NDB "දිවි අරණ" මඩකලපුව හා
අම්පාර දක්‌වා ව්‍යාප්ත කරයි


අම්පාර විශේෂ - සුසන්ත අමර බන්දු

NDB බැංකුව මගින් දිවි අරුණ" වැඩ සටහන යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක බැංකු යෝජනා ක්‍රමය යටතේ අම්පාර දිස්‌ත්‍රික්‌ පාරිභෝගික ජනතාවට ණය ගිවිසුම් පත්‍ර ප්‍රදානය කිරීම හා කෘෂි කාර්මික යන්ත්‍ර උපකරණ බෙදාදීම පසුගියදා අම්පාර භෘඊ බැංකු පරිශ්‍රයේදී සිදු කරන ලදී.

NDB බැංකුවේ උප සභාපති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා විශේෂිත වෙළඳ කටයුතු ප්‍රධානී රාජා අමුබකර් මහතා එහිදී උත්සව සභාව අමතමින් මෙසේ පැවසීය.

එන්. ඩී.බී. බැංකුවේ දිවි අරුණ යෝජනා ක්‍රමය යටතේ ධීවර කර්මාන්තය, ගොවිතැන, පාශු සම්පත් හා කුඩා පරිමාන කර්මාන්ත ඉලක්‌ක කරමින් දිවයින පුරා ජනතාවට සේවාවන් කිරීමට කැපවී ක්‍රියාකරනවා. මෙම යෝජනා ක්‍රමය සඳහා යොදාගෙන ඇති ආකෘතිය මගින් ණය ලබා ගන්නා කණ්‌ඩායම් අතර හා බැංකුව අතර පවතින සමාජයීය සම්බන්ධතා වැඩි දියුණු කරමින් සමාජය තුළ මහ පරිමාණ වශයෙන් වෙනසක්‌ නිර්මාණය කිරීමට උපකාරී වෙනවා. මෙම යෝජනා ක්‍රමය මගින් අත්‍යවශ්‍ය පවතින ප්‍රාග් ධනය, නම්‍යශීලී නැවත ගෙවීමේ ක්‍රම සහ ආකර්ෂණීය මිල මට්‌ටම් හා පහසුවෙන් ලබාගත හැකි අන්දමට සපයන බවද රාජා අබුබකර් මහතා පැවසීය.

එන්. ඩී. බී. බැංකුවේ අම්පාර ශාකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ණය අංශය භාර නිලධාරී නලින් ජයවර්ධන මහතා මෙම උත්සව සභාව අමතා කථා කරන ලදී.

මෙම අවස්‌ථාවට එන්. ඩී. බී. බැංකුවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ප්‍රධාන කළමනාකරු ඉන්දික රණවීර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධන කළමනාකරුවන් වන ඉන්දික තෙන්නකෝන් සහ අජිත් බැමිණිවත්ත, අම්පාර ශාඛා කළමනාකරු සීවලී ඉලංගසිංහ යන මහත්වරුන්ද සහභාගි වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.