ෆ්ලයිස්‌මයිල්ස්‌ සමග ලන්ඩන්, මිලාන් සහ රෝම
නගරවල සරත් සෘතුවේ සෞන්දර්ය රසවිඳින්න


උෂ්ණ සෘතුවේ උණුසුම හා වර්ෂාව සමග එන විපර්යාසවලින් කැලඹී සරත් සෘතුව උදාවීමත් සමග යුරෝපයේ වඩාත් සෞම්‍ය පරිසරයක්‌ හෙමින් හෙමින් දිගහැරෙමින් පවතී.

ලෝකයේ අති ජනප්‍රිය ගමනාන්ත තුනක, එනම් ලන්ඩන්, මිලාන් හා රෝම යන නගර තුනේ සරත් සෘතු ශ්‍රී විභූතිය අත්විඳීමට ඔබ විසින් කළ යුත්තේ, ඔබගේ සදා විශ්වාසනීය සංචාරක හවුල්කරු වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ ෆ්ලයිස්‌මයිල්ස්‌ විසින් හඳුන්වා දෙනු ලබන, කිසිසේත් මග නොහැරිය යුතු, මුදල් හා සැතපුම් ප්‍රවර්ධනීය වැඩසටහන හා එක්‌වීමය.

ලන්ඩන් නුවරට යැම සඳහා ඔබ විසින් කළ යුත්තේ, ඔබ උපයා ගෙන ඇති ෆ්ලයිස්‌මයිල්ස්‌ සැතපුම් 20,000 ක්‌ සමග රුපියල් 50,000 ක්‌ ගෙවීම පමණි. ඔබ මිලාන් නගරයේ හෝ රෝමයේ සංචාරයක යෙදීමට අදහස්‌ කරන්නේනම් ඔබ කළ විසින් කළ යුත්තේ, ෆ්ලයිස්‌මයිල්ස්‌ සැතපුම් 15,000 ක්‌ සමග රුපියල් 40,000 ක්‌ ගෙවීම පමණි.

මෙම ආකර්ෂණීය ප්‍රචාරාත්මක වාසිය වලංගු වන්නේ සැප්තැම්බර් 01 වැනි දා සිට නොවැම්බර් 30 වැනි දා තෙක්‌ පමණි. සියලු ආසන වෙන් කරවා ගැනීම් සහ ආපසු පැමිණීම් නොවැම්බර් මස 30 වැනි දාට පෙර සම්පූර්ණ කළ යුතු අතර ආසන වෙන් කෙරෙනුයේ, ඒවා වෙන් කර ගන්නා අවස්‌ථාවේ ඇති ඉඩ පහසුකම් අනුවය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.