සංස්‌කරණය-ජගත් කණහැරආරච්චි


තිරසර කෘෂි ආර්ථිකයක්‌ සඳහා
දේශීය ආහාර භෝග නිෂ්පාදනය


මෙරට ජනතාවගේ පෝෂණීය අවශ්‍යතා සපුරාලීම සඳහා බලයට පත්වූ සෑම රජයක්‌ම අඩු වැඩි ලෙසින් දායකත්වය සැපයීම විද්‍යාමාන වූ ලක්‍ෂණයකි. එමෙන්ම ඒ උදෙසා ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබූ ජාතික ප්‍රතිපත්තියක්‌ද බිහි නොවීම සාධනීය ලක්‍ෂණයකිs. ඒ හේතුව නිසාම වෙනස්‌වන කාලගුණික තත්වයන් හමුවේ වැඩිවන ජනගහනයට ප්‍රමාණවත් ලෙසින් ආහාර නිෂ්පාදනය කෙරෙහි වර්තමාන ශ්‍රී ලංකාව මුහුණදී ඇති අස්‌ථාවරභාවය උදාවී ඇත. මෙම තත්වයට මුහුණදිය හැක්‌කේ මෙරටට යෝග්‍යවන ස්‌වදේශීය ආහාර බෝග නිෂ්පාදන ක්‍රියාවලියක්‌ දිගු= කාලීනව ක්‍රියාත්මක කිරීම තුළින් පමණි. ඒ උදෙසා ප්‍රජාවේ සෑම ජන කොටසක්‌ම සෑම මහජන නියෝජිතයකුම දේශීය ආහාර නිෂ්පාදනය සඳහා වූ වර්තමාන ප්‍රතිපත්තිමය ක්‍රියාදාමයට දායකවීමට කාලය දැන් පැමිණ ඇත.

විශේෂයෙන්ම වැවිලි බෝග සහිත ඉඩම් වෙනත් අවශ්‍යතාවලට අවිධිමත් ලෙස කැබලිකරණය කිරීම, මහාමාර්ග දෙපස වූ කුඹුරු ඉඩම් ගොඩකරමින් ව්‍යාපාරික ස්‌ථාන ඉදිකිරීම හා වන වගාවන් අශීලාචාර ලෙස සංහාරය කිරීම හේතුවෙන් බෝග වගාකළහැකි ප්‍රදේශයන්හි ජලමූලාශ්‍ර කෙරෙහි උදාකර ඇති අහිතකර තත්වයන් හමුවේ කෘෂිකර්මාන්තය හැකිලීයාම වළකාගැනීමට නොහැකි වී ඇති අතර තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තය උදෙසා දායක කරගැනීමට හැකි ආකර්ෂණීය ක්‍රමවේද ක්‍රියාත්මක නොවීමත් දේශීය ආහාර නිෂ්පාදනය කෙරෙහි අහිතකර ලෙස බලපැවැත්වේ. එසේ වුවද රටේ භෞතික සංවර්ධනයත් කාර්මීකරණයත් හමුවේ කෘෂිකර්මාන්ත ක්‍ෂේත්‍රයද විවිධ වෙනස්‌කම් වලට නතුවෙමින් යම්තරමකට හෝ නොනැසී පැවතීම අප ලැබූ භාග්‍යයකි.

තම තමන්ගේ හෘද සාක්‍ෂියට අනුව ස්‌වකීය ආහාර අවශ්‍යතාවයන් නිෂ්පාදනය සඳහා කොතරම් දුරට දායකත්වයක්‌ ලබාදිය හැකිද යන්න විමසා බැලීමට අන් කවරදාටත් වඩා දැන් ඔබට අවස්‌ථාව එළඹී ඇත. අද පවතින ආහාර ද්‍රව්‍ය හිඟය මෙන්ම ඉහළ මිල ගණන් හමුවේ මැසිවිලි නඟනවා වෙනුවට එකී ගැටලුව යම්තරමකට හෝ නිරාකරණය කර ගැනීමට තමාට කලහැක්‌කේ කුමක්‌ද යන්න විචාරශීලිව කල්පනා කළයුතු නොවේද?.

කරුණු කෙසේ වුවද පවුලක ආහාර හා පෝෂණ සුරක්‍ෂිතතාව සපුරා ගැනීමට හැකිවන ආකාරයේ සුළු පරිමාණයෙන් හෝ දේශීය ආහාර බෝග නිෂ්පාදනයට දායකවීම මගින්a දේශයේ සමස්‌ත ආහාර නිෂ්පාදනය ප්‍රවර්ධනය කරගැනීමට යම්තරමකට හෝ ඔබට දායකවිය හැක. මෙම අභියෝගයට මුහුණදිය හැක්‌කේ කෙසේද? ඉඩකඩ ඇති සෑම තැනකම කුමන හෝ බෝගයක්‌, මල් පැලයක්‌, විසිතුරු ශාකයක්‌ හෝ සිටුවීමට වඩා ක්‍රමවත් සැළැස්‌මක්‌ ඔස්‌සේ ආහාර බෝග වගාවන්හි නිරතවීම මේ උදෙසා වඩාත් ප්‍රතිඵලදායී වනු ඇත. අතීතයේදී ඕවිටක වගා කිරීම, ගෙමිදුලේ පිටුපස කොටසක වගා කිරීම වෙනුවට පසු කලෙක නිවෙස්‌ බිම් සංවර්ධනය යනුවෙන්ද විද්‍යාමාන වූ ගෙවතු වගාවට යළි පුනර්ජීවනයක්‌ ලබාදීම මේ සදහා වූ එක්‌ මගකි. බහුතරයක්‌ අත්හැර දැමූ ගෙවතු වගාව සීඝ්‍රයෙන් පැතිරයන උද්‍යාන අලංකරණය සමඟින් ගලපා ගැනීම තවත් මාර්ගයකි. ඒ අනුව ආහාර බෝග කිහිපයක්‌ හෝ එළවළු හා පලතුරු බෝග කිහිපයක්‌ ඇසුරෙන් උද්‍යාන අලංකරණය කිරීම ගෙවතු වගාවට නවමු අරුතක්‌ ගෙන දෙන වෑයමක්‌ වනු ඇත. යොදාගන්නා භෞතික සම්පත් හා ක්‍රමවේදය කුමක්‌ වුවද නාගරිකව වෙසෙන පෞද්ගලික නිවැසියන්හටද, නාගරික මහල් නිවැසියන්හට මෙන්ම අර්ධ නාගරික හා ගම්බද නිවැසියන්හටද නව තාක්‍ෂණික ක්‍රමෝපායයන් භාවිතාකරමින් ගෙවතු වගාව සඳහා යොමුවීම ඔස්‌සේ ගෙඋයන් සුන්දර වටපිටාවක්‌ බවට පහසුවෙන් පරිව_තනය කරගත හැකි වේ.

ඒ අනුව උද්‍යාන අලංකරණය සමඟින් ස්‌වකීය ප්‍රදේශයට වඩාත් උචිත එළවළු බෝග කිහිපයක්‌ තම නිවාසය වටා සිටුවා ගැනීමට ක්‍රියාකිරීමෙන් ගෙවතු වගාව සඳහා ප්‍රවිශ්ටවීමට නිරායාසයෙන්ම ඔබට හැකිවේ. මේ තුළින් දේශීය ආහාර නිෂ්පාදන පරිමාව ප්‍රමාණාත්මකව වර්ධනය කර දීSමේ ජාතික කර්තව්‍යයට ඔබට දායකවිය හැක. ඒ හේතුවෙන් ප්‍රාථමික වශයෙන් ගෘහ කුටුම්භයන්හි පුද්ගල හික්‌මීම, සෞඛ්‍යාරක්‍ෂක දේශීය ආහාර බෝග පරිභෝජන රටාවකට සහ පවුලේ සාමාජිකයින්ගේ මානසික තෘප්තියද යම් ප්‍රමාණයකට ඉහළ නංවාගත හැකිවේ. ප්‍රධාන වශයෙන් ගෘහාශ්‍රීතව යම් ප්‍රමාණයකින් හෝ ආහාර බෝග වගාකර ගැනීම තුළින් එහි නිරතවන ප්‍රජාවට ඉහළ මට්‌ටමේ තිරසාර අතිරේක ආදායම් මාර්ගයක්‌ වශයෙන් ද ගෙවතු වගාව උපකාරීකර ගත හැකි වේ.

මතු සම්බන්ධයි...

-----------------------------------------------

කාබනික ගොවිතැනට ඇති විවේචන

අධික කාර්යක්‌ෂමතාවයෙන් යුත් රසායනික කෘෂි කර්මාන්තය හා කාබනික ගොවිතැන සංසන්දනය කර ගැනීමේදී එල්ලවන එක්‌ ප්‍රධාන විවේචනයක්‌ නම් නිෂ්පාදනය අඩු බව ය. කාබනික ගොවිතැන හා පවතින විවේචන අතර ප්‍රධාන විවේචන දෙකක්‌ හඳුනාගෙන ඇත.

1. පළමු විවේචනය - කාබනික ගොවිතැනේ නිෂ්පාදනය අඩුය.

අධික කාර්යක්‌ෂමතාවයෙන් යුත් රසායනික කර්මාන්තය හා කාබනික ගොවිතැන සංසන්දනය කර ගැනීමේ දී එල්ලවන එක්‌ ප්‍රධාන විවේචනයක්‌ නම් නිෂ්පාදනය අඩු බව ය. දැනට රසායනික නිෂ්පාදකයන් විසින් ගොවීන් අතර පැළපදියම් කරන ලද මෙම මතය බොරුවක්‌ ලෙස ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් තොරතුරු ඇත. රසායනික ගොවිතැනේ වැඩි අස්‌වනු ලබන්නේ කොපමණ වියදම් දරා ද යන්න ඔවුන් සඟවයි. භූ කාලගුණික තත්ත්වයන් යටතේ කාබනික ගොවිතැනින් ඉතා ඉහළ අස්‌වනු ලබා ඇත. භූමි ඒකකයක්‌ සඳහා යොදවන ශක්‌ති ප්‍රමාණයේ වෙනස්‌කම් රසායනික ගොවිතැනට සංසන්දනය කරන විට අර්තාපල්, මිදි, පලතුරු සහ උද්‍යාන බෝග, විශේෂයෙන් ම හරිතාගාර තුළින් නිපැයෙන විට අස්‌වනු සහ ඒවාට ලැබෙන ආදායම් පැහැදිලිව ම වැඩි වී ඇත.

සත්ත්ව ගොවිපළෙහි අස්‌වනු ද බෝග සමඟ මිශ්‍ර කිරීම තුළින් වැඩි කරගත හැකි බව ද සනාථ වී ඇත. එමෙන් ම වල් පැළෑටි කෘමි සතුන් සහ රෝග පළිබෝධ පාලනය කාබනික වගාවේ දී සෑහෙන තරම් ජය ලබා ඇත. කාබනික ගොවි බිමක්‌ යනු පර්යේෂණාගාරයක්‌ වන අතර නව බෝග හඳුනාගත හැකි සුවිශේෂී පරිසර පද්ධතියකි.

මනා තාක්‌ෂණයෙන් කාබනික අස්‌වනු වැඩි කළ හැකි ය.

බොහෝ විද්‍යාඥයන් ප්‍රතිපත්තියක්‌ ලෙස කාබනික ගොවිතැනේ අස්‌වනු නිතර අඩු තක්‌සේරුවකට ලක්‌ කරයි. එයට හේතුව ලෙස දක්‌වන්නේ සීමිත අස්‌වනු තුළින් ලෝකයේ ආහාර ගැටලුවට විසඳුමක්‌ හමු නොවන බවයි. කාබනික ගොවිතැන යනු සීමිත අස්‌වනු ලබාදෙන ක්‍රියාවලියකි. එබැවින් එය ලෝකයේ ආහාර ඉල්ලුම සපුරාලීමට අසමත් වේය යන්න එහිදී මුල් තැනක්‌ ලැබෙන තර්කයකි. නමුත් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය හරහා කාබනික කර්මාන්තයේ නියුතු වූවන් එය මනා තත්ත්වයකින් යුතු ආහාර සැපයුම් ක්‍රියාවලියක්‌ බවට පෙන්වා දේ. (Badgle et al 2007) 293 ක්‌ වූ ගොවිපළවල අස්‌වනු දත්තයන් ආශ්‍රිතව සිදුකරන ලද ගණනය කිරීම් සාරාංශගත කරන පරිදි සංවර්ධිත රටවල අධික යෙදවුම් සහිත යාන්ත්‍රික කෘෂිකර්මයට වඩා කාබනික ගොවිතැන් හා සත්ත්ව පාලනයේ සාමාන්‍ය අස්‌වැන්න සියයට 92 ක්‌ යෑයි අනාවරණය විය.

කාබනික ගොවිතැනට අදාළව ආයතන දත්තවල හිඟයක්‌ පවතී. ඒ අනුව රසායනික කෘෂිකර්මාන්තයේ අස්‌වනු වැඩි බවට තක්‌සේරු කිරීමට හැකි වීම අරුමයක්‌ නොවේ. එක්‌ අතකට ගෝලීය රසායනික නිෂ්පාදන සමාගම් සහ ඒවා මඟින් පාලනය කරන කෘෂිකර්මාන්තයේ නියුතු බුද්ධිමතුන් රසායනික වෙළෙඳාම ජනප්‍රිය කරනු පිණිස යොදන උපායන් ලෙස ද එය හැඳින්විය හැකි ය. එබැවින් රසායනික ගොවිතැන පිළිබඳ දත්ත වර්ධනය හෝ නිවැරදි කිරීමට නම් මනා තාක්‌ෂණයකින් පරිවර්තනය කරනු පිණිස පර්යේෂණ වැඩි කළ යුතු ය.

ජල ආතතියෙන් යුත් බිම්වලට කාබනික ගොවිතැන ඉතා උචිත ගැලපුමකි. පැළෑටි වර්ධන කාලයේ දී ජල ආතතියට සතුටුදායක ලෙස මුහුණ දෙන තත්ත්වයන්ට පරිවර්තනය කළ හැකි අතර අස්‌වනුවල තත්ත්වය ද වැඩි කරගත හැකි ය. එමෙන්ම යෑපුම් කෘෂිකර්මය යටතේ සහ එය සමාන හෝ හඳුනාගත හැකි මට්‌ටමෙන් රසායනික ගොවිතැනට වඩා ඉහළ තත්ත්වයක පවතී. සංවර්ධනය වෙමින් පවතින රටවල කළ අධ්‍යයනයන් 133 ක සංසන්දනය කිරීම්වල දී කාබනික බෝග හා ගොවිපළ අස්‌වැන්න සතුන්ගේ අස්‌වැන්න රසායනික ගොවිතැනට වඩා සියයට 80 කින් ඉහළ බව ගණනය වී ඇත. බෝග පමණක්‌ සියයට 74 ක්‌ වැඩි වූ බව සනාථ වී ඇත. (Budgley et al 2007) කාබනික ගොවිතැනේ දී මනා අස්‌වනු උෂ්ණ දේශගුණික කලාපවල ගොවිබිම් වලින් අත්පත් කරදෙන බව සනාථ වී ඇත. බඩඉරිඟු හා සෝයා බෝංචි වගාවන් තුළින් එය සනාථ කිරීමට හැකි විය. (Hepperly et al 2005) කාබනික ගොවිතැනේ ගවේෂණ තුළින් උචිත තාක්‌ෂණයෙන් කාබනික පොහොර භාවිතයෙන් පාංශූ සාරවත්භාවය නිරතුරුව පවත්වාගෙන යා හැකි ය.

රනිල ශාක අන්තර් බෝග වගාවක්‌ ලෙස පවත්වා ගැනීම කාබනික පෙහොර නිෂ්පාදනය සහ සත්ත්aව පොහොර ප්‍රතිචක්‍රීකරණය සැලකිය යුතු මට්‌ටමකින් ගෝලීය ආහාර නිෂ්පාදනයට දායක වේ. නමුත් තවදුරටත් පොහොර ගබඩාකරණය සහ භාවිත කරන තාක්‌ෂණයේ වර්ධනයක්‌ අපේක්‌ෂා කෙරේ. කාබනික ගොවිපළ ක්‍රමය තුළින් නයිටි්‍රක්‌ ඔක්‌සයිඩ් සහ මීතේන් විමෝචනය ද අවම කළ හැකිය යන්න අමතක නොකළ යුතු ය.

2. දෙවැනි විවේචනය - පාංශු සම්පත් තුළින් නිකුත් කරන පෝෂක කොටස්‌ මත වැඩියෙන් යෑපීමට සිදුවීම.

කාබනික ගොවිතැනට තවත් එක්‌ විවේචනයක්‌ වන්නේ කාබනික ගොවිතැන ශාක කොටස්‌ සහ සත්ත්ව ගොවිපළ මඟින් නිකුත් කරන පෝෂක කොටස්‌ මත යෑපෙන බව යි. මෙම විවේචනය ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය තුළින් පස සහ පරිසරය යහපත් වේය යන සත්‍ය බැහැර කරයි. සැබවින් ම තිරසර කෘෂිකර්මාන්තයක දී පොහොර වනාහි වටිනාකමකින් යුත් සහ විභවාත්මකව ප්‍රයෝජනයට ගන්නා සම්පත් ය යන්න ද අවතක්‌සේරුවට ලක්‌ කරයි. වැඩිදුරටත් මෙය සතුන් කිහිප දෙනෙක්‌ සිටින ගොවිපළක ඊට සම්බන්ධිත ගැටලුවක්‌ ලෙස සැලකිය යුතු නොවේ. මෙය ඒ ඔස්‌සේ ගොවිපළ සංවර්ධන ක්‍රියාදාමයේ සැබෑ මාවත ලෙස සිතා බැලිය යුතුය. මීට අමතරව කාබනික ගොවිතැන සඳහා විශාල කාලයක්‌ අවශ්‍ය බවත් එය දැරීමට දුෂ්කර බවත් පැවසේ. එහෙත් නිසි ගොවිතැනක්‌ යනු නිසි ශ්‍රම ආයෝජන ප්‍රතිඵලයකි. නිසි අස්‌වනු නෙළන්නෝ වීරියවන්තයන් බවත් ඊට බිය වන්නෝ අලසයන් බවත් ඉතිහාසය පෙන්වා දී ඇත. කාබනික ගොවිතැන යනු වීරියවන්තයන්ගේ යහපත් ධනයයි.

කාබනික ගොවි පර්යේෂණ සඳහා ආධාර ඃ-

ගෙවුණු දශකයක්‌ තුළ ගෝලීය වශයෙන් ගත් කල රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පර්යේෂණ සඳහා අරමුදල් වෙන් කිරීමේ දී සියයට 99 ක්‌ ම වෙන්ව ඇත්තේ රසායනික යෙදූ ගොවිතැන් සහ ආහාර ක්‍රම සම්බන්ධයෙනි. කෘෂි පරිසර විද්‍යාත්මක සහ සත්ත්ව සුබ සාධක පර්යේෂණ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක්‌ වශයෙන් පුළුල් වර්ධනයක්‌ සහ විසඳුමක්‌ අපේක්‌ෂා කළ හැකිය. මේ නිසා පර්යේෂණ දියුණු කළ යුතු ය. ඊට අදාළ අරමුදල් වෙන් කළ යුතු ය. නවීන තාක්‌ෂණය අනුQව නිපදවන කාබනික දියර පොහොර වැනි නිෂ්පාදන කෙරෙහි අත දිය යුතු ය.

කාබනික කාෂිකර්මාන්තයේ විශේෂ ප්‍රතිලාභ

කෘෂිකර්මය කාබනික සහ රසායනික යන දෙයාකාරයෙන්ම ගත් විට දේශගුණික විපර්යාස අවම කිරීමට පිරිවැය ඵලදායිතාවන් තනා ගැනීමට දායකත්වයන් ලබාදීමේ හැකියාවකින් යුතු ය. (Smith et al 2007) දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය කමිටුව ඇස්‌තමේන්තු කරනුයේ කෘෂිකාර්මික හරිතාගාර වායු විමෝචනයේ විකල්පය පදනම් වන්නේ දේශගුණික අරමුණුවලට ළඟා වීමේ දී කෘෂිකාර්මික නොවන විකල්පයන් සමඟ පිරිවැය තරගකාරිත්වයකින් බවයි.

එසේ නමුදු කාබනික ගොවිතැන සෑම අතින්ම විශේෂ වාසිදායක තත්ත්වයක්‌ උසුලයි. යාන්ත්‍රික කෘෂිකර්මාන්තයේ කාර්යක්‌ෂම ක්‍රියාමාර්ගවලින් කාබන්ඩයොක්‌සයිඩ් වියෝජනය ඇතුළු පාරසරික වශයෙන් ඇතිවන අහිතකර ප්‍රතිඵල ජය ගැනීමට එය සුවිශේෂ විකල්ප මාර්ගයකි. දේශගුණික විපර්යාස අවම කිරීම හා ඊට හැඩ ගැසීමේ යථාර්ථයේ පටන් කාබනික ගොවිතැනේ ඇති සතුටුදායක ගුණාංග පිවිතුරු සංවර්ධන යාන්ත්‍රණයට මනා රුකුලකි. අනෙකුත් කෘෂිකාර්මික ක්‍රම හා සංසන්දනය කරන විට සහතිකකරණය මත පදනම් වූ කාබනික ගොවිතැන විසිතුරු සංවර්ධන යාන්ත්‍රණයේ අරමුණුවලට ළඟාවීමට හැකිවන පරිදි පහසුවෙන් පුළුල් කළ හැකි සහ නිශ්චිත වූ ක්‍රමවේදයන් ලෙස හඳුනාගත යුතු ය.

කාබනික ගොවිතැනේ විශේෂ ප්‍රතිලාභ

කාබනික නිෂ්පාදනවලට දේශගුණික විපර්යාස අවම කිරීමේ සහ අනුවර්තනය වීමේ ඉහළ ධාරිතාවක්‌ තිබේ. මූලික වශයෙන් පසේ කාබනික ද්‍රව්‍ය මිශ්‍ර කිරීමට දක්‌වන සැලකිල්ල සමඟ පාංශු සාරවත්භාවය සහ ජලය රඳවා ගැනීමේ ධාරිතාවය වැඩි කරයි. මධ්‍යම ප්‍රමාණයේ සිට අවම යෙදවුම් සහිත කෘෂි වන වගාව හා කාබනික ගොවිතැන සහිත ස්‌ථානවල අවම කිරීමේ (Mitigation) ධාරිතාව වැඩි වේ. පසෙහි ඉහළ කාබනික ද්‍රව්‍ය ඒවායේ ස්‌ථාවරභාවය වැඩිකර ගනී. එබැවින් දේශගුණික විපර්යාසවලට හැඩගැසෙන (Adaptation) පසුතලයන් නිර්මාණය වේ. සම්මත ගොවිපළ තුළ ඔරොත්තුදෙන බෝග සහ උචිත ජලසම්පාදන ක්‍රම තුළින් ආන්තික දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව වැඩි වේ. පසේ සාරවත්භාවය හා රෝග පළිබෝධ අඩුවීමෙන් බෝග අස්‌වනු (Production) ප්‍රමාණය වැඩි කරයි. කාබනික ගොවිතැන සාකල්‍ය (Holistic) බහුවිධ ඉලක්‌ක ප්‍රවේශය සමඟ වැඩි ප්‍රතිලාභ සමඟින් ජීවන රටාවේ වෙනස්‌කම් ද ඇතිකරනු ඇත. එහි ප්‍රතිලාභ දකුණේ රටවල ග්‍රාමීය ප්‍රජාවන්ගේ දිවි නැඟුමට ඉතා ඉහළින් සහාය වනු ඇත.

එය කෘෂිකර්මාන්තයේ ප්‍රතිලාභ සඳහා හේතුවන්නා සේම මූලික වශයෙන් කාබනික ගොවිතැනේ දී අඩු යෙදවුම් වලින් වැඩි ප්‍රතිලාභ ලබා ගැනීම හා කාබන්ඩයොක්‌සයිඩ් අඩු කිරීමේ ක්‍රියාවලියන් ලෙස ඉදිරි දේශගුණික ගිවිසුම්වලට පාදක කරගත හැකිය. විශේෂයෙන් ම පශ්චාත් 2012 කතිකාවන් ඒ තුළින් ඇරඹිය හැකියි. පවිත්‍ර සංවර්ධන යාන්ත්‍රණයෙන් කාබන් තිර කිරීම, බැහැර කිරීම ආදී අපේක්‌ෂාවන් ජය ගැනීමට පිටුබලයන් වෙයි. කාබනික ගොවිතැන මූලික වශයෙන් දේශගුණික ණය වලින් ප්‍රතිලාභ ගැනීමට හැකියාව ලබා දේ. පවිත්‍ර සංවර්ධනය සඳහා කෘෂිකර්මාන්තය ආදේශ කොට ජීව වායු නිෂ්පාදනයෙන් මීතේන් අඩු කළ හැකිය.

සම්පත් ආරියසේන මහතා විසින් රචිත - 'කාබනික ගොවිතැන' ග්‍රන්ථය ඇසුරිනි.

සරත් විජය ගුණවර්ධන

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.