කළුතර මංගල සාදයකට
බලෙන් කඩා වැදී
පිරිසක්‌ යකා නටති

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

උතුරු කළුතර ප්‍රදේශයේ කළුගඟ අසල පිහිටි හෝටලයක ඉකුත් 18 දා පැවති මංගල සාදයකට බලහත්කාරයෙන් කඩාවැදුණු පිරිසක්‌ විසින් සාදයේ සිටි පිරිසකට පහරදී තිබේ.

එසේ පැමිණි පිරිස මනමාලියගේ පියාට ද පහරදී ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ තිදෙනකු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

මෙම තිදෙනා පසුගියදා 19 වැනිදා රෝහලෙන් ද පැනගොස්‌ ඇතැයි රෝහල් පොලිසිය පවසයි.

සිද්ධියෙන් පහරකෑමට ලක්‌ව ඇත්තේ මතුගම වැලිපැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

මෙම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට පැමිණිලි ලැබී නැතැයි උතුරු කළුතර පොලිසිය පවසයි.

සිද්ධිය වූ හෝටලයේ කළමනාකාරීත්වය ද මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක්‌ කර නැතැයි ද පොලිසිය පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.