නිජබිම් අයිතිය තහවුරු කරන්නට
මලබාර්වරු 'ලංකා දෙමළ' කිරීම

පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසි ආක්‍රමණිකයන් විසින් ලක්‌දිව උතුර හා නැඟෙනහිරට දුම්කොල වැවීමට වහලුන් ලෙසට ගෙන ආ දෙමළ මලබාර් ජනවර්ගය 1824 සංගණය අනුව 4.5% පමණකි. මේ මලබාර් දෙමළුන්ට මිෂනාරි කතෝලික පාසල් හරහා 1818 සිට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදී යාපනයේ මලබාර් නිලධාරීන් පෙලැන්තියක්‌ ලවා සමස්‌ථ ශ්‍රී ලංකාව පාලනය ඇරඹීය. මේ අනුව, ඔවුන් විසින් යාපනයට හා නැඟෙනහිරට ගෙන්වා පදිංචි කල "සියලුම මලබාර් දෙමළුන්ට" ශ්‍රී ලංකාවේ නිජබිම් අයිතිය තහවුරු කිරීම පිණිස ''ලංකා දෙමළ ලෙසට'' නීති ගත කලේ ක්‍රි.ව. 1881 ජනසංගණන වාර්තාව සකස්‌ කල දෙමළ මලබාර් වෙල්ලාහල කුල පොන්නම්බලම් අරුනාචලම් නම් වූ ප්‍රථම සිවිල් සේවකයා මගිනි. ක්‍රි.ව. 1881 පසුව ශ්‍රී ලංකාවේ මලබාර් වැසියන් ගැන සඳහන් නොකර ඒ අය ලංකා දෙමළ ලෙසට හැඳින්විය. එතෙක්‌ මේ අය මලබාර්වරුන් ලෙසට ජනගහන වාර්තාවල ක්‍රි.ව. 1881 තෙක්‌ සඳහන් විය.

ලෝකයේ වාසය කරන බලවත් සහ වැඩිම ජනගහනයක්‌ නියෝජනය කරන තම ස්‌වයං සංස්‌කෘතියන් හිමි සියලුම රටවල් තම දේශයේ සම්ප්‍රදානුකූලව පැවති රාජ්‍යත්වය, දේශයේ ආරක්‍ෂාව, භාෂාව හා ආගම ඇතුළු ජාතියේ අනන්‍යතාවය එදා සිට අද දක්‌වා අඛණ්‌ඩව ආරක්‍ෂා කරගෙන යති. මේ බලවත් ජාතීන් පසුගිය ශත වර්ෂ 5 කටත් අධික කාලයක්‌ ආක්‍රමණ තුළින් කුඩා රටවල ජාතීන් ආක්‍රමණය කර ඔවුන්ගේ රාජ්‍යත්වය, දේශයේ ආරක්‍ෂාව විනාශ කර දැමීය. ඊට පසුව එම කුඩා රටවල් වල ඉඩම් හා දේපළ, වස්‌තුව මංකොල්ල කා එම දේශයේම ජනතාව ලවා බලවත් ජාතීන්ට සේවය කළ හැකි වන පරිදි කීකරු වහල් සේවයක්‌ වැටුපකට ලබා ගැනීමේ ක්‍රියාවලියක්‌ ක්‍රියාත්මක කිරීම සඳහා දේශයේ භාවිතයේ පැවති ආර්ථික ක්‍රමවේද සහ භාෂාව ආදිය ඉවත් කර ඉංග්‍රීසි භාෂාවෙන් පමණක්‌ පරිපාලනය සකසන ලදී.

එම බලවත් ජාතීන් අතර ගැටුම් ඇති කරන බලවතුන් වන අරාබියේ මුස්‌ලිම් අධිරාජ්‍යයන් උතුරු ඉන්දියාව හා දකුණු ඉන්දියාව හරහා ආක්‍රමණය කර මංකොල්ල කා ඔවුන්ගේ ආගම පතුරවා පකිස්‌ථානය හා බංගලදේශය ලෙසට ඉන්දියාවද කැබලි කරන ලදී. ශ්‍රී ලංකාව ද ක්‍රි.ව. 1490 පටන් ආක්‍රමණය කර ඇති පරංගි, ලන්දේසි සහ ඉංග්‍රීසීන් නොයෙකුත් ජන වර්ගයන් පදිංචි කොට ෙෆඩරල් ක්‍රමයක්‌ හරහා රට බෙදන්නට තැත් කරයි. මුස්‌ලිම් ජනවර්ග පදිංචි ස්‌ථාන ලෙසට මුස්‌ලිම් නිජබිම් අයිතිය ලබා ගැනීමට හා මුස්‌ලිම් ආගම පැතිරවීමට රජයේ බලය හා පොදු ජනතාවගේ මුදල් යොදවති. 12% ඇති මුස්‌ලිම් සුළු ජනවර්ගය විසින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාදායක කොමිසම සභාවට යෝජනා කර ඇත්තේ මෙරට සිංහල ජාතියට හා බුද්ධ ශාසනයට හිමිකම් නොමැති බවත්, වහාම සිංහල ජාතිකත්වය හා බුද්ධ ශාසනයට ප්‍රමුඛස්‌ථානයක්‌ ඇති වීමේ වගන්ති ව්‍යවස්‌ථාවෙන් ඉවත් කළ යුතු බවත්ය. තවද ලෝකයේ සියලුම ජනවර්ගවලට හා ආගම්වලට නිජබිම් අයිතිය ඇත්තේ ශ්‍රී ලංකාව තුළ පමණක්‌ බවත්, සිංහල ජාතියට හා බුද්ධ ශාසනයට එවැනි නිජ බිම් අයිතියක්‌ නැති බවත් ඒ අනුව සිංහ කොඩිය ඉවත් කර බුදු සසුන රැකීමේ බලය ව්‍යවස්‌ථාවෙන් ඉවත් කර, ආගම් නොමැති රටක්‌ බවට පත් කළ යුතු යෑයි ද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කමිටුවට යෝජනා කර ඇත.

ශ්‍රී ලංකාවේ ජීවත්වන 74% වන ප්‍රධාන ඵෙතිහාසික සිංහල බෞද්ධ සංස්‌කෘතියක්‌ හිමි එකම ජාතිය විසින් කිසි විටෙකත් බලවත් රටවල් වූ සෞදි අරාබි රාජධානිය, ඕලන්ද /නෝර්වේ රාජධානිය හා බ්‍රිතාන්‍ය රාජධානියේ දැනට පවතින රාජ්‍යත්වය, භාෂාව, ධජය හා මුස්‌ලිම් ආගම, ක්‍රිස්‌තියානි ආගම එරට ව්‍යවස්‌ථාවෙන් ඉවත් කිරීමට කිසිවිටෙකත් යෝජනා කර නැත. එම රටවල් බහු ජාතික හෝ බහු ආගමික බවට හෝ අන්‍යාගමික බවට පත්කිරීමට සිංහල බෞද්ධයන් විසින් යෝජනා කර නැත.

යටත් විජිත යුගවලදී යාපනේ සිංහල ජනගහනය

ක්‍රි. ව. 1505 දී පෘතුගීසීන් විසින් ආක්‍රමණය කළ වත්මන් ශ්‍රී ලංකාව නම් එවකට "සිංහලේ නම්" සිංහල දීපයට පැමිණෙන විට 95% ම ලක්‌දිව වාසය කළේ සිංහලයන් පමණි. වෙළෙඳ සංක්‍රමණික හා ආක්‍රමණික වශයෙන් මුහුදුබඩ ප්‍රදේශවල පැලපදියම් වූ මුවර්, චීන හා මලබාර් ජන පිරිස්‌ ප්‍රමාණය 5% වඩා අඩු විය. එම 5% සුළු ජනවර්ගය විසින් සිංහල දීපයේ රාජ්‍ය පාලනය කිරීමට හැසිරවීමට බලයක්‌ හෝ යතුරක්‌ අතීතයේ දී නොතිබිණි. පෝල් ඊ. පීරිස්‌ කියන පරිදි යාපනයේ ක්‍රි.ව. 1505 දී සිටි සමස්‌ථ ජනගහනය 120,000 කි. සිංහල 66%- 79,200 ද, මුළු (සංක්‍රමණිකයන් ) 19%-22,800, මලබාර් වඩුක්‌කාර් යුධ සෙබළු 15%-18,000 ක්‌ද විය. දෙමළ මලබාර් වහලුන් එහි එවකට නොවීය.

ක්‍රි.ව. 1595 දී දෙමළ වඩුක්‌කර් හේවා (යුධ සෙබළු) ජනයා 20,000 පමණ වූ බවත් ස්‌ත්‍රීන් හා ළමයි සමඟ වඩුකර් සමස්‌ථ ජනගහනය 48,688 විය හැකි බව කිවුරෝස්‌ වෙලුම-1 (පිටුව 51) සඳහන් කර ඇත. මේ අනුව වඩුකර් 48,688 - 21% ද, මුවර් 54,644-24% ද, සිංහල ජනයා 127,517-55% වැඩිම ප්‍රමාණයක්‌ යාපනේ සිටි බවත් සමස්‌ථ ජනගහනය යාපනය ප්‍රදේශයෙන් (දිස්‌ත්‍රික්‌කයෙන්) 231,850 වූ බව පර්යේෂණවලින් තහවුරු වේ. මෙසේ ක්‍රමයෙන් පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි පාලන යුග වලදී සිංහල ජනගහනය අඩු වූ අයුරු දැක්‌වෙන ප්‍රස්‌ථාරයකින් දැක්‌විය හැකිය.

පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසි ආක්‍රමණිකයන් විසින් ලක්‌දිව උතුර හා නැඟෙනහිරට දුම්කොල වැවීමට වහලුන් ලෙසට ගෙන ආ දෙමළ මලබාර් ජනවර්ගය 1824 සංගණය අනුව 4.5% පමණකි. මේ මලබාර් දෙමලුන්ට මිෂනාරි කතෝලික පාසල් හරහා 1818 සිට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදී යාපනයේ මලබාර් නිලධාරීන් පෙලැන්තියක්‌ ලවා සමස්‌ථ ශ්‍රී ලංකාව පාලනය ඇරඹීය. මේ අනුව, ඔවුන් විසින් යාපනයට හා නැඟෙනහිරට ගෙන්වා පදිංචි කල "සියලුම මලබාර් දෙමළුන්ට" ශ්‍රී ලංකාවේ නිජබිම් අයිතිය තහවුරු කිරීම පිණිස ''ලංකා දෙමළ ලෙසට'' නීති ගත කලේ ක්‍රි.ව. 1881 ජනසංගණන වාර්තාව සකස්‌ කල දෙමළ මලබාර් වෙල්ලාහල කුල පොන්නම්බලම් අරුනාචලම් නම් වූ ප්‍රථම සිවිල් සේවකයා මගිනි. ක්‍රි.ව. 1881 පසුව ශ්‍රී ලංකාවේ මලබාර් වැසියන් ගැන සඳහන් නොකර ඒ අය ලංකා දෙමළ ලෙසට හැඳින්විය. එතෙක්‌ මේ අය මලබාර්වරුන් ලෙසට ජනගහන වාර්තාවල ක්‍රි.ව. 1881 තෙක්‌ සඳහන් විය.

බ්‍රිතාන්‍යයන් යටතේ සුවච කීකරු වහල් සේවයක්‌ කිරීමට සිංහලයන් අකමැති වීම පාදක කරගෙන මලබාර් දෙමළුන්aගේ නිලධාරී පැලැන්තියට ශ්‍රී ලංකාවේ පොදු ප්‍රජාව තුළ බ්‍රිතාන්‍යයන් යටතේ ඇති නිලතල වැඩි ප්‍රමාණයක්‌ ලබා ගැනීමට හැකිවිය. මේ අනුව දෙමළ මලබාර් සිවිල් සේවකයන් වන මිනින්දෝරුවන් විසින් ලංකාවේ උතුරු නැඟෙනහිර පළාතේ පැවති සිංහල ග්‍රාම නාම දෙමළ භාෂාවෙන් ක්‍රි.ව. 1800 පසුව මැනුම් සිතියමට ඇතුළත් කරන ලදී. දෙමළ නීතිඥයන් ඇතුළු මලබාර් ලංකා දෙමළුන් විසින් එම නිලතල හොබවන ලදී. රාජ්‍ය මන්ත්‍රණ සභාවේද බ්‍රිතාන්‍යයන් විසින් නම් කරන ලද දෙමළ මන්ත්‍රීන් 50% වඩා වැඩිවිය. සර්වජන ඡන්ද බලය ලැබීමෙන් පසුව ප්‍රායෝගිකව සිදු වූයේ 74% වන සිංහලයන්ගේ ජනගහන අනුපාතය අනුව ප්‍රායෝගිකව තේරී පත් වූ සිංහල මන්ත්‍රී සංඛ්‍යාව 50% වඩා අභිබවා යැම වැලැක්‌වීමට 50%- 50% සිංහල ද්‍රවිඩ මන්ත්‍රීන් පත් කිරීමට ඉල්ලීමයි.මෙම ඉල්ලීම කරමින් ඊළාම් අභිලාශය ජය ගැනීමට ජී. ජී. පොන්නම්බලම් ගේ මතවාදී සටන ඇරඹුණි.

යාපනේ ද්‍රවිඩ රාජ්‍යක්‌ ලෙසට කිසිදු ඉතිහාසාත්මක ඵෙතිහාසික සාධක නොමැති වුවත් මහාචාර්ය කිංස්‌ලි මුතුමුනි ද සිල්වා නම් හලාගම කුලයේ අයකු ලවා නෝර්වේ මුදල් හා ගරු බුහුමන් සම්මාන ඔහුට ලබා දී යාපනේ ද්‍රවිඩ රාජ්‍යයක්‌ ගැන අසත්‍ය පොත් සිංහල ජාතිය හා බෞද්ධයන් පාවා දෙමින් ලියවන ලදී. ඔහු මිය ගියත් නෝර්වේ ආචාර්ය උපාධිය හා කොටි මුදල් මත අදටත් යෑපෙන ඕලන්ද/නෝර්වේ රට විසින් සිංහල දීපය මංකොල්ල කෑ අතීතයේ සිදු කළ අපරාධවල දුඟද සෝදමින් සුපුරුදු පරිදි මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් පුවත්පත්වලට ඔහුගේ ස්‌වයං මනක්‌කල්පිත කතා ලෙසට ඉතිහාස සාධක නොමැතිව ලියා ඇත. එනම් විජය රජු, බුදුන්වහන්සේ, දුටුගැමුණු චරිත කතා අසත්‍ය මිත්‍යාවන් බවත්, උතුරු නැඟෙනහිර ද්‍රවිඩයන්ට හිමි නිජබිමක්‌ ඇතැයි මහාචාර්ය දේවසිරි විසින් සාධක සහිතව ඔප්පු කරන බවද දිනමිණ පුවත්පතට ලියා ඇත. නිර්මාල් දේවසිරි කොටි මුදල් මතම යෑපෙන නෝර්වේ/ ඕලන්ද බොරු මහාචාර්ය පට්‌ටමක්‌ ඇති ෙෆඩරල්වාදියෙකි. ශ්‍රී ලංකාව තුළ දෙමළ නිජබිමක්‌ තිබෙන බවට හා උතුරු නැඟෙනහිර ද්‍රවිඩයන්ට ඊළම සඳහා ඉතිහාස පදනමක්‌ ඇතැයි ඉදිරිපත් කළේ ඉහත මහාචාර්යවරුන් දෙපළයි. මේ බව ආර්. සම්බන්ධන් මහතා 2016-මැයි-08 සිළුමිණ පත්‍රයේ සඳහන් කර ඇත. කේ. එම්. ද සිල්වා මහතාගේ පොතෙන් ඒ බව ඔප්පු කර ඇති බව සම්බන්ධන් කියයි. නමුත් සත්‍යය එය නොවේ. සිංහලයන්ගේ උරුමයට ව්‍යාජව රිංගාගත් වෙල්ලාහලයන්ගේ ද්‍රවිඩ ඉතිහාසය මෙසේය.

මලබාර් වල්ලාහල / වෙල්ලාහල ද්‍රවිඩ වහල් ජනයාගේ ඉතිහාසය

ඕලන්ද යුගයේ ක්‍රි.ව. 1658 සිට 1663 දක්‌වා වහලුන් විශාල සංඛ්‍යාවක්‌ ඕලන්ද පාලකයන්ගේ සේවාවන් සඳහා මලබාර් වෙරළින් ලංකාවේ මුහුදුබඩට ගෙන ආහ. ක්‍රි. ව. 1663 පසුව මලබාර් කොචින්වලින් 50-10 සහ 80-120 පහලුන් ප්‍රමාණයක්‌ වර්ෂයකට ලංකාවට ගෙන ආහ. මේ ගැන Damon Slave in History ග්‍රන්ථයේ මෙසේ සඳහන් විය. මේ මලබාර් වහලුන් ක්‍රි.ව. 1800 පමණ ගෙලට වලල්ලක්‌ යොදා බර යකඩ දම්වැල්වලින් ගැටගසා ගෙන්වන ලදී. එම වලල්ල ඉවත් (හල) කිරීමෙන් පසු වල්ලාහල නම් වූ පිරිසක්‌ ලෙසට ඔවුන් කුලයක්‌ වශයෙන් ව_ග කරන ලදී.

[http//historicalleys. blogspot.com/2008/10/damon_malabar_slave.html.]

1881 න් පසුව මලබාර් දෙමළුන් "ලංකා දෙමළ ලෙසට" නම් කළේ බ්‍රිතාන්‍යයන් යටතේ සිටි පොන්නම්බලම් විසිනි. ක්‍රි.ව. 1881, 1891, 1901 ජනගහන සංඛ්‍යාලේඛන වාර්තාවල "ලංකා දෙමළ ලෙසට" මෙම "මලබාර් දෙමළ වැසියන්" නම් කර නැත.

පෘතුග්‍රීසීන්ගෙන් ඕලන්දයට හුවමාරු වූ ද්‍රවිඩ මලබාර් වහල් වෙළඳාම

ක්‍රි.ව. 1661 ඕලන්දයන් තම කොම්පැනිවල වැඩ කිරීමට 10,000 ද්‍රවිඩ වහලුන් කොළඹ හා ගාල්ලට ගෙන්වන ලදී. ක්‍රි.ව. 1678 වන විටත් යාපන අර්ධ ද්වීපයේ සිටි සිංහල ජනයා 30% (50,789) ගෙන් වැඩි ප්‍රමාණයක්‌ ඉවත් වී සිටියා. සිංහල ආරිය අට්‌ට බ්‍රහ්මණ පරපුරේ අරිට්‌ට කයිලෙය වන්නියා තම පාලනයේ පැවති වඩමාරට්‌ටි ප්‍රදේශය අතහැර නුවරකලාවියට පැමිණ යාපනය නැවත ලබා ගැනීම සඳහා ආයුධ සාදන ලදී. යාපනයෙන් ආ සිංහල වංශවත් බ්‍රහ්මණ හා වෙල්ලාල මිශ්‍ර මඩාප්පුලිවරු සමග ලී අට්‌ටාල ගසා ඒ මත පදිංචි වූ තැන මඩා අට්‌ටු ගම මඩාටුගම විය. කයිලෙය වන්නියා විසින් සශ්‍රීක කල ප්‍රදේශය කයිලෙය පත්තුව ලෙසට නම් විය. යාපනයෙන් ගෙන ආ ස්‌කන්ධ (මුරුගන්) පිළිම වඩමවු තැන (කන්ද) මුරුගන් හිටි දේවාලය නොහොත් මුරුගා හිටි කන්ද ලෙසට අදටත් සඳහන් වේ. නාගදේවාලයක්‌ ද මේ ගමේ තවම ඇත. ක්‍රි.ව. 1678 සිංහල වන්නිවරු සමග එකතු වී උඩරට රජුගේ (ෂෂ රාජසිංහ) උදව් සේනා ඇතිව යාපනේ රාජ්‍යය උරුමය ඇති ශ්‍රී මහා බෝධිය ලංකාවට ගෙන ආ රාජවංශිකයන් 8 දෙනාගෙන් පැවත ආ ආරිය චන්ද්‍රවංශික වරරාම කුමාරයාට යාපාපටුනේ වඩමාරට්‌ටි, තෙත්මාරට්‌ටි, වල්ලිකාමන් නම් ත්‍රීනම් ත්‍රී භූමිය (ත්‍රී භූල්) මෞර්ය වංශික ධර්මාශෝක අධිරාජ්‍යයාගේ නියමයෙන් දේවානම්පියතිස්‌ස රජු විසින් (බුද්ධ රාජාවලිය) ලබාදුන් ත්‍රිබුල් බණ්‌ඩාර පෙලපතින් පැවති වීදිය බණ්‌ඩාරගේ 3 පරපුරේ මුනුබුරු වූ තුඩුගල මද්දුම රාළ සහ යාපනේ රජවූ ගංගා බ්‍රහ්මණ පරපුරේ පරනෘපසිංහ රජුගේ 6 පරපුරේ කයිසියනාර් සහ ඔහුගේ ඇවැස්‌ස මාමාවූ කයිලෙය වන්නියා සමඟ එකතු වී යාපනේ රාජ්‍ය නැවත අත්පත් කර ගැනීමට කැරැල්ලක්‌ දියත් කළහ.

මතු සම්බන්ධයි
ටික්‌කම මහින්ද කුමාර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.