පාසල් සිසුන් නරකට පොළඹවා ගත්
අලුත්ගම රූපලාවන්‍ය ශිල්පියාට ඇප


විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

පාසල් සිසුන් දෙදෙනකු අශෝභන ක්‍රියාවලියකට පොලඹවා ගත් බව පවසමින් කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි රූපලාවන්‍ය ශිල්පියාට අවවාද කළ කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් භාරතී විඡේරත්න මහත්මිය සැකකරු රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප මත මුදාහරින ලෙස ඊයේ (20 දා) නියෝග කළාය.

අධිකරණය හමුවේ ගොනු කළ කරුණුවලට පාදක වී ඇත්තේ 2015 වසරේ සිදුවීම් බව සැකකාර රූපලාවන්‍ය ශිල්පියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක වන්නිආරච්චි මහතා ඇතුළු නීතිඥවරු මෙහිදී කියා සිටියහ.

කළුතර කොට්‌ඨාස භාර කාන්තා හා ළමා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි පොලිස්‌ පරීක්‍ෂිකා මල්කා තුෂාරි මහත්මිය ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරිය අගතියට පත් පිරිසට කිසිදු බලපෑමක්‌ නොකරන ලෙස අවවාද කළේය.

මෙම සිද්ධිය පසුගිය දිනවල රටේ මහත් ආන්දොaලනයට හේතු විය.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති ජී. කේ. පෙරේරා, කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න, සහකාර පොලිස්‌ අධිකාරි කපිල ප්‍රේමදාස යන මහත්වරුන්ගේ උපදෙස්‌ පිට කළුතර කොට්‌ඨාස භාර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි පොලිස්‌ පරීක්‍ෂිකා මල්කා තුෂාරි මහත්මිය විසින් පරීක්‍ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.