උඩුවේ හිමියන්ට වරෙන්තු

සමන්ත ඉලේපෙරුම

මහජන පීඩාවක්‌ සිදුවන ලෙසින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලට උසාවියට ඉදිරිපත් නොවූ පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාම විහාරවාසී උඩුවේ ධම්මාලෝක හිමියන් වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් දුලානි අමරසිංහ මෙනවිය ඊයේ (20 දා) වරෙන්තු නිකුත් කළාය.

සිද්ධියට සම්බන්ධ පැමිණිල්ල කැඳවූ අවස්‌ථාවේ පොලිසිය කළ දැනුම් දීමක්‌ කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්‌ත්‍රාත්වරිය එසේ නියෝග කළාය.

විත්තිකාර ධම්මාලෝක හිමියන්ට පැමිණිල්ලේ ප්‍රතිවිරෝධතා දැනුම් දීමට පැමිණිල්ල කැඳවා තිබිණි.

පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාම විහාරස්‌ථානය අවට පදිංචි ප්‍රදේශවාසීන් පිරිසක්‌ කරනු ලැබූ පැමිණිල්ලක්‌ අනුව මෙහි විමර්ශන පවත්වන අතර ඒ පිළිබඳව අවසන් තීන්දුවක්‌ නිකුත් කරන තුරු උදේ 5 ත් 6 ත් අතර කාලය තුළ අවට පදිංචිකරුවන්ට හිරිහැරයක්‌ නොවන ලෙසින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන ලෙසට ධම්මාලෝක හිමියන් වෙත නියෝග කර තිsබිණි.

අධිකරණ නියෝග නිසියාකාරව ඉටු කරන්නේ දැයි පරීක්‌ෂා කර වාර්තා කරන ලෙසට කිරුළපන පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාට ද අධිකරණය මගින් නියෝග කර තිබිණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.