හමුදාවෙන් පැනගිය
1994 ක්‌ අත්අඩංගුවට
ඒ අතර නිලධාරීහු 3 ක්‌

ලසිත දුමින්ද

ත්‍රිවිධ හමුදාව හැරගිය සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේ ඒකාබද්ධ මෙහෙයුම යටතේ ඊයේ (20 වැනිදා) වන විට නිලධාරීන් තිදෙනකු ඇතුළු එක්‌දහස්‌ නවසිය අනූහතර දෙනකු (19947 අත්අඩංගුවට ගෙන ඇතැයි යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න 'දිවයින'ට පැවසීය.

මේ යටතේ යුද හමුදාවේ නිලධාරීන් 3 දෙනෙකු ඇතුළු 1657 ක්‌, නාවික හමුදා සෙබළුන් 393 ක්‌ සහ ගුවන් හමුදා සෙබළුන් 31 ක්‌ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මෙම ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විනයානුකූලව ඉවත් කිරීමට පියවර ගන්නා බව ද රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

සේවය හැරගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට ඉවත් වීමට පොදු සමා කාලයක්‌ ප්‍රකාශයට පත් කර තිබූ අතර, එම කාලය තුළ භාර නොවූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය සමග ඒකාබද්ධ මෙහෙයුමක්‌ දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.