ශ්‍රී ලංකාවේ දෘෂ්‍යාබාධිත චෙස්‌ ශූරයෝ ආසියානු ශූරතාවට යති

කසුන් රණවීර

පළමු වරට පැවැත්වීමට සංවිධානය කර තිබෙන ආසියානු දෘෂ්‍යාබාධිත චෙස්‌ තරගාවලිය අද (21 දා) ඉන්දියාවේදී ආරම්භ වන අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා අන්ධ ජන සේවා මටණ්‌ඩලයේ ක්‍රීඩකයන් තිදෙනෙක්‌ සුදුසුකම් ලබා තිබේ.

බැංගලෝර්හි මනිපාල් විශ්වවිද්‍යාලයේ රටවල් 50 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා පිලේ නායකත්වයට සංජීව කරුණාරත්න නම්කර තිබෙන අතර තුවාන් රුෂීඩ් හා උපුල් ඉන්ද්‍රජිත් සෙසු ක්‍රීඩකයෝ වෙති. කණ්‌ඩායමේ පුහුණුකරු ලෙස ධම්මික පෙරේරා කටයුතු කරනු ලබයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.