ඊශ්‍රායල් බෞද්ධ මිතුරෝ 7 වැනි නිවසත් පරිත්‍යාග කරති

ඊශ්‍රායල් බෞද්ධ මිතුරෝ සංවිධානයේ ඊශ්‍රායලයේ, ශ්‍රී ලංකාවේ සහ තවත් විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ මූල්‍ය සහ ද්‍රව්‍යමය දායකත්වයෙන් නොච්චියාගම, මොරවක කන්ද ග්‍රාමයේ සරත් මහතාගේ දරු පවුල වෙනුවෙන් ඉදිකළ නිවස පවරාදීම පසුගියදා සිදුවිය.

රාජාංගනේ සද්ධාරතන හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ සෙත් පිරිත් ස-Cධායනා මධ්‍යයේ, සංඝගත දානමය පින්කමක්‌ද සහිතව පසුගිය ඉරිදා (19 දා) මේ පරිත්‍යාගය සිදු කෙරිණි. ඡායාරූපයෙහි දැක්‌වෙන්නේ රාජාංගනයේ සද්ධාරතන හිමියන් සමඟ නිවස ලැබූ එම දරු පවුලයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.