වැටුප් දෙපරේතමේන්තුව අභියසට පැමිණ උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවීමය.

     
  • නාමල් උයනට 26 වසරයි
    පරිසරය වනසන අයට
    සොබා දහමෙන් දඬුවම් ලැබෙනවා

    - වනවාසී රාහුල හිමි

    මගේ දසක දෙක හමාරකට වැඩි මේ ජාතික පාරිසරික සේවාව ගැන ගහට කොළට සතා සිව්පාවාට ආදරය කරන සොබාදහම ගැන විශ්වාස කරන කෙනෙක්‌ හැටියට ආපස්‌සට හැරිල බලා මම අවංකවම සතුටු වෙනවා. කවුරුවත් සතුටු කරන්න මම කොයි වෙලාවකදිවත් වැඩ කරන්නේ නෑ. හැබැයි කරන දේ නිවැරදිව ඉදිරි දැක්‌මක්‌ ඇතිව හොඳ කළමනාකාරිත්වයකින් සිදු කරනවා. පැහැදෙන එක හෝ අපැහැදෙන එක තව කෙනෙකුගේ කැමැත්ත. මට ඒක අදාල නෑ.

  

  


 
  • පරාජයට කාටවත් දොස්‌ කියා වැඩක්‌ නැහැ
    - රංගන හේරත්

    ෂකීබ් ලකුණු 11 දී සඳකැන්ගේ පන්දුවකට ඩීප් මිඩ් විකට්‌ හී සිටි උපුල් තරංගට දුන් උඩපන්දුව ඔහු අතහැරීමෙන් එය හතරේ සීමාව පසු කර ගියේය. අනතුරුව ලකුණු 40 දී ෂකීබ්ව දුවද්දී දවා ගැනීමට තිබූ අවස්‌ථාව චන්දිමාල්ගේ ප්‍රමාදය හේතුවෙන් ශ්‍රී ලංකාවට අහිමි විය. යළිත් වරක්‌ ෂකීබ් ලකුණු 67 දී හේරත්ගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්‌වැල්ලට දුන් උඩපන්දුවද බිම වැටුණි. ඒ අනුව පළමු ඉනිමේදී ලකුණු 129 ක වාසියක්‌ අත්පත්කර ගත් බංග්ලාදේශය ජයග්‍රහණය අවශ්‍ය පදනම පහසුවෙන්ම දමා ගත්තේය.
     
  • බෲනෙයි ගිය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පිලට
    සරු අස්‌වැන්නක්‌


    බෲනෙයි විවෘත මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්‌කම් පහක්‌ සහ ලෝකඩ පදක්‌කමක්‌ දිනා ගැනීමට සමත්ව තිබේ.
     
  • ශ්‍රී ලංකාවේ දෘෂ්‍යාබාධිත
    චෙස්‌ ශූරයෝ ආසියානු ශූරතාවට යති


    පළමු වරට පැවැත්වීමට සංවිධානය කර තිබෙන ආසියානු දෘෂ්‍යාබාධිත චෙස්‌ තරගාවලිය අද (21 දා) ඉන්දියාවේදී ආරම්භ වන අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා අන්ධ ජන සේවා මටණ්‌ඩලයේ ක්‍රීඩකයන් තිදෙනෙක්‌ සුදුසුකම් ලබා තිබේ.

  




 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.