නව ව්‍යවස්‌ථාවට ස්‌ථිරවම
ජනමත විචාරණයක්‌ පවත්වනවා

- ඇමැති ලක්‌ෂ්මන් කිරිඇල්ල

ගම්පොල - සුරංග දිල්හාන්

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීම සඳහා නියත වශයෙන්ම ජනමත විචාරණයක්‌ පවත්වන බවත් එලෙස ජනමත විචාරණයකින් තොරව සම්මත වන ව්‍යවස්‌ථාවකින් ඵලක්‌ නොවන බවත් සභානායක උසස්‌ අධ්‍යාපන හා මහා මාර්ග ඇමැති ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

නව ව්‍යවස්‌ථාවට ජනමත විචාරණයකින් රටේ ඇති බහුතරයක ගේ සහයෝගය ලබාගත හැකි බවද හෙතෙම කීය.

ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා මෙම අදහස්‌ පළ කළේ උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පසුගියදා ගම්පොල ප්‍රදේශයේ නව පර්යේෂණාගාරය සහ යන්ත්‍රාගාරය විවෘත කිරීමේ උළෙල දීය. එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද කීය.

යෝජිත ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව සම්පාදනය කළ පසු රජය විසින් ජනමත චිචාරණයකට එය යොමු කරනවා. ජනමත චිචාරණයකින් තොරව සම්මත වන ව්‍යවස්‌ථාවකින් රටට වැඩක්‌ නැහැ.

ජනමත විචාරණයකට අපි ඇයි බයවෙන්නේ.

නව ව්‍යවස්‌ථාව වෙනුවෙන් ජනමත විචාරණයක්‌ පැවැත්වුවහොත් රටේ අති බහුතරයේ සහයෝගය එයට ලබාගත හැකි බව රජයට විශ්වාසයි. පාර්ලිමේන්තුවේ 2/3 බලය පමණක්‌ පාවිච්චි කරලා සම්මත කරන්නේ නැහැ. ජනතාවගේ කැමැත්ත අනුවයි රජය කටයුතු කරන්නේ. අපි ජනමත විචාරණයකට කිසි දවසක බිය වෙන්නේ නැහැ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.