ගමක්‌ සංවර්ධනය කිරීමේදී සුදුස්‌සාට සුදුසු තැන දිය යුතුයි
ඇමැති මහින්ද අමරවීර

හම්බන්තොට - නන්ද වික්‍රමගේ

පිරිසිදු දේශපාලනඥයකුට මහජන විශ්වාසය දිනා ගන්න, මහජනයාගේ ගෞරවය රැකෙන විදියට කටයුතු කරන්න වෙනවා. ලැබුණු තනතුරින් මිනිසුන්ට හිරිහැර කරන්න, බලපෑම් කරන්න බැරි බවත්, මහජන නියෝජිතයකු හැටියට ඡන්දය අරගෙන මිනිසුන්ට ගෙවල් හදලා දෙන්න, වැසිකිළි හදලා දෙන්න ඔවුන්ගේ ජීවනෝපාය දියුණු කරන්න උදවු ලබාදිය යුතු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ පළමු වරට ආරම්භ කරන ලද කලපුවත් සමඟ ගමත් සංවර්ධනය කිරීම වැඩසටහනේ සමාරම්භක උත්සවය නිමිත්තෙන් පල්ලෙමලල ප්‍රදේශයේදී පැවති උත්සවයකදීය.

කලපුවත් සමඟ ගමත් සංවර්ධනය සඳහා පල්ලෙමලල වසම පමණක්‌ තෝරා ගෙන තිබුණා. කොහොලන්ගල ප්‍රදේශයේ පිරිසකුත් ඇවිත් ඔවුනුත් ධීවර කර්මාන්තය කරන නිසා ඒ ගමත් සංවර්ධනය කරන්න කියලා ඉල්ලීමක්‌ කර තිබුණ නිසා ඒ ගමත් මෙම ව්‍යාපෘතියට ඇතුළත් කරන්න කියලා මම යෝජනා කළා.

මෙම වැඩසටහනට රු. කෝටි 3 1/2 ක්‌ මෙම වර්ෂය සඳහා වෙන්කර තිබෙනවා. 2018 වර්ෂයට රු. කෝටි 6 ක මුදලක්‌ වෙන්කර තිබෙනවා. මෙම මුදල් යොදවලා මෙම ගම්මාන සංවර්ධන වෙන කොට මෙම ගම්මානවල කිසිම අඩුපාඩුවක්‌ තියෙන්නෙ නැහැ. 2019 සිංහල අවුරුද්දට මෙම ගම්මානවලට මම එනකොට කිසිම අඩුපාඩුවක්‌ තිබෙන්න බැහැ.

ගමක්‌ සමඟ වැවක්‌ වැඩසටහන යටතේ ගමක්‌ සංවර්ධනය කිරීමේදී මුල්වරට මම කීව්වේ සුදුස්‌සාට සුදුසු තැන දෙන එක. ගමේ මූලික අවශ්‍යතාවයන් හඳුනා ගෙන ඒ සඳහා ප්‍රමුඛතාවය දිය යුතුයි. කෙනකුට ප්‍රමුඛතාවය දෙන විට ඔහු ගම වෙනුවෙන් දක්‌වන දායකත්වය හා උනන්දුව හඳුනා ගත යුතුයි. ගමක පන්සලක්‌ දියුණු කරන්න, පාසලක්‌ දියුණු කරන්න අපි එකතු වෙන්න ඕන. විහාරස්‌ථාන වල තිබෙන අඩුපාඩු හොයලා බලනවා වගේම මුස්‌ලිම් පල්ලිවලත් තිබෙන අඩුපාඩු හොයලා බලලා අවශ්‍ය දේ කරන්න ඕන.

ප්‍රාදේශීය ලේකම්තුමියට හැකියාවක්‌ තිබෙනවා එක්‌ එක්‌ ගම්මානවල කළ වැඩසටහන් හොයලා බලන්න. පාසල් යන දරුවන් වගේම නොයන දරුවන් ගැනත් හොයලා බලන්න ඕන. ධීවර කර්මාන්තයේ යෙදෙන අයට නොමිලේ දැල් ආම්පන්න සහ අනිකුත් දේවල් ලබා දෙනවා. ස්‌වයං රැකියා සඳහා ධීවර කර්මාන්තයේ යෙදෙන අයට රු. ලක්‌ෂ 2 1/2 ක්‌ සුළු පොලියකට දෙනවා. මුල්වරට ආරම්භ කරන ස්‌වයං රැකියාවකට රුපියල් 50000.00 කට පොලිය අය කරන්නේ නැහැ.

ගෙවතු වගා සංවර්ධන වැඩසටහන යටතේ ගෙවත්ත සංවර්ධනයට වස විසෙන් තොර පැළ ලබා දෙනවා. පොල් පැළ වගා කරන අයට පොල් පැළ ලබා දෙනවා. මේ ගම්මානවල මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ තලයකට ගේන්න ඕන. හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ වැසිකිළි නැති හැම නිවසකටම වැසිකිළි ආධාර දුන්නා. සමහරු සිමෙන්ති කොට්‌ට 2 විකුණා ගෙන තිබුණා. හැම ගමක්‌ම සාර්ථක වෙන්න නම් අධීක්‌ෂණ කටයුතු නිවැරදිව කරන්න ඕන. ගම සාර්ථක වෙන්න ආර්ථික සංවර්ධන නිලධාරි, ග්‍රාම සේවා නිලධාරි, ධීවර පරීක්‌ෂකවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහාය වෙලා එකතු වී වැඩ කරන්න ඕන.

මම ආපදා ඇමති වෙලා ඉද්දි ගමේ පාරවල් ටික ගමේ වැසිකිළි ටික හදලා දුන්නා. හොඳ ෙච්තනාවකින් කරන වැඩකදී එµa සී අයි ඩී එකට යන්න ඕන නැහැ. ධීවර ඇමති විදියට කැබිනට්‌ පත්‍රිකාවකින්, සුබවාදී විදියට අවශ්‍ය දේ ලබා දී තිබෙනවා.

ධීවර අමාත්‍යාංශය යටතේ කලපුවත් සමග ගමක්‌ වගේම, වැවත් සමඟ ගමක්‌ දියුණු කරන වැඩසටහන ජාතික වැඩසටහනකට අනුව කරනවා. මේ කටයුතුවලදි ධීවර ජනතාවගේ යෝජනා ලබා ගෙන අනාගතයට භාර ගන්න අපටත් ගැළපෙන විදියට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. දේශපාලන පක්‌ෂ භේදයකින් තොරව මෙම සියලු දේවල් කරනවා.

නියඟෙන් පීඩාවට පත් වුණ ජනතාවට හැම පවුලකටම රු. 10000.00 ක්‌ බැගින් ලබා දෙනවා. ජනාධිපතිතුමා ගොවි පවුලකින් පැවත එන පුතෙකු නිසා හැම ගොවියකුටම දෙන්න තීරණය කළා.

මෙම අවස්‌ථාවට සහභාගි වී සිටි හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් ඊ. කේ. ඒ. සුනීතා මහත්මිය සහ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලෙස්‌ලි ජයලත් මහතාද කතා කළහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.