රේගුවේ ලොක්‌කෙක්‌ කෝටි 3 ක හොර අරක්‌කු සහ
සිගරැට්‌ කන්ටේනරය මුදාගන්න සටනක


හේමන්ත රන්දුණු

නීති විරෝධී අන්දමින් ආනයනය කරන ලද රුපියල් කෝටි 3 කට අධික වටිනාකමින් යුත් සිගරැට්‌ සහ විදේශ මත්පැන් තොගයක්‌ සහිත කන්ටේනරයක්‌ මුදාහරින ලෙස කියමින් රේගු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙක්‌ විශේෂ රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ (ආර්.ටී.එµa.) නිලධාරීන්ට දිගින් දිගටම බලපෑම් එල්ල කිරීම නිසා ඔවුන් දැඩි අසීරුතාවට පත්ව සිටී.

මෙම ජ්‍යෙෂ්ඨතම නිලධාරියාගේ පුත්‍රයකුට අයත් භාණ්‌ඩ ගෙන්වන ආයතනයක්‌ හරහා මෙම නීති විරෝධී මත්පැන් සහ සිගරැට්‌ සහිත කන්ටේනරය ආනයනය කර ඇති බව රේගු ආරංචි මාර්ග පවසයි.

ඔරුගොඩවත්තේ පිහිටි රේගු අංගනය වෙත මෙම කන්ටේනරය ගෙනවිත් ඇත්තේ ඉකුත් 17 වැනි සිකුරාදාය ගෘහ උපකරණ තොගයක්‌ ලෙස රේගුව නොමග යවා මෙම නීති විරෝධී දැ සහිත කන්ටේනරය රැගෙන යැමට එහි හිමිකරුවන් උත්සහ කර ඇත. එහෙත් මෙම කන්ටේනරය පිළිබඳ සැක පහළ කළ රේගු නිලධාරීන් දැඩි පරීක්‍ෂාවට ලක්‌ කිරීමේදී එහි තිබූ සිගරැට්‌ සහ මත්පැන් තොගය හමුවී ඇත.

රේගුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙක්‌ විසින් මෙම කන්ටේනරය මුදාහැරීමට දිගින් දිගටම බලපෑම් කරන්නට පටන්ගෙන ඇත්තේ ඉන් පසුවය. කෙසේ වෙතත් එම නිලධාරියාගේ බලපෑමට යටත් නොවූ රේගු නිලධාරීන් අදාළ කන්ටේනරය අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව රේගු ආරංචි මාර්ග පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.