බෲනෙයි ගිය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පිලට සරු අස්‌වැන්නක්‌

බෲනෙයි විවෘත මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්‌කම් පහක්‌ සහ ලෝකඩ පදක්‌කමක්‌ දිනා ගැනීමට සමත්ව තිබේ.

ඒ අනුව සාරංගි සිල්වා රන් පදක්‌කම් දෙකක්‌ (මීටර් 100 තත්. 12.47, දුර පැනීම මීටර් 5.77), සුමේෂ් වික්‍රමසිංහ රන් පදක්‌කමක්‌ සහ ලෝකඩ පදක්‌කමක්‌ (මීටර් 100 තත්. 10.83, මීටර් 200 තත්. 21.87),අසංක රත්නායක රන් පදක්‌කමක්‌ (මීටර් 400 කඩුලු මතින් දිවීම තත්. 53.36) සහ නදීශා රාමනායක රන් පදක්‌කමක්‌ (මීටර් 800 විනාඩි 2.17.73 )බැගින් දිනාගත්හ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.